සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.5.4. නෝ ච මේ සියා සුත්තං

1.3.5.4. ‘මට නොවන්නේ ය’ යන කරුණ ගැන වදාළ දෙසුම

153. සාවත්ථියං….

153. සැවැත් නුවර දී ……………………

කිස්‌මිං නු ඛෝ භික්ඛවේ, සති කිං උපාදාය කිං අභිනිවිස්‌ස ඒවං දිට්‌ඨි උප්‌පජ්‌ජති. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සාමි, න මේ භවිස්‌සතීති?

“පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද, කුමකට බැසගෙනද, ‘මං සිටියේ නැත්නම්, මට මේ ජීවිතය නොවන්නේ ය, මං අනාගතයේ නැත්නම්, අනාගතයේත් මං මෙවැනි ජීවිතයක් නොවන්නේ ය’ යන ඔය වැරදි දැක්ම ඇතිවන්නේ?”

භගවංමූලකා නෝ භන්තේ, ධම්‌මා ….(පෙ)….

“ස්වාමීනි, අපගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇති සේක …. (පෙ) ….”

රූපේ ඛෝ භික්ඛවේ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්‌ස ඒවං දිට්‌ඨි උප්‌පජ්‌ජති. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සාමි, න මේ භවිස්‌සතීති. වේදනාය සති ….(පෙ)…. සඤ්‌ඤාය සති ….(පෙ)…. සංඛාරේසු සති ….(පෙ)…. විඤ්ඤාණේ සති විඤ්‌ඤාණං උපාදාය විඤ්‌ඤාණං අභිනිවිස්‌ස ඒවං දිට්‌ඨි උප්‌පජ්‌ජති. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සාමි, න මේ භවිස්‌සතීති.

පින්වත් මහණෙනි, රූපයක් තිබුණොත් තමයි, රූපය උපකාරයෙන් ම තමයි, රූපයෙහි බැසගෙන තමයි ‘මං සිටියේ නැත්නම්, මට මේ ජීවිතය නොවන්නේ, මං අනාගතයේ නැත්නම්, අනාගතයේත් මං මෙවැනි ජීවිතයක් නොවන්නේය’ කියන ඔය වැරදි දැක්ම ඇතිවන්නේ. විඳීමක් තිබුණොත් තමයි …. (පෙ) …. සඤ්ඤාවක් තිබුණොත් තමයි …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි …. (පෙ) …. විඤ්ඤාණයක් තිබුණොත් තමයි, විඤ්ඤාණය උපකාරයෙන් ම තමයි, විඤ්ඤාණයෙහි බැසගෙන තමයි ‘මං සිටියේ නැත්නම්, මට මේ ජීවිතය නොවන්නේ ය, මං අනාගතයේ නැත්නම්, අනාගතයේත් මං මෙවැනි ජීවිතයක් නොවන්නේ ය’ කියන ඔය වැරදි දැක්ම ඇතිවන්නේ.

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය ඒවං දිට්‌ඨි උප්‌පජ්‌ජෙය්‍ය. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සාමි, න මේ භවිස්‌සතීති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට ‘මං සිටියේ නැත්නම්, මට මේ ජීවිතය නොවන්නේ ය, මං අනාගතයේ නැත්නම්, අනාගතයේත් මං මෙවැනි ජීවිතයක් නොවන්නේ ය’ කියන ඔය වැරදි දැක්ම ඇතිවේවිද?” “ස්වාමීනි, එය නොවන්නේ ම ය.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය ඒවං දිට්‌ඨි උප්‌පජ්‌ජෙය්‍ය. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සාමි, න මේ භවිස්‌සතීති? නෝ හේතං භන්තේ. ඒවං පස්‌සං ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“යමක් වනාහී අනිත්‍ය නම් …. (පෙ) …. වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට ‘මං සිටියේ නැත්නම්, මට මේ ජීවිතය නොවන්නේ ය, මං අනාගතයේ නැත්නම්, අනාගතයේත් මං මෙවැනි ජීවිතයක් නොවන්නේ ය’ කියන ඔය වැරදි දැක්ම ඇතිවේවිද?” “ස්වාමීනි, එය නොවන්නේ ම ය.” “පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැයි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

නෝ ච මේ සියා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M