සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

8.1.1. කූට සූත්‍රය

8.1.1. කූට සූත්‍රය

383. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා ….(පෙ)…. ඒතදවෝච.

383. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ ය. එදා භාග්‍යවතුන් වහන්සේ …. (පෙ) …. මෙය වදාළා.

සෙය්‍යථාපි භික්ඛවේ කූටාගාරස්‌ස යා කාචි ගෝපානසියෝ, සබ්‌බා තා කූටංගමා කූටසමෝසරණා, කූටසමුග්‌ඝාතා සබ්‌බා තා සමුග්‌ඝාතං ගච්‌ඡන්‌ති. ඒවමේව ඛෝ භික්ඛවේ යේ කේචි අකුසලමූලා සබ්බේ තේ අවිජ්‌ජංගමා අවිජ්‌ජාසමෝසරණා. අවිජ්‌ජාසමුග්‌ඝාතා සබ්බේ තේ සමුග්‌ඝාතං ගච්‌ඡන්‌ති.

තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. අප්‌පමත්‌තා විහරිස්‌සාමාති. ඒවං ‌හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ලී රවුමකට පරාල එක්කොට තැනූ වහලයක් ඇති ගොඩනැගිල්ලක් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ලේ හැම පරාලයක් ම ඒ ලී රවුම වන කැණිමඬලට පිහිටලයි තියෙන්නේ. හේත්තුවෙලයි තියෙන්නේ. ඒ කැණිමඬල බිඳල දැම්මොත් අර පරාල සියල්ල ම සහමුලින් ම කඩාගෙන වැටෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි, යම් තාක් අකුසල් මුල් ඇද්ද ඒ හැම අකුසල මූලයක් ම අවිද්‍යාව මත පිහිටල යි තියෙන්නේ. අවිද්‍යාවට ම හේත්තුවෙල යි තියෙන්නේ. ඉතින් ඒ අවිද්‍යාව සහමුලින් ම නැති කරල දැම්මොත් අර අකුසල් මුල් සියල්ල ම සහමුලින් ම නැති වෙලා යනවා. පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි නම් අප්‍රමාදී ව ධර්මයේ ම යි හැසිරෙන්නේ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

කූට සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M