සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.10. මොග්ගල්ලාන සුත්තං

8.1.10. මහාමොග්ගල්ලාන තෙරුන්ට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉසිගිලිපස්‌සේ කාළසිලායං මහතා භික්‌ඛුසං‌ඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි සබ්‌බේහේව අරහන්‌තේහි. තේසං සුදං ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ චේතසා චිත්‌තං සමන්‌නේසති විප්‌පමුත්‌තං නිරූපධිං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනාම අරහත් වූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් සමඟ රජගහ නුවර ඉසිගිලි පර්වත බෑවුමේ කළුගල් තලාවේ වැඩසිටියා. එතකොට ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන් තම සිතින් අනික් භික්ෂූන් වහන්සේලාගේ සිත්වල විමුක්තියයි, නිකෙලෙස් බවයි සොයන්න පටන් ගත්තා.

අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස ඒතදහෝසි. අයං ඛෝ භගවා රාජගහේ විහරති ඉසිගිලිපස්‌සේ කාළසිලායං මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි සබ්‌බේහේව අරහන්‌තේහි. තේසං සුදං ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ චේතසා චිත්‌තං සමන්‌නේසති විප්‌පමුත්‌තං නිරූපධිං. යන්නූනාහං ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං භගවතෝ සම්‌මුඛා සරූ‌පාහි ගාථාහි අභිත්‌ථවෙය්‍යන්‌ති.

එතකොට ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. ‘මේ භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනාම අරහත් වූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් සමඟ රජගහ නුවර ඉසිගිලි පර්වත බෑවුමේ, කළුගල් තලාවේ වැඩඉන්නවා. ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ විමුක්ති සිත, නිකෙලෙස් සිත ගැන තම සිතින් සොයා බලනවා. ඉතින් මමත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේට සුදුසු ගාථාවලින් ප්‍රශංසා කරන්න ඕන’ කියලා.

අථ ඛෝ ආයස්‌මා වංගීසෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා යේන භගවා තේනඤ්‌ජලිං පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වංගීසාති භගවා අවෝච. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං භගවතෝ සම්‌මුඛා සරූපාහි ගාථාහි අභිත්‌ථවි.

ඉතින් ආයුෂ්මත් වංගීසයන් ආසනෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”

“පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඉතින් ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථා වලින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට ප්‍රශංසා කළා.

නගස්‌ස පස්‌සේ ආසීනං මුනිං දුක්‌ඛස්‌ස පාරගුං
සාවකා පයිරුපාසන්‌ති තේවිජ්‌ජා මච්‌චුහායිනෝ.

“පර්වතයේ බෑවුමට වෙන්ට, නිකෙලෙස් වූ, හැම දුකින් එතෙරට වැඩි, මුනිරජාණන් වැඩඉන්නවා. මාරයා පැරද වූ, ත්‍රිවිද්‍යාලාභී ශ්‍රාවකයන්ව තමයි උන්වහන්සේ ඇසුරු කරන්නෙ.

තේ චේතසා අනුපරියේති මොග්‌ගල්‌ලානෝ මහිද්‌ධිකෝ
චිත්‌තං නේසං සමන්‌නේසං විප්‌පමුත්‌තං නිරූපධිං.

මහා ඉර්ධි ඇති මොග්ගල්ලානයන් වහන්සේ තම සිතින් ඒ ශ්‍රාවකයන්ගේ නිකෙලෙස් සිත, විමුක්ති සිත සොය සොයා ඔවුන්ගේ සිත් ලුහු බඳිනවා.

ඒවං සබ්‌බංගසම්‌පන්‌නං මුනිං දුක්‌ඛස්‌ස පාරගුං
අනේකාකාරසම්‌පන්‌නං පයිරුපාසන්‌ති ගෝතමන්‌ති.

හැම දුකින් එතෙරට වැඩිය, සියලු ගුණයෙන් පිරිපුන් වූ නොයෙක් ආකාර වූ ගුණ මහිමයෙන් යුතු ගෞතම මුනිරාජාණන් වහන්සේවයි ඇසුරු කරන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M