ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු පර්වතයේ. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතා වදාළා …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළා.
“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළරවක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.
පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ඉස්සර මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීනවංශ කියලා. පින්වත් මහණෙනි, ඒ කාලයේ මිනිසුන්ට කිව්වේ තිවර කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඔය තිවර මිනිසුන් ගේ ආයුෂ අවුරුදු හතළිස් දාහක් වුණා. පින්වත් මහණෙනි, ඒ කාලයේ ඔය තිවර මිනිසුන් පාචීනවංශ පර්වතයට නගින්නට දවස් හතරක් යනවා. පර්වතයෙන් බහින්නටත් දවස් හතරක් යනවා.
ඒ කාලයේ තමයි කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා හිටියේ. පින්වත් මහණෙනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ට විධුර, සංජීව නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් හිටියා. පින්වත් මහණෙනි, දැන් බලන්න! මේ පර්වතයට තිබුණ ඒ නම අතුරුදහන් වෙලා. ඒ මිනිස්සුත් මැරිල ගිහින්. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවන්පාලා. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්ථිරයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහණෙනි, මේ සියලු සංස්කාර ගැන කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. එක කාලෙක මේ වේපුල්ල පර්වතයට කිව්වේ වංකක කියලා. පින්වත් මහණෙනි, ඒ කාලයේ මිනිසුන්ට කිව්වේ රෝහිතස්ස කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඔය රෝහිතස්ස මිනිසුන් ගේ ආයුෂ අවුරුදු තිස් දාහක් වුණා. පින්වත් මහණෙනි, ඒ කාලයේ ඔය රෝහිතස්ස මිනිසුන්ට වංකක පර්වතයට නගින්නට දවස් තුනක් යනවා. පර්වතයෙන් බහින්නටත් දවස් තුනක් යනවා.
ඒ කාලයේ තමයි කෝණාගමන නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා හිටියේ. පින්වත් මහණෙනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ට භීයෝස, උත්තර නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් හිටියා. පින්වත් මහණෙනි, දැන් බලන්න! මේ පර්වතයට තිබුණ ඒ නම අතුරුදහන් වෙලා. ඒ මිනිස්සුත් මැරිල ගිහින්. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවන්පාලා. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්ථිරයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහණෙනි, මේ සියලු සංස්කාර ගැන කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. එක කාලෙක මේ වේපුල්ල පර්වතයට කිව්වේ සුඵස්ස කියලා. පින්වත් මහණෙනි, ඒ කාලයේ මිනිසුන්ට කිව්වේ සුප්පිය කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඔය සුප්පිය මිනිසුන් ගේ ආයුෂ අවුරුදු විසි දාහක් වුණා. පින්වත් මහණෙනි, ඒ කාලයේ ඔය සුප්පිය මිනිසුන්ට සුඵස්ස පර්වතයට නගින්නට දවස් දෙකක් යනවා. පර්වතයෙන් බහින්නටත් දවස් දෙකක් යනවා.
ඒ කාලයේ තමයි කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා හිටියේ. පින්වත් මහණෙනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ට තිස්ස, භාරද්වාජ නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් හිටියා. පින්වත් මහණෙනි, දැන් බලන්න! මේ පර්වතයට තිබුණ ඒ නම අතුරුදහන් වෙලා. ඒ මිනිස්සුත් මැරිල ගිහින්. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවන්පාලා. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්ථිරයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහණෙනි, මේ සියලු සංස්කාර ගැන කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
පින්වත් මහණෙනි, දැන් කාලෙ මේ වේපුල්ල පර්වතයට කියන්නේ වේපුල්ල පර්වතය කියලා. පින්වත් මහණෙනි, දැන් කාලයේ මිනිසුන්ට කියන්නේ මාගධක කියලා. ඉතින් පින්වත් මහණෙනි, මේ මාගධක මිනිසුන් ගේ ආයුෂ ඉතා ස්වල්පයයි. ඉතාමත් ටිකයි. වැඩි ම වුණොත් අවුරුදු සියයක් හරි ඊට ටිකක් වැඩියෙන් ජිවත් වේවි. පින්වත් මහණෙනි, මේ කාලයේ ඉන්න මේ මාගධක මිනිසුන් වේපුල්ල පර්වතයට මොහොතකින් නගිනවා. පර්වතයෙන් මොහොතකින් බහිනවා.
මේ කාලයේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මම ලෝකයේ පහළවෙලා ඉන්නේ. පින්වත් මහණෙනි, මට සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් ඉන්නවා. පින්වත් මහණෙනි, කාලයක් එනවා, එතකොට මේ පර්වතයට තිබෙන මේ නම අතුරුදහන් වෙලා යාවි. මේ මිනිස්සුත් මැරිල යාවි. මමත් පිරිනිවන්පාවි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අනිත්‍යයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්ථිරයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. පින්වත් මහණෙනි, මේ සියලු සංස්කාර ගැන කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් වදාළා.
01. තිවර මිනිසුන්ට පාචීනවංශය වුණා, රෝහිතස්ස මිනිසුන්ට වංකක පර්වතය වුණා, සුප්පිය මිනිසුන්ට සුඵස්ස පර්වතය වුණා. මාගධක මිනිසුන්ට වේපුල්ල පර්වතය වුණා.
02. ඒකාන්තයෙන් ම සංස්කාර අනිත්‍යයි. හට ගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. ඔය සංස්කාරයන්ගේ සංසිඳීම ම යි සැපය.
සාදු! සාදු!! සාදු!!!
වේපුල්ල පබ්බත සූත්‍රය නිමා විය.
දෙවෙනි දුග්ගත වර්ගය අවසන් විය.
අනමතග්ග සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M