සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.1.1. ආයාචන සුත්තං

6.1.1. බ්‍රහ්මාරාධනය අරභයා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උරුවේලායං විහරති නජ්‌ජා නේරඤ්‌ජරාය තීරේ අජපාලනිග්‍රෝධමූලේ පඨමාභිසම්‌බුද්‌ධෝ. අථ ඛෝ භගවතෝ රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්‌භීරෝ දුද්‌දසෝ දුරනුබෝධෝ සන්‌තෝ පණීතෝ අතක්‌කාවචරෝ නිපුණෝ පණ්‌ඩිතවේදනීයෝ. ආලයරාමා ඛෝ පනායං පජා ආලයරතා ආලයසම්‌මුදිතා. ආලයරාමාය ඛෝ පන පජාය ආලයරතාය ආලයසම්‌මුදිතාය දුද්‌දසං ඉදං ඨානං යදිදං ඉදප්‌පච්‌චයතාපටිච්‌චසමුප්‌පාදෝ. ඉදම්‌පි ඛෝ ඨානං යදිදං සබ්‌බසංඛාරසමථෝ සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගෝ තණ්‌හාක්‌ඛයෝ විරාගෝ නිරොධෝ නිබ්‌බානං. අහඤ්‌චේව ඛෝ පන ධම්‌මං දේසෙය්‍යං, පරේ ච මේ න ආජානෙය්‍යුං, සෝ මමස්‌ස කිලමථෝ සා මමස්‌ස විහේසාති. අපිස්‌සුදං භගවන්‌තං ඉමා අනච්‌ඡරියා ගාථායෝ පටිභංසු පුබ්‌බේ අස්‌සුතපුබ්‌බා.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ, නේරංජරා නදිය අසල, අජපල් නුග රුක් සෙවනේ වැඩසිටියේ. ඒ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයයි.

එතකොට හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේගේ සිතේ මේ වගේ කල්පනාවක් ඇතිවුනා.

“මම මේ අවබෝධ කරගත් ධර්මය හරි ගැඹුරුයි. අමාරුවෙන් දකින්න ඕන. අවබෝධයට දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. තර්ක කරලා දකින්න පුළුවන් දෙයක් නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින්ම දැක්ක යුතු දෙයක්. ඒත් මේ සත්ව ප්‍රජාව නම්, ආශාව තුළයි ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන්ම සතුටු වෙනවා. ඉතින්, ආශාව තුළ ඉන්න, ආශාවටම ඇලුන, ආශාවෙන්ම ප්‍රමුදිත වන මේ සත්ව ප්‍රජාවට හේතුඵල දහම ගැන කියවෙන, මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ඉතා දුකසේ කළ යුතු දෙයක්. ඒ වගේම සියලු සංස්කාරයන් සන්සිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තෘෂ්ණාව නැති වී, විරාගය, නිරෝධය නම් වූ ඒ අමා නිවන සාක්‍ෂාත් කිරීමත් ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඉතින් එහෙම එකේ මං දහම් දෙසන්න ගිහින් අනිත් උදවිය මා කියා දෙන ධර්මය අවබෝධ කරන්නෙ නැත්නම්, ඒක මට මහන්සියක්. ඒක මට වෙහෙසක්.”

එතකොටම භාග්‍යවතුන් වහන්සේට කවදාවත් අහලා නැති මේ ආශ්චර්යවත් ගාථාවන් වැටහුනා.

කිච්‌ඡේන මේ අධිගතං හලන්දානි පකාසිතුං
රාගදෝසපරේතේහි නායං ධම්මෝ සුසම්‌බුධෝ

“මං හරි අමාරුවෙන් අවබෝධ කළේ. අනිත් අයට කියා දීල වැඩක් නෑ. රාගයටත්, ද්වේෂයටත්, යටවෙලා ඉන්න ඒ උදවිය, මේ ධර්මය නම් ලේසියෙන් අවබෝධ කරන්නෙ නෑ.

පටිසෝතගාමිං නිපුණං ගම්‌භීරං දුද්‌දසං අණුං
රාගරත්‌තා න දක්‌ඛින්‌ති තමොක්ඛන්‌ධේන ආවුතාති

මේක උඩුගං බලා යන දෙයක්. සියුම්. ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ගොඩාක්ම සියුම්. රාගයට ඇලිල ඉන්න උදවිය මේ ධර්මය දකින්නෙ නෑ. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලයි ඔවුන් ඉන්නෙ.”

ඉති භගවතෝ පටිසඤ්‌චික්‌ඛතෝ අප්‌පොස්‌සුක්‌කතාය චිත්‌තං නමති නෝ ධම්‌මදේසනාය.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට හිතන කොට, මන්දෝත්සාහී බවටමයි හිත නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි.

