සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.4.1. – 2.4.12. උපනිසින්නවග්ගෝ

2.4.1. – 2.4.12. උපනිසින්න වර්ගය

2.4.1. මාර සූත්‍රය

මාරයා ගැන වදාළ දෙසුම

194. සාවත්ථියං….

194. සැවැත් නුවර දී …………………

අථ ඛෝ ආයස්මා රාධෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං රාධං භගවා ඒතදවෝච. යෝ ඛෝ රාධ, මාරෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කෝ ච රාධ, මාරෝ?

එදා ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, මාරයා යනු යමෙක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයා යනු කවුද?

රූපං ඛෝ රාධ, මාරෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං මාරෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ ඛෝ රාධ, මාරෝ තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

පින්වත් රාධ, මාරයා යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. මාරයා යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයා යනු යමෙක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

මාර සූත්‍රය නිමා විය.

2.4.2. මාරධම්ම සූත්‍රය

මාරයාට අයත් දෙය ගැන වදාළ දෙසුම

195. සාවත්ථියං….

195. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්‌මන්තං රාධං භගවා ඒතදවෝච. යෝ ඛෝ රාධ, මාරධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. කෝ ච රාධ, මාරධම්මෝ?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු කුමක්ද?

රූපං ඛෝ, රාධ, මාරධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං මාරධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ ඛෝ රාධ, මාරධම්මෝ, තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. මාරයාට අයත් දෙය යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, මාරයාට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

මාරධම්ම සූත්‍රය නිමා විය.

2.4.3. අනිච්ච සූත්‍රය

අනිත්‍යය ගැන වදාළ දෙසුම

196. සාවත්ථියං….

196. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්‌මන්තං රාධං භගවා ඒතදවෝච. යං ඛෝ රාධ, අනිච්චං. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, අනිත්‍ය වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

අනිච්ච සූත්‍රය නිමා විය.

2.4.4. අනිච්චධම්ම සූත්‍රය

අනිත්‍යය ස්වභාවයට අයත් දේ ගැන වදාළ දෙසුම

197. සාවත්ථියං….

197. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, අනිච්චධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, අනිත්‍ය ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

අනිච්චධම්ම සූත්‍රය නිමා විය.

2.4.5. දුක්ඛ සූත්‍රය

දුක ගැන වදාළ දෙසුම

198. සාවත්ථියං….

198. සැවැත් නුවර දී …………………

යං ඛෝ රාධ, දුක්ඛං ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, දුක් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

2.4.6. දුක්ඛධම්ම සූත්‍රය

දුකට අයත් දේ ගැන වදාළ දෙසුම

199. සාවත්ථියං….

199. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, දුක්ඛධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, දුක් ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛධම්ම සූත්‍රය නිමා විය.

2.4.7. අනත්ත සූත්‍රය

අනාත්මය ගැන වදාළ දෙසුම

200. සාවත්ථියං….

200. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, අනත්තා. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, අනාත්ම වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

අනත්ත සූත්‍රය නිමා විය.

2.4.8. අනත්තධම්ම සූත්‍රය

අනාත්මයට අයත් දේ ගැන වදාළ දෙසුම

201. සාවත්ථියං….

201. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, අනත්තධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, අනාත්ම ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

අනත්තධම්ම සූත්‍රය නිමා විය.

2.4.9. ඛයධම්ම සූත්‍රය

ගෙවී යන ස්වභාවයට අයත් දේ ගැන වදාළ දෙසුම

202. සාවත්ථියං….

202. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, ඛයධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, ගෙවී යන ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

ඛයධම්ම සූත්‍රය නිමා විය.

2.4.10. වයධම්ම සූත්‍රය

නැසී යන ස්වභාවයට අයත් දේ ගැන වදාළ දෙසුම

203. සාවත්ථියං….

203. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, වයධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, නැසී යන ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

වයධම්ම සූත්‍රය නිමා විය.

2.4.11. සමුදයධම්ම සූත්‍රය

හටගන්නා ස්වභාවයට අයත් දේ ගැන වදාළ දෙසුම

204. සාවත්ථියං….

204. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, සමුදයධම්මෝ. ….(පෙ)…. ඡන්‌දරාගෝ පහාතබ්බෝ’ති.

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. පින්වත් රාධ, හටගන්නා ස්වභාවයට අයත් වූ යමක් ඇද්ද, ඒ කෙරෙහි …. (පෙ) …. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

සමුදයධම්ම සූත්‍රය නිමා විය.

2.4.12. නිරෝධධම්ම සූත්‍රය

නිරුද්ධවන ස්වභාවයට අයත් දේ ගැන වදාළ දෙසුම

205. සාවත්ථියං….

205. සැවැත් නුවර දී …………………

යෝ ඛෝ රාධ, නිරෝධධම්මෝ, තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ.

කෝ ච රාධ, නිරෝධධම්‌මෝ? රූපං ඛෝ රාධ, නිරෝධධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිරෝධධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝ. යෝ ඛෝ රාධ, නිරෝධධම්මෝ. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ, රාගෝ පහාතබ්බෝ, ඡන්‌දරාගෝ පහාතබ්බෝති.

පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු කුමක්ද?

පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, නිරුද්ධ වන ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

නිරෝධධම්ම සූත්‍රය නිමා විය.

උපනිසින්‌නවග්ගෝ චතුත්‌ථෝ.

හතරවෙනි උපනිසින්න වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං –

එහි පිළිවෙල උද්දානයයි :

මාරෝ ච මාරධම්මෝ ච, අනිච්චේන පරේ දුවේ.
දුක්ඛේන ච දුවේ වුත්‌තා, අනත්‌තේන තථේවච.
ඛයවයසමුදයධම්මා, නිරෝධධම්‌මේන ද්‌වාදසාති.

මාර සූත්‍රය, මාරධම්ම සූත්‍රය, අනිච්ච සුත්‍ර දෙක, දුක්ඛ සූත්‍ර දෙක, එමෙන් ම අනත්ත සූත්‍ර දෙක, ඛයධම්ම සූත්‍රය, වයධම්ම සූත්‍රය, සමුදයධම්ම සුත්‍රය, නිරෝධධම්ම සූත්‍රය, යන දෙසුම් දොළොසකින් මේ වර්ගය සමන්විත වේ.

(ඒවං මාරසුත්තානි විත්ථාරේතබ්බානි, ඒවං නිරෝධධම්මේන ඡත්තිංසවෙය්‍යාකරණානි විත්ථාරේතබ්බානි. ඒවං රාධ සංයුත්තේ පිණ්ඩිතේ චතුනවුති වෙය්‍යාකරණානි හොන්ති.)

(ඔය අයුරින් මාර සූත්‍ර විස්තර කළ යුතුය. එසේම නිරෝධධම්ම සූත්‍රයෙන් සූත්‍ර තිස් හයක් විස්තර කළ යුතුය. එසේම රාධ සංයුත්තය පිඬු කළ විට සූත්‍ර අනූහතරක් ලැබෙයි.)

රාධසංයුත්‌තං නිට්ඨිතං.

රාධ සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M