සැවැත් නුවරදී ……………….
පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් හේතු වෙන මේ ආහාර හතරකි. ඒ ආහාර හතර මොනවාද? ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරයක් තියෙනවා. ස්පර්ශය නම් වූ දෙවෙනි ආහාරයක් තියෙනවා. මනෝසංචේතනාව කියලා තුන්වෙනි ආහාරයක් තියෙනවා. විඤ්ඤාණය තමයි හතරවෙනි ආහාරය. පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර හතර හේතු වෙනවා.
පින්වත් මහණෙනි, යම් හෙයකින් කබලිංකාර ආහාරය ගැන රාගය තිබුණොත්, ආශාව තිබුණොත්, තණ්හාව තිබුණොත්, එතැන විඤ්ඤාණය පිහිටනවා. වැඩෙනවා. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද, වැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීම තියෙනවා. යම් තැනක නාමරූපයේ බැසගැනීම තියෙනවා නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙන්නේ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් ඉපදීමත්, ජරා මරණත් තියෙන්නේ. යම් තැනක ආයෙ ඉපදීමකුත් ජරාමරණත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එය ඉතා සෝක සහිත පීඩා සහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයක් කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්පර්ශ ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ සංචේතනා ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් විඤ්ඤාණ ආහාරය ගැන රාගය තිබුණොත්, ආශාව තිබුණොත්, තණ්හාව තිබුණොත්, එතැන විඤ්ඤාණය පිහිටනවා. වැඩෙනවා. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද, වැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීම තියෙනවා. යම් තැනක නාමරූපයේ බැසගැනීම තියෙනවා නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙන්නේ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් ඉපදීමත්, ජරා මරණත් තියෙන්නේ. යම් තැනක ආයෙ ඉපදීමකුත් ජරාමරණත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එය ඉතා සෝක සහිත, පීඩා සහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයක් කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. රෙදි ඩයි කරන කෙනෙක් හෝ සිත්තරෙක් හෝ ඉන්නවා කියල හිතමු. ඉතින් ඔවුන් මටසිළිටි පුවරුවක හෝ බිත්තියක හෝ වස්ත්‍රයක හෝ පඬුවලින් හරි, ලාකඩවලින් හරි, කහ පටින් හරි, නිල් පාටින් හරි, මදටිය පාටින් හරි, එක්කෝ ගෑනු කෙනෙකුගේ, එක්කෝ පිරිමියෙකුගේ සියලු අඟපසඟ ඇතුව චිත්‍රයක් මවනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, යම් හෙයකින් කබලිංකාර ආහාරය ගැන රාගය තිබුණොත්, ආශාව තිබුණොත්, තණ්හාව තිබුණොත්, එතැන විඤ්ඤාණය පිහිටනවා. වැඩෙනවා. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද, වැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීම තියෙනවා. යම් තැනක නාමරූපයේ බැසගැනීම තියෙනවා නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙන්නේ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් ඉපදීමත්, ජරා මරණත් තියෙන්නේ. යම් තැනක ආයෙ ඉපදීමකුත්, ජරාමරණත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එය ඉතා සෝක සහිත, පීඩා සහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයක් කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්පර්ශ ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ සංචේතනා ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් විඤ්ඤාණ ආහාරය ගැන රාගය තිබුණොත්, ආශාව තිබුණොත්, තණ්හාව තිබුණොත්, එතැන විඤ්ඤාණය පිහිටනවා. වැඩෙනවා. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද, වැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීම තියෙනවා. යම් තැනක නාමරූපයේ බැසගැනීම තියෙනවා නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙන්නේ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙනවා නම්, එතැන තමයි ආයෙමත් ඉපදීමත්, ජරා මරණත් තියෙන්නේ. යම් තැනක ආයෙ ඉපදීමකුත්, ජරාමරණත් තියෙනවා නම්, පින්වත් මහණෙනි, එය ඉතා සෝක සහිත, පීඩා සහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයක් කියලයි මං කියන්නේ.
නමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් කබලිංකාර ආහාරය ගැන රාගය නැත්නම්, ආශාව නැත්නම්, තණ්හාව නැත්නම්, එතැන විඤ්ඤාණය පිහිටන්නේ නෑ. වැඩෙන්නේ නෑ. යම් තැනක විඤ්ඤාණය නොපිහිටයි ද, නොවැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීමක් නෑ. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැත්නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නෑ. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් නැත්නම්, එතැන ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නෑ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නැතිනම්, එතැන ආයෙමත් ඉපදීමත් ජරා මරණත්, නෑ. යම් තැනක ආයෙ ඉපදීමකුත් ජරා මරණත් නැත්නම් පින්වත් මහණෙනි, එය සෝක රහිත, පීඩා රහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයින් තොර වූවක් කියලයි මං කියන්නේ.
නමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්පර්ශ ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ සංචේතනා ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් විඤ්ඤාණ ආහාරය ගැන රාගය නැත්නම්, ආශාව නැත්නම්, තණ්හාව නැත්නම්, එතැන විඤ්ඤාණය පිහිටන්නේ නෑ. වැඩෙන්නේ නෑ. යම් තැනක විඤ්ඤාණය නොපිහිටයි ද, නොවැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීමක් නෑ. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැත්නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නෑ. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් නැත්නම්, එතැන ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නෑ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නැතිනම්, එතැන ආයෙමත් ඉපදීමත් ජරා මරණත්, නෑ. යම් තැනක ආයෙ ඉපදීමකුත් ජරා මරණත් නැත්නම් පින්වත් මහණෙනි, එය සෝක රහිත, පීඩා රහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයින් තොර වූවක් කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි. ඒක මේ වගේ දෙයක්. මුදුන් වහල ඇති කූටාගාරයක් (උස් ගොඩනැගිල්ලක්) හෝ කූටාගාර ශාලාවක් හෝ තියෙනවා කියල හිතමු. එහි උතුරු පැත්තෙ හරි, දකුණු පැත්තෙ හරි, නැගෙනහිර පැත්තෙ හරි ජනෙල් තියෙනවා. එතකොට හිරු නැගෙද්දී ඒ ජනේලයෙන් හිරු රැස් ඇවිදින් කොයි පැත්තටද වැටෙන්නේ?”
“ස්වාමීනී, බටහිර පැත්තේ බිත්තියටයි ඒ හිරු රැස් වැටෙන්නේ.”
“පින්වත් මහණෙනි, බටහිර පැත්තේ බිත්තිය නොතිබුණොත් හිරු රැස් වැටෙන්නේ කොහේටද?”
“ස්වාමීනී, පොළොවටයි.”
“පින්වත් මහණෙනි, යම් හෙයකින් පොළොවත් නොතිබුණොත් හිරු රැස් වැටෙන්නේ කොහේටද?”
“ස්වාමීනී, ජලයටයි.”
“පින්වත් මහණෙනි, යම් හෙයකින් ජලයත් නොතිබුණොත් හිරු රැස් වැටෙන්නේ කොහේටද?”
“ස්වාමීනී, හිරු රැස් කොහේවත් පිහිටන්නේ නෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. යම් හෙයකින් කබලිංකාර ආහාරය ගැන රාගය නැත්නම්, ආශාව නැත්නම්, තණ්හාව නැත්නම්, ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්පර්ශ ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ සංචේතනා ආහාරය ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් හෙයකින් විඤ්ඤාණ ආහාරය ගැන රාගය නැත්නම්, ආශාව නැත්නම්, තණ්හාව නැත්නම්, එතැන විඤ්ඤාණය පිහිටන්නේ නෑ. වැඩෙන්නේ නෑ. යම් තැනක විඤ්ඤාණය නොපිහිටයි ද, නොවැඩෙයි ද, එතැන නාමරූපයේ බැසගැනීමක් නෑ. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැත්නම්, එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නෑ. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් නැත්නම්, එතැන ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නෑ. යම් තැනක ආයෙමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නැතිනම්, එතැන ආයෙමත් ඉපදීමත් ජරා මරණත්, නෑ. යම් තැනක ආයෙ ඉපදීමකුත් ජරා මරණත් නැත්නම් පින්වත් මහණෙනි, එය සෝක රහිත, පීඩා රහිත දෙයක් කියලයි, මහත් ආයාසකර දෙයින් තොර වූවක් කියලයි මං කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අත්ථිරාග සූත්‍රය නිමා විය
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M