192. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, …. (පෙ) …. කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරනවා නම් එබඳු වූ ධර්මයක් මා හට සංක්ෂේපයෙන් වදාරණ සේක්වා!”
පින්වත් රාධ, හටගන්නා ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, හටගන්නා ස්වභාවයට අයත් දෙය යනු කුමක්ද?
පින්වත් රාධ, හට ගන්නා ස්වභාවයට අයත් දෙය යනු රූපයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. හටගන්නා ස්වභාවයට අයත් දෙය යනු විඤ්ඤාණයයි. ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි. පින්වත් රාධ, හටගන්නා ස්වභාවයට අයත් දෙය යනු යමක්ද, ඒ කෙරෙහි ඔබ තුළ පවතින කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරු කළ යුතුයි. ඡන්දරාගය දුරු කළ යුතුයි.”
සාදු! සාදු!! සාදු!!!
සමුදයධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M