306. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම …. (පෙ) …. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම …. (පෙ) …. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම …. (පෙ) …. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම …. (පෙ) …. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනී නම්, ශ්‍රද්ධාවෙහි බැසගනී නම්, මොහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.
පින්වත් මහණෙනි, යමෙකුට මේ ධර්මයන් ඔය ආකාරයෙන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් තිබෙනවා නම්, මොහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, ඔය ආකාරයෙන් දකිනවා නම්, මොහුට කියන්නේ සෝවාන් කෙනා කියලයි. අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන් ම ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.
සාදු! සාදු!! සාදු!!!
වේදනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M