සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

4.1.2. රූප සුත්තං

4.1.2. රූප ගැන වදාළ දෙසුම

303. සාවත්ථියං….

303. සැවැත් නුවර දී …………………

රූපා භික්ඛවේ, අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ. සද්‌දා අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ. ගන්‌ධා අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ . රසා අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ. ඵොට්‌ඨබ්‌බා අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ. ධම්‌මා අනිච්‌චා විපරිණාමිනෝ අඤ්‌ඤථාභාවීනෝ.

පින්වත් මහණෙනි, රූප යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. ශබ්ද යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. ගඳ සුවඳ යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. රස යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. පහස යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිතෙන අරමුණු යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.

යෝ භික්ඛවේ, ඉමේ ධම්‌මේ ඒවං සද්‌දහති අධිමුච්‌චති, අයං වුච්‌චති සද්‌ධානුසාරී, ඔක්‌කන්‌තෝ සම්‌මත්‌තනියාමං, සප්‌පුරිසභූමිං ඔක්‌කන්‌තෝ, වීතිවත්‌තෝ පුථුජ්‌ජනභූමිං. අභබ්බෝ තං කම්‌මං කාතුං, යං කම්‌මං කත්‌වා නිරයං වා තිරච්‌ඡානයෝනිං වා පෙත්‌තිවිසයං වා උපපජ්‌ජෙය්‍ය. අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්‌තිඵලං සච්‌ඡිකරෝති.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනී නම්, ශ්‍රද්ධාවෙහි බැසගනී නම්, මොහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.

යස්‌ස ඛෝ භික්ඛවේ, ඉමේ ධම්‌මා ඒවං පඤ්‌ඤාය මත්‌තසෝ නිජ්‌ඣානං ඛමන්‌ති, අයං වුච්‌චති ධම්‌මානුසාරී, ඔක්‌කන්‌තෝ සම්‌මත්‌තනියාමං, සප්‌පුරිසභූමිං ඔක්‌කන්‌තෝ, වීතිවත්‌තෝ පුථුජ්‌ජනභූමිං. අභබ්බෝ තං කම්‌මං කාතුං, යං කම්‌මං කත්‌වා නිරයං වා තිරච්‌ඡානයෝනිං වා පෙත්‌තිවිසයං වා උපපජ්‌ජෙය්‍ය. අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්‌තිඵලං සච්‌ඡිකරෝති.

පින්වත් මහණෙනි, යමෙකුට මේ ධර්මයන් ඔය ආකාරයෙන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් තිබෙනවා නම්, මොහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්ට පුළුවන්කමකුත් නෑ.

යෝ භික්ඛවේ, ඉමේ ධම්‌මේ ඒවං ජානාති ඒවං පස්‌සති, අයං වුච්‌චති සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්‌බෝධිපරායනෝති.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, ඔය ආකාරයෙන් දකිනවා නම්, මොහුට කියන්නේ සෝවාන් කෙනා කියලයි. අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන් ම ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.

සාදු! සාදු!! සාදු!!!

රූප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M