334. – 339. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි.පින්වත් මහණෙනි, මම මෙහි සමහර පුද්ගලයෙකු ගැන මගේ සිතෙන් ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම විනිවිද දකිනවා. මෙයා නම් …. (පෙ) ….
පියා නිසාවත් …. (පෙ) …. (අට වෙනි දෙසුම)
සහෝදරයා නිසාවත් …. (පෙ) …. (නව වෙනි දෙසුම)
සහෝදරිය නිසාවත් …. (පෙ) …. (දස වෙනි දෙසුම)
පුතා නිසාවත් …. (පෙ) …. (එකොළොස් වෙනි දෙසුම)
දුව නිසාවත් …. (පෙ) …. (දොළොස් වෙනි දෙසුම)
පින්වත් මහණෙනි, මම මෙහි සමහර පුද්ගලයෙකු ගැන මගේ සිතෙන් ඔහු ගේ සිත සම්පූර්ණයෙන්ම විනිවිද දකිනවා. මෙයා නම් තමන්ගේ බිරිඳ උදෙසාවත් දැන දැන බොරුවක් නම් කියන්නේ නෑ. නමුත් මා පස්සෙ කාලෙක ඒ පුද්ගලයා ම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා, එයට යට වූ සිතින් යුක්තව දැන දැන බොරු කියනවා දැකගන්නට ලැබුණා.
ඔය විදිහට පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි. ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහට යි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන. (දහ තුන් වෙනි දෙසුම)
සාදු! සාදු!! සාදු!!!
පිතු සූත්‍ර ආදී සූත්‍ර නිමා විය.
හතර වෙනි සංඝභේද වර්ගය අවසන් විය.
ලාභසක්කාර සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M