සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.1.7. උසුලෝම සුත්තං

7.1.7. උසුලෝම සූත්‍රය

368. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං උසුලෝමං පුරිසං වේහාසං ගච්‌ඡන්‌තං. තස්‌ස තේ උසූ උප්‌පතිත්‌වා උප්‌පතිත්‌වා තස්‌සේව කායේ නිපතන්‌ති. සෝ සුදං අට්‌ටස්‌සරං කරොති. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසෝ භික්ඛවේ සත්‌තෝ ඉමස්‌මිං යේව රාජගහේ කාරණිකෝ අහෝසි ….(පෙ)…. (ඒවරූපං අත්‌තභාවපටිලාභං) පටිසංවේදයතී’ති.

368. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ඊතල වැනි මවිල් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ ඊතල උඩට ඇවිත් ඇවිත් ඒ සත්වයා ගේ ම ඇඟට වදිනවා. එතකොට ඒ ඊතල වැනි මවිල් ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු වධකයෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

උසුලෝම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M