(අනාථපිණ්ඩික දෙවියා) :
“හැම තිස්සේම රහතන් වහන්සේලා නම් වූ, සෘෂිවරුන් පිරිවරාගත්, ධර්මරාජයාණන් වහන්සේ වැඩසිටින මේ ජේතවනය දකින විට, මා තුළ ප්‍රීතියක්මයි හටගන්නෙ.
තමන්ගේ ක්‍රියාකලාප, ජීවිත අවබෝධය, සමාධිය, සිල්වත් බව, උතුම් ජීවිතය යන මේවයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුල ගෝත්‍රයෙන් වත්, සල්ලිවලින් වත් සත්වයන් පිරිසිදු වෙන්නේ නෑ.
එම නිසා, බුද්ධිමත් මනුෂ්‍යයා තමන්ගේ ජීවිතය දියුණු කරගන්න හිතනවා නම්, නුවණින් යුක්තව, සද්ධර්මය රැස් කරගන්න ඕන. එතකොටයි ඔහු පිරිසිදු වෙන්නෙ.
ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත් යම් භික්‍ෂුවක් ඒ අමා නිවන කරා ගියා නම්, ඒ භික්‍ෂුන් අතර උතුම්ම භික්‍ෂුව වන්නේ පින්වත් සාරිපුත්තයන් වහන්සේයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M