376. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ගිනි අඟුරින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුරු ඇති ස්ත්‍රී රූපයක් දැක්කා. එතකොට ඒ ගිනි අඟුරින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුරු ඇති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා කළිඟු රටේ රජ්ජුරුවන්ගේ අගමෙහෙසිය වෙලා හිටියා. ඉතින් ඈ අධික ඉරිසියාව නිසා ඒ රජු ගේ ම තවත් මෙහෙසියක ගේ ඇඟට ගිණි අඟුරු කබලක් හෙළුවා. ඔය ස්ත්‍රිය ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,
සාදු! සාදු!! සාදු!!!
ඕකිලිනී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M