සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.40 – 42. අතීත යං දුක්ඛ, අනාගත යං දුක්ඛ, පච්චුප්පන්න යං දුක්ඛ සූත්‍ර

1.17.40 – 42. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් යමක් ඇද්ද, එය දුක් බව වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් ඇස දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත්, මනස දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-40/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M