සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.15.3. දුතිය සප්පාය සුත්තං

1.15.3. උපකාරී වන දේ ගැන වදාළ දෙවෙනි දෙසුම

පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව මා ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු කුමක්ද?

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇස දුක් වශයෙනුයි දකින්නේ. රූප දුක් වශයෙනුයි දකින්නේ. ඇසේ විඤ්ඤාණය දුක් වශයෙනුයි දකින්නේ. ඇසේ ස්පර්ශය දුක් වශයෙනුයි දකින්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුක් වශයෙනුයි දකින්නේ.

කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව දුක් වශයෙනුයි දකින්නේ. රස දුක් වශයෙනුයි දකින්නේ. දිවේ විඤ්ඤාණය දුක් වශයෙනුයි දකින්නේ. දිවේ ස්පර්ශය දුක් වශයෙනුයි දකින්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුක් වශයෙනුයි දකින්නේ.

කය ….(පෙ)…. මනස දුක් වශයෙනුයි දකින්නේ. මනසට අරමුණු වන දේ දුක් වශයෙනුයි දකින්නේ. මනසේ විඤ්ඤාණය දුක් වශයෙනුයි දකින්නේ. මනසේ ස්පර්ශය දුක් වශයෙනුයි දකින්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් දුක් වශයෙනුයි දකින්නේ. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සප්පාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M