මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.10. ධාතු විභංග සුත්තං

3.4.10. ධාතු ස්වභාවයන් පිළිබඳ විග්‍රහ කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා මගධේසු චාරිකං චරමානෝ යේන රාජගහං තදවසරි. යේන භග්ගවෝ කුම්භකාරෝ තේනුපසංකමි. උපසංකමිත්වා භග්ගවං කුම්භකාරං ඒතදවෝච: “සචේ තේ භග්ගව, අගරු විහරේමු ආවේසනේ ඒකරත්තන්ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි චාරිකාවේ වඩින අතරේදී, රජගහ නුවරට වැඩම කොට සිටියා. එහිදී භාර්ගව කියන කුඹල්කරුවා වෙත වැඩම කළා. වැඩම කොට භාර්ගව කුඹල්කරුවාගෙන් මෙය අසා වදාළා.

න ඛෝ මේ භන්තේ, ගරු අත්ථි චෙත්ථ පබ්බජිතෝ පඨමං වාසූපගතෝ. සචේ සෝ අනුජානාති, විහරථ භන්තේ, යථාසුඛ”න්ති.

“පින්වත් භාර්ගව, ඔබට ඉතින් බරක් නැත්නම්, එක රැයක් මේ කුඹල් හලෙහි මං වාසය කරන්නම්.” “ස්වාමීනී, මට කිසි බරක් නැහැ. නමුත් වේලාසනින් ඇවිදින් ඉන්න පැවිද්දෙක් ඔය ශාලාවේ ඉන්නවා. ඉදින් ඔහු අනුමත කරනවා නම්, ස්වාමීනී, කැමැති පරිද්දෙන් වැඩඉන්න.”

තේන ඛෝ පන සමයේන පුක්කුසාති නාම කුලපුත්තෝ භගවන්තං උද්දිස්ස සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. සෝ තස්මිං කුම්භකාරාවේසනේ පඨමං වාසූපගතෝ හෝති. අථ ඛෝ භගවා යේනායස්මා පුක්කුසාති තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං පුක්කුසාතිං ඒතදවෝච: “සචේ තේ භික්ඛු, අගරු විහරේමු ආවේසනේ ඒකරත්තන්ති. ඌරූන්දං ආවුසෝ කුම්භකාරාවේසනං. විහරතායස්මා යථාසුඛ”න්ති.

ඒ දිනවල පුක්කුසාති නමින් කුලපුත්‍රයෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතා ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අත්හැර පැවිදි වෙලා හිටියා. ඔහු තමයි කුඹල්ශාලාවේ කලින්ම නවාතැන් ගන්නට ඇවිත් සිටියේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති වෙත වැඩම කළා. වැඩම කොට ආයුෂ්මත් පුක්කුසාතිට මෙය පවසා වදාළා.

“පින්වත් භික්ෂුව, ඉදින් ඔබට බරක් නැත්නම්, එක රාත්‍රියකට මේ කුඹල්හලෙහි මාත් වාසය කරන්නම්.”

“ආයුෂ්මතුන් වහන්ස, මේ කුඹල්හල කිසි කරදරයක් නැති තැනක්. ආයුෂ්මතුනුත් සැපසේ වාසය කරන්න.”

අථ ඛෝ භගවා කුම්භකාරාවේසනං පවිසිත්වා ඒකමන්තං තිණසන්ථාරකං පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛෝ භගවා බහුදේව රත්තිං නිසජ්ජාය වීතිනාමේසි. ආයස්මාපි ඛෝ පුක්කුසාති බහුදේව රත්තිං නිසජ්ජාය වීතිනාමේසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට වැඩමකොට පැත්තකින් තණ ඇතිරියක් එළා ඒ මත පළඟක් බැඳගෙන කය ඍජු කොට භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන වැඩසිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් භාවනාවෙන් වාඩිවෙලා සිටියා. ආයුෂ්මත් පුක්කුසාතිද, රාත්‍රී බොහෝ වේලාවක් භාවනාවෙන් වැඩසිටියා.

අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: “පාසාදිකං නු ඛෝ අයං කුලපුත්තෝ ඉරියති, යංනූනාහං පුච්ඡෙය්‍ය”න්ති. අථ ඛෝ භගවා ආයස්මන්තං පුක්කුසාතිං ඒතදවෝච: “කංසි ත්වං භික්ඛු, උද්දිස්ස පබ්බජිතෝ, කෝ වා තේ සත්ථ, කස්ස වා ත්වං ධම්මං රෝචේසී”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතුනා.

“මේ පින්වත් කුලපුත්‍රයා ඉතා සිත්ගන්නා ඉරියව් පවත්වනවා. මං මොහුගෙන් විමසන්නට ඕන” කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති අමතා වදාළා.

