☰
පින්වත් මහණෙනි, අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් රූප අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත්, මනසට අරමුණු වන දේ අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-52/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M