386. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, යම් කෙනෙක් උදේ වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ වගේ ම ඔහු දහවල් වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ වගේ ම ඔහු සවස් වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ දෙන දානයට වඩා යම් කෙනෙක් අඩු ගණනේ ගව දෙනක ගේ තන පුඩුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛත්‍රී භාවනාවක් උදේ වරුවේ වඩනවා නම්, ඒ වගේ ම අඩු ගණනේ ගව දෙනකගේ තන පුඩුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛත්‍රී භාවනාවක් දවල් වරුවේ වඩනවා නම්, ඒ වගේ ම අඩු ගණනේ ගව දෙනකගේ තන පුඩුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛත්‍රී භාවනාවක් සවස් වරුවේ වඩනවා නම්, ඒක තමයි මහත් ඵල සහිත වන්නේ.
පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛත්‍රී සමාධිය ප්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
ඔක්ඛාසත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M