සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.1.1. අට්ඨිසංඛලික සුත්තං

7.1.1. අට්ඨිසංඛලික සූත්‍රය

362. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා ච ලක්‌ඛණෝ ආයස්‌මා ච මහාමොග්‌ගල්‌ලානෝ ගිජ්‌ඣකූටේ පබ්‌බතේ විහරන්‌ති. අථ ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේනායස්මා ලක්‌ඛණෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මන්‌තං ලක්‌ඛණං ඒතදවෝච. ආයාමාවුසෝ ලක්‌ඛණ, රාජගහං පිණ්‌ඩාය පවිසිස්‌සාමා ති. ඒවමාවුසෝ ති ඛෝ ආයස්‌මා ලක්‌ඛණෝ ආයස්‌මතෝ මහාමොග්‌ගල්‌ලානස්‌ස පච්චස්සෝසි.

362. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. ඒ දිනවල ම ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ද ගිජුකුළු පව්වෙහි වාසය කළා. එදා උදේ වරුවේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් සිවුරු හැඳ පොරවා ගෙන පාසිවුරු අරගෙන ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ලක්ඛණ, එන්න, රජගහ නුවරට පිණ්ඩපාතෙ වඩිමු.” “එසේ ය ප්‍රිය ආයුෂ්මතුනි” කියල ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන්ට පිළිතුරු දුන්නා.

අථ ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අඤ්‌ඤතරස්‌මිං පදේසේ සිතං පාත්‌වාකාසි. අථ ඛෝ ආයස්‌මා ලක්‌ඛණෝ ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං ඒතදවෝච. කෝ නු ඛෝ ආවුසෝ මොග්ගල්‌ලාන හේතු කෝ පච්‌චයෝ සිතස්‌ස පාතුකම්‌මායා ති? අකාලෝ ඛෝ ආවුසෝ ලක්‌ඛණ ඒතස්ස පඤ්‌හස්‌ස. භගවතෝ මං සන්තිකේ ඒතං පඤ්‌හං පුච්‌ඡා ති.

ඉතින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී එක්තරා තැනක දී, සිනහ පහළ කළා. එතකොට ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගෙන් මෙහෙම අහනවා. “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔබ සිනහ පහළ කරන්නට හේතු වූ කරුණ මොකක් ද? උපකාරී වූ කරුණ මොකක් ද?” “ප්‍රිය ආයුෂ්මත් ලක්ඛණ, ඔය ප්‍රශ්නෙට මේ පිළිතුරු දෙන වෙලාව නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ඉදිරියේ ඔය ප්‍රශ්නය මගෙන් අසන්න.”

අථ ඛෝ ආයස්‌මා ච ලක්‌ඛණෝ ආයස්‌මා ච මහාමොග්‌ගල්‌ලානෝ පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා ලක්‌ඛණෝ ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං ඒතදවෝච. ඉධායස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අඤ්‌ඤතරස්‌මිං පදේසේ සිතං පාත්‌වාකාසි. කෝ නු ඛෝ ආවුසෝ මොග්ගල්‌ලාන හේතු කෝ පච්‌චයෝ සිතස්‌ස පාතුකම්‌මායා ති?

එතකොට ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ද පිණ්ඩපාතෙ වැඩල දන් වළඳලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගෙන් මෙහෙම අහනවා.

“මෙහි ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී එක්තරා ස්ථානයක දී සිනහ පහළ කළා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, එහෙම සිනහ පහළ කරන්නට හේතු වූ කරුණ මොකක්ද? උපකාරී වූ කරණු මොකක්ද?”

ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං අට්‌ඨිකසංඛලිකං වේහාසං ගච්‌ඡන්‌තිං. තමේනං ගිජ්‌ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‌වා අනුපතිත්‌වා ඵාසුලන්‌තරිකාහි විතුදන්‌ති. සා සුදං අට්‌ටස්‌සරං කරෝති. තස්‌ස මය්‌හං ආවුසෝ ඒතදහෝසි. අච්‌ඡරියං වත භෝ අබ්‌භුතං වත භෝ. ඒවරූපෝපි නාම සත්‌තෝ භවිස්‌සති, ඒවරූපෝපි නාම යක්‌ඛෝ භවිස්‌සති, ඒවරූපෝපි නාම අත්‌තභාවපටිලාභෝ භවිස්‌සතී ති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ඇට සැකිල්ලක් දැක්කා. ඉතින් භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් ඔය ඇට සැකිල්ල පස්සෙන් පන්න පන්න ඉල ඇට අතරට කොටනවා. එතකොට ඒ ඇට සැකිල්ල වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව’ කියල.”

අථ ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. චක්‌ඛුභූතා වත භික්ඛවේ සාවකා විහරන්‌ති, ඤාණභූතා වත භික්ඛවේ සාවකා විහරන්‌ති, යත්‍ර හි නාම සාවකෝ ඒවරූපං ඤස්‌සති වා දක්‌ඛති වා සක්‌ඛිං වා කරිස්‌සති. පුබ්බේව මේ සෝ භික්ඛවේ සත්‌තෝ දිට්‌ඨෝ අහෝසි. අපි චාහං න ව්‍යාකාසිං. අහමේවේතං බ්‍යාකරෙය්‍යං, පරේ මේ න සද්‌දහෙය්‍යුං. යේ මේ න සද්දහෙය්‍යුං, තේසං තං අස්‌ස දීඝරත්‌තං අහිතාය දුක්‌ඛාය. ඒසෝ භික්ඛවේ සත්‌තෝ ඉමස්‌මිංයේව රාජගහේ ගෝඝාතකෝ අහෝසි. සෝ තස්‌ස කම්‌මස්‌ස විපාකේන බහූනි වස්‌සානි බහූනි වස්‌සසතානි බහූනි වස්‌සසහස්‌සානි බහූනි වස්‌සසතසහස්‌සානි නිරයේ පච්‌චිත්‌වා තස්‌සේව කම්‌මස්‌ස විපාකාවසේසේන ඒවරූපං අත්‌තභාවපටිලාභං පටිසංවේදයතී’ති.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, දිවැස් තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා, විශේෂ ඥානය තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා මෙවැනි ආකාර ජීවිත පිළිබඳ ව දැනීමක් ගැන හෝ දැකීමක් ගැන හෝ සාක්ෂි ඉදිරිපත් කරනන්ට පුළුවනි. පින්වත් මහණෙනි, ඔය සත්වයාව මා ඔයිට කලින් දැක්කා. නමුත් මා ඒ ගැන ප්‍රකාශ කළේ නෑ. මම ඔය ගැන ප්‍රකාශ කළා නම් ශ්‍රද්ධාව නැති උදවිය ඔය කරුණ විශ්වාස නොකරන්නට තිබුණා. යමෙක් මා පවසන දේ විශ්වාස නොකරයි නම් ඔවුන්ට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු හරක් මරණ මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ.

(සබ්‌බේසං සුත්‌තානං ඒසේව හි පෙය්‍යාලෝ)

(මෙය ම මතු දැක්වෙන සියලු සූත්‍රයන්ගේ පෙය්‍යාලය වේ.)

සාදු! සාදු!! සාදු!!!

අට්ඨිසංකලික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M