සැවැත් නුවරදී ……………
එදා බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා …. (පෙ) …. එකත්පස්ව හිටිය ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ කරුණ විමසුවා. “ස්වාමීනි, කල්ප කොච්චර ගණනක් ගෙවිල තියෙනවාද? ඉක්ම ගිහින් තියෙනවාද?”
“පින්වත් භික්ෂුව, කල්පය ඉතාමත් දිගයි. ඒක මෙච්චර කාලයක් ය කියල මෙච්චර අවුරුදු ගණනක් කියල, මෙච්චර අවුරුදු සිය ගණනක් කියල, මෙච්චර අවුරුදු දහස් ගණනක් කියල, මෙච්චර අවුරුදු ලක්ෂ ගණනක් කියල, ගෙවිලා ගිය, ඉක්ම ගිය කල්පයන් ගණනින් කියන එක ලේසි වැඩක් නොවෙයි.”
“ස්වාමීනි, උපමාවකින් පෙන්නා දෙන්න පුළුවන්ද?”
“පින්වත් මහණෙනි, ඒක පුළුවනි” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“පින්වත් මහණෙනි, මෙහි සියක් අවුරුදු ආයුෂ ඇති, සියක් අවුරුද්දක් පුරා ම ජීවත් වෙන ශ්‍රාවකයන් හතර දෙනෙක් ඉන්නවා කියල හිතමු. ඒ ශ්‍රාවකයන් දිනපතා ම ගෙවුණ කාලය කල්ප ලක්ෂය බැගින් සිහි කරනවා නම් පින්වත් මහණෙනි, ඇත්ත වශයෙන් ම ඒ ශ්‍රාවකයන් කල්පයන් සිහිකරල නෑ. එසේ නමුත් ඒ ශ්‍රාවකයන් හතර දෙනා ඒ සියක් වසරේ ආයුෂත්, සියක් වසරේ ජිවිතයක් ගෙවා දමා කළුරිය කරනවා.
පින්වත් මහණෙනි, ඔය ආකාරයට අතීතයට ගෙවිලා ගිය, ඉක්ම ගිය කල්ප ගණන නම් ඉතා ම වැඩියි. මෙපමණ කල්ප ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප සිය ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප දහස් ගණනක් ගෙවිලා ගියා, මෙපමණ කල්ප ලක්ෂ ගණනක් ගෙවිලා ගියා, කියල ගණන් කිරීම ලෙහෙසි නෑ. එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
සාවක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M