අථ ඛෝ බ්‍රහ්‌මුනෝ සහම්‌පතිස්‌ස භගවතෝ චේතසා චේතොපරිවිතක්‌කමඤ්‌ඤාය ඒතදහෝසි. නස්‌සති වත භෝ ලෝකෝ. විනස්‌සති වත භෝ ලෝකෝ. යත්‍ර හි නාම තථාගතස්‌ස අරහතෝ සම්‌මාසම්‌බුද්‌ධස්‌ස අප්‌පොස්‌සුක්‌කතාය චිත්‌තං නමති නෝ ධම්‌මදේසනායාති. අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය, ඒවමේව බ්‍රහ්‌මලෝකේ අන්‌තරහිතෝ භගවතෝ පුරතෝ පාතුරහෝසි.

එතකොට සහම්පතී බ්‍රහ්මයාගෙ සිතින්, භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගෙන, මෙහෙම හිතුනා. “අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය ඉවරයි. අහෝ! භවත්නි, ඒකාන්තයෙන්ම ලෝකය විනාශ වෙලා යාවි. අහෝ! තථාගත වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතත් මන්දෝත්සාහී වීමටමයි නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි!”

ඉතින් සහම්පතී බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කළ අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුනා.

අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා දක්‌ඛිණජාණුමණ්‌ඩලං පඨවියං නිහන්‌ත්‌වා යේන භගවා තේනඤ්‌ජලිං පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. දේසේතු භන්තේ භගවා ධම්‌මං, දේසේතු සුගතෝ ධම්‌මං. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා. අස්‌සවණතා ධම්‌මස්‌ස පරිහායන්‌ති. භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරෝති. ඉදමවෝච බ්‍රහ්‌මා සහම්‌පති ඉදං වත්‌වා අථාපරං ඒතදවෝච.

ඊට පස්සෙ සහම්පතී බ්‍රහ්මයා උතුරු සළුව එක පැත්තකට පොරවගෙන, දකුණු දණමඬල පොළොවේ තබාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඔවුන්ට දහම් දෙසන්න නොලැබුනොත් පිරිහෙනවා. දහම් අසන්න ලැබුනොත් අවබෝධ කරන අය පහළ වෙනවා.” මෙහෙම කියල සහම්පතී බ්‍රහ්මයා ආයෙමත් මේ කරුණ පැවසුවා.

පාතුරහෝසි මගධේසු පුබ්‌බේ ධම්මෝ අසුද්‌ධෝ සමලේහි චින්‌තිතෝ
අවාපුරේතං අමතස්‌ස ද්‌වාරං සුණන්‌තු ධම්‌මං විමලේනානුබුද්‌ධං

“මගධ දේශයේ කලින් පහළවෙලා තිබුනෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්. ඒ නිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝද අසත්වා!

සේලේ යථා පබ්‌බතමුද්‌ධනිට්‌ඨිතෝ යථාපි පස්‌සේ ජනතං සමන්‌තතෝ
තථූපමං ධම්‌මමයං සුමේධ පාසාදමාරුය්‌හ සමන්‌තචක්‌ඛු
සෝකාවතිණ්‌ණං ජනතමපේතසෝකෝ අවෙක්‌ඛස්‌සු ජාතිජරාභිභූතං’ති

ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනවා වගෙයි, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, ඒ විදිහටම සද්ධර්මයෙන් කරන ලද සදහම් ප්‍රාසාදයට නැගල, ජාති ජරා දුකින් පෙළෙන, සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!

උට්‌ඨේහි වීර විජිතසංගාම සත්‌ථවාහ අනණ විචර ලෝකේ
දේසස්‌සු භගවා ධම්‌මං අඤ්‌ඤාතාරෝ භවිස්‌සන්‌තීති.

මාර යුද්ධය ජයගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල් කරුවාණෙනි, ණය නැති මුනිඳාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවාමයි.”

අථ ඛෝ භගවා බ්‍රහ්‌මුනෝ ච අජ්‌ඣේසනං විදිත්‌වා සත්‌තේසු ච කාරුඤ්‌ඤතං පටිච්‌ච බුද්‌ධචක්‌ඛුනා ලෝකං වෝලෝකේසි. අද්‌දසා ඛෝ භගවා බුද්‌ධචක්‌ඛුනා ලෝකං වෝලෝකෙන්‌තෝ සත්‌තේ අප්‌පරජක්‌ඛේ මහාරජක්‌ඛේ තික්‌ඛින්‌ද්‍රියේ මුදින්‌ද්‍රියේ ස්‌වාකාරේ ද්‌වාකාරේ සුවිඤ්‌ඤාපයේ දුවිඤ්‌ඤාපයේ අප්‌පේකච්‌චේ පරලෝකවජ්‌ජභයදස්‌සාවිනෝ විහරන්‌තේ අප්‌පේකච්‌චේ න පරලෝකවජ්‌ජභයදස්‌සාවිනෝ විහරන්‌තේ. සෙය්‍යථාපි නාම උප්‌පලිනියං වා පදුමිනියං වා පුණ්‌ඩරීකිනියං වා අප්‌පේකච්‌චානි උප්‌පලානි වා පදුමානි වා පුණ්‌ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්‌ගතානි අන්‌තෝ නිමුග්‌ගපෝසීනි. අප්‌පේකච්‌චානි උප්‌පලානි වා පදුමානි වා පුණ්‌ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි සමෝදකං ඨිතානි. අප්‌පේකච්‌චානි උප්‌පලානි වා පදුමානි වා පුණ්‌ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකා අච්‌චුග්‌ගම්‌ම ඨිතානි අනුපලිත්‌තානි උදකේන. ඒවමේවං භගවා බුද්‌ධචක්‌ඛුනා ලෝකං වෝලෝකෙන්‌තෝ අද්‌දස සත්‌තේ අප්‌පරජක්‌ඛේ මහාරජක්‌ඛේ තික්‌ඛින්‌ද්‍රියේ මුදින්‌ද්‍රියේ ස්‌වාකාරේ ද්‌වාකාරේ සුවිඤ්‌ඤාපයේ දුවිඤ්‌ඤාපයේ අප්‌පේකච්‌චේ පරලෝකවජ්‌ජභයදස්‌සාවිනෝ විහරන්‌තේ අප්‌පේකච්‌චේ න පරලෝකවජ්‌ජභයදස්‌සාවිනෝ විහරන්‌තේ. දිස්‌වාන බ්‍රහ්‌මානං සහම්‌පතිං ගාථාය පච්‌චභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවත් දැනගෙන, ලෝ සතුන් කෙරෙහි පහළ මහා කරුණාවෙන් බුදු ඇසින් ලොව දෙස බලා වදාළා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බලද්දි, ලෝක සත්වයාව දැක්කා. සමහරුන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහරුන්ට ගොඩාක් කෙලෙස් තියෙනවා. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව අඩුයි. සමහරුන්ට තේරුම්ගන්න ලේසියි. සමහරුන්ව තේරුම්ගන්න අමාරුයි. සමහරුන්ට පහසුවෙන්ම තේරෙනවා. සමහරුන්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් කිසි භයක් නැතුව ඉන්නවා.

මේ ලෝකය විලක් වගෙයි. ඒ විලේ මහනෙල් තියෙනවා. නෙළුම් තියෙනවා. සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම්, වතුරෙ හැදිල, වතුරෙ වැඩිල, ඒත් උඩට මතු නොවී වතුරෙ ගිලී තියෙනවා. සමහර මානෙල්, නෙළුම්, සුදු නෙළුම් වතුරෙ හැදිලා, වතුර වැඩිලා, වතුරෙන් උඩට ඇවිත් වතුරෙ ගෑවෙන්නෙ නැතුව තියෙනවා. අන්න ඒ විදිහමයි භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දිහා බලද්දි, ලෝක සත්වයන්ව දැක්කා. සමහර සත්වයන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහර සත්වයන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව මෘදුයි. සමහර සත්වයින්ව තේරුම්ගන්න ලේසියි. සමහර සත්වයින්ව තේරුම්ගන්න අමාරුයි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න ලේසියි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් භය නැතුව ඉන්නවා. මේ විදිහට ලෝක සත්වයන් දැකපු භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.

අපාරුතා තේසං අමතස්‌සද්‌වාරා යේ සෝතවන්‌තෝ පමුඤ්‌චන්‌තු සද්‌ධං
විහිංසසඤ්‌ඤී පගුණං න භාසිං ධම්‌මං පණීතං මනුජේසු බ්‍රහ්‌මේති.

“ලෝක සත්වයන්ට අමා නිවන් දොර විවෘත කළා. සවන් යුග ලබාගත් පින්වතුන්ට දැන් ශ්‍රද්ධාව ඇති කරගන්න කාලයයි. පින්වත් බ්‍රහ්මය, මං හොඳින් ප්‍රගුණ කළ මේ ප්‍රණීත ධර්මය මිනිසුන්ට නොකීවේ එය වෙහෙසක්ය යන හැඟීම නිසයි.”

අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති කතාවකාසෝ ඛොම්‌හි භගවතා ධම්‌මදේසනායාති භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්ථේවන්‌තරධායීති.

එතකොට සහම්පතී බ්‍රහ්මයා ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සදහම් දෙසන්නට ඉඩ ප්‍රස්ථා ලබාගත්තා’ යි සිතල භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල ප්‍රදක්‍ෂිණ කරලා, එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M