සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.7. සමණබ්‍රාහ්මණ සුත්තං

2.3.7. ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේ වේදනා තුනක් තියෙනවා. කවර වේදනා තුනක්ද? සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාව යි. පින්වත් මහණෙනි, යම් කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා මේ වේදනාවන් තුනේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ගැන ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරලා නැත්තම් ….(පෙ)…. අවබෝධ කරලා නම් ….(පෙ)…. ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M