සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.1.4. නිච්ඡවි සුත්තං

7.1.4. නිච්ඡවි සූත්‍රය

365. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං නිච්‌ඡවිං පුරිසං වේහාසං ගච්‌ඡන්‌තං. තමේනං ගිජ්‌ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‌වා අනුපතිත්‌වා විතච්‌ඡෙන්‌ති විරාජෙන්‌ති. සෝ සුදං අට්‌ටස්‌සරං කරොති. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසෝ භික්ඛවේ සත්‌තෝ ඉමස්‌මිං යේව රාජගහේ ඕරබ්භිකෝ අහෝසි ….(පෙ)…. (ඒවරූපං අත්‌තභාවපටිලාභං) පටිසංවේදයතී’ති.

365. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන හමක් නැති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් ඔය හමක් නැති පුරුෂ රූපය පස්සෙන් පන්න පන්නා කඩාගෙන කනවා, ඉරාගෙන කනවා. එතකොට ඒ හමක් නැති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු බැටළුවන් මරණ මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

නිච්ඡවි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M