(දෙවියා) :
“(අනේ ස්වාමීනි,) මේ අප්සරාවන් හරියට ඝෝෂා කරනවා. පිසාචයෝ ගොඩක් එකතු වුනා වගේ. මෝහයෙන් හැදිච්ච වනාන්තරයක් වගෙයි. මෙතනින් නිදහස් වෙන්නෙ කොහොමද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ආර්ය මාර්ගය නැමැති සෘජු මාර්ගයක් තියෙනවා. භය නැති තැන නැමැති දිශාවටයි ඒ මාර්ගය වැටිල තියෙන්නේ. කිසි සද්දයක් නැති රථයක් තියෙනවා. ඒ රථය කැරකෙන්නෙ දහම් රෝදවලින්.
ඒ රථයේ වාඩිවෙන ආසනේ තමයි ලැජ්ජා භය දෙක. ඒ රථය සරසවල තියෙන්නේ සිහිය නැමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරා.
යම්කිසි ස්ත්‍රියකට හරි, පුරුෂයෙකුට හරි, ඔය ජාතියෙ රථයක් තියෙනවා නම්, එයාට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්න පුළුවනි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M