“පින්වත් භික්ෂුව, ඔබ කවුරුන් වෙනුවෙන් පැවිදි වූ කෙනෙක්ද? ඔබේ ශාස්තෘන් වහන්සේ කවුද? ඔබ ආශා කරන්නේ කාගේ ධර්මයකටද?”

“අත්ථාවුසෝ සමණෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතෝ. සෝ ච මේ භගවා සත්ථා. තස්ස චාහං භගවතෝ ධම්මං රෝචේමී”ති.

“ආයුෂ්මතුන් වහන්ස, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩඉන්නවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගිහින් තියෙනවා. එනම්; ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවත් වන සේක’ කියලා. මං පැවිදි වුනේ අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙනුයි. ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මාගේ ශාස්තෘන් වහන්සේ. මං කැමැති ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයටයි.”

“කහං පන භික්ඛු, ඒතරහි සෝ භගවා විහරති අරහං සම්මාසම්බුද්ධෝ”ති:

“පින්වත් භික්ෂුව, මේ දිනවල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ කොහේද?”

“අත්ථාවුසෝ, උත්තරේසු ජනපදේසු සාවත්ථි නාම නගරං, තත්ථ සෝ භගවා ඒතරහි විහරති අරහං සම්මාසම්බුද්ධෝ”ති.

“ආයුෂ්මතුන් වහන්ස, උතුරු ජනපදයෙහි ශ්‍රාවස්ති කියලා නගරයක් තියෙනවා. අන්න එහි තමයි මේ දවස්වල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ.”

“දිට්ඨපුබ්බෝ පන තේ භික්ඛු, සෝ භගවා. දිස්වා ච පන ජානෙය්‍යාසී”ති.

“පින්වත් භික්ෂුව, ඉතින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේව දැකලා තියෙනවාද? ඒ වගේම දැක්කොත් හඳුනන්න පුළුවන්ද?”

“න ඛෝ මේ ආවුසෝ, දිට්ඨපුබ්බෝ සෝ භගවා. දිස්වා චාහං න ජානෙය්‍ය”න්ති.

“අනේ, ආයුෂ්මතුන් වහන්ස, මං ඒ භාග්‍යවතුන් වහන්සේ දැකලා නෑ. දැක්කත් හඳුනගන්න අමාරුයි.”

අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: “මමං ඛ්වායං කුලපුත්තෝ උද්දිස්ස පබ්බජිතෝ. යංනූනස්සාහං ධම්මං දේසෙය්‍ය”න්ති. අථ ඛෝ භගවා ආයස්මන්තං පුක්කුසාතිං ආමන්තේසි: “ධම්මං තේ භික්ඛු, දේසෙස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමී”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙය සිතුනා. ‘මේ කුල පුත්‍රයා මා උදෙසා පැවිදි වූ කෙනෙක්. මං ඔහුට ධර්ම දේශනා කරනවා නම් හොඳයි’ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති අමතා වදාළා.

“පින්වත් භික්ෂුව, මා ඔබට ධර්මය දේශනා කරන්නම්. එය අසන්න. හොඳින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

“ඒවමාවුසෝ”ති ඛෝ ආයස්මා පුක්කුසාති භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“එසේය, ආයුෂ්මතුන් වහන්ස” කියලා ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“ඡධාතුරෝ අයං භික්ඛු, පුරිසෝ ඡඵස්සායතනෝ අට්ඨාරසමනෝපවිචාරෝ චතුරාධිට්ඨානෝ, යත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති, මඤ්ඤුස්සවේ ඛෝ පන නප්පවත්තමානේ මුනි සන්තෝති වුච්චති. පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, සච්චමනුරක්ඛෙය්‍ය, චාගමනුබ්‍රෑහෙය්‍ය, සන්තිමේව සෝ සික්ඛෙය්‍යා’ති අයමුද්දේසෝ ඡධාතුවිභංගස්ස.

“පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ධාතු මාත්‍රයක්. ඒ වගේම සය වැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. ඒ වගේම දහඅට වැදෑරුම් මනස හැසිරීම් මාත්‍රයක්. ඒ වගේම අධිෂ්ඨාන සතරක්. යම් අධිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්ණාසහගත හැඟීම් ඇතිවෙන්නේ නෑ. තෘෂ්ණාසහගත හැඟීම් නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ. ප්‍රඥාව තුළ ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යය ආරක්ෂා කරනවා. ත්‍යාගය පුරුදු කරනවා. ඒ භික්ෂුව ශාන්තිය පිණිසම හික්මෙනවා. මෙය තමයි සය වැදෑරුම් ධාතු පිළිබඳ විග්‍රහයේ මූලික කථාව.

“ඡධාතුරෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං. – පථවීධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු. ‘ඡධාතුරෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ධාතු මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතුයි. ‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ධාතු මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.

“ඡඵස්සායතනෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛුසම්ඵස්සායතනං