☰
පින්වත් මහණෙනි, අනාගතයේ හට ගන්නා ඇස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. කන අනිත්‍යයි ….(පෙ)…. නාසය අනිත්‍යයි ….(පෙ)…. දිව අනිත්‍යයි ….(පෙ)…. කය අනිත්‍යයි ….(පෙ)…. අනාගතයේ හට ගන්නා මනස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය ‘මේක මගේ නොවේ, මේක මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ කියා ඔය අයුරින් දියුණු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන්ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අනාගතයදනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-38/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M