373. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අසූචි වළක ඔළුවත් සමග ගිලුණ පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඔහු දෑතින් ම ගුලි කර කර ඒ අසූචි කකා ඉන්නවා …. (පෙ) …. වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු බ්‍රාහ්මණයෙක්. ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඒ බුදු සසුනෙහි වැඩ සිටි භික්ෂූ සංඝයාට දානෙකට ආරාධනා කළා. ඊට පස්සේ භාජන අසූචිවලින් පුරවලා දානෙට කල් දැන්නුවා. ‘පින්වත්නි, ඔය තියෙන්නේ කෑම. දැන් ඉතින් ඕන තරම් කන එකයි ඇත්තේ. කැමති නම් අරගෙන යන එකයි ඇත්තේ’ කියල. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේදී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,
සාදු! සාදු!! සාදු!!!
ගූථඛාදි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M