☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය……………….
එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“කුමක් නසා දැමීමෙන්ද සනීපෙට නින්ද යන්නේ? කුමක් නසා දැමීමෙන්ද ශෝක නොකරන්නේ? පින්වත් ගෞතමයන් වහන්ස, කවර නම් එකම එක දෙයක් නැසීමටද කැමති වන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ක්‍රෝධය නසා දැමීමෙනුයි සනීපෙට නින්ද යන්නේ. ක්‍රෝධය නසා දැමීමෙනුයි ශෝක නොකරන්නේ. පින්වත් දෙවිය, විස මුල් තියෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති, ක්‍රෝධය නැසීම ගැන ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඔය ක්‍රෝධයම නසා දැමූ කෙනා ශෝක කරන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M