පින්වත් මහණෙනි, තණ්හාව රෝගයක්, තණ්හාව සැරව ගලන ගෙඩියක්, තණ්හාව හුලක්. ඒ නිසා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තණ්හාවක් නැතුව හුල් රහිතවයි ඉන්නේ. ඒ නිසා පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවත් තණ්හාවක් නැතුව හුල් රහිතව ඉන්ට කැමති වෙනවා නම්, ඇස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇස තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූපවලින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ.
කන මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. කන තුළ මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. නාසය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ නාසය තුළ මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නෑ. ….(පෙ)…. දිව මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිව තුළ මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිව මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. දිවේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. දිවේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ.
කය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. මනස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනස තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. අරමුණු මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. මනෝ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. මනසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. සියල්ල මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. සියල්ල තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. සියල්ලෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. සියල්ල මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ.
ඔහු ඔය ආකාරයෙන් මමත්වයෙන් නොසිතන විට, ලෝකයෙහි කිසිවකට බැඳෙන්නේ නෑ. නොබැඳෙන විට තැති ගැනීමක් ඇති වන්නේ නෑ. තැතිගැනීම් රහිත වන විට තමා තුළ ම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඔසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
ඒජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M