සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.2.4. අනිච්ච සුත්තං

1.2.2.4. අනිත්‍ය ගැන වදාළ දෙසුම

66. සාවත්ථියං.

66. සැවැත් නුවරදී ……….

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු ….(පෙ)…. භගවන්‌තං ඒතදවෝච. සාධු මේ භන්තේ, භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු. යමහං භගවතෝ ධම්ම සුත්වා ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

එකල්හී එක්තරා භික්ෂුවක් ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේප වශයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසාගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතු වෙලා, ධර්මයට දිවි පුදා මට මේ දහම් මාවතේ හැසිරෙන්නට පුළුවනි.”

යං ඛෝ භික්‌ඛු, අනිච්‌චං. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝති.

“පින්වත් භික්ෂුව, යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ පිළිබඳව ඔබ තුළ ඇති කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි.”

අඤ්‌ඤාතං භගවා. අඤ්‌ඤාතං සුගතාති.

“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”

යථාකථං පන ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසීති?

“පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විසින් විස්තර වශයෙන් අරුත් අවබෝධ කරගත්තේ කොයි විදිහටද?”

රූපං ඛෝ භන්තේ, අනිච්‌චං. තත්‍ර මේ ඡන්දෝ පහාතබ්බෝ. වේදනා අනිච්චා ….(පෙ)…. සඤ්‌ඤා අනිච්චා ….(පෙ)…. සංඛාරා අනිච්චා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තත්‍ර මේ ඡන්දෝ පහාතබ්බෝ. ඉමස්‌ස ඛ්වාහං භන්තේ, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාමීති.

“ස්වාමීනී, රූපය තමයි අනිත්‍ය දෙය. රූපය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව තමයි අනිත්‍ය දෙය ….(පෙ)…. සඤ්ඤාව තමයි අනිත්‍ය දෙය ….(පෙ)…. සංස්කාර තමයි අනිත්‍ය දෙය ….(පෙ)…. විඤ්ඤාණය තමයි අනිත්‍ය දෙය. විඤ්ඤාණය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, මං ඔන්න ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත්තේ.”

සාධු සාධු භික්‌ඛු. සාධු ඛෝ ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසි. රූපං ඛෝ භික්‌ඛු, අනිච්‌චං. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ. ඉමස්‌ස ඛෝ භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති.

“ඉතා හොඳයි, පින්වත් භික්ෂුව, ඉතා හොඳයි. පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත් අයුරු ඉතාමත් යහපත් ය. පින්වත් භික්ෂුව, රූපය තමයි අනිත්‍ය දෙය. රූපය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව තමයි අනිත්‍ය දෙය ….(පෙ)…. සඤ්ඤාව තමයි අනිත්‍ය දෙය ….(පෙ)…. සංස්කාර තමයි අනිත්‍ය දෙය. ….(පෙ)…. විඤ්ඤාණය තමයි අනිත්‍ය දෙය. විඤ්ඤාණය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත යුත්තේ ඔය විදිහට තමයි.”

අථ ඛෝ සෝ භික්‌ඛු භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා ….(පෙ)…. අඤ්ඤතරෝ ච පන සෝ භික්‌ඛු අරහතං අහෝසීති.

එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. ….(පෙ)…. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

සාදු! සාදු!! සාදු!!!

අනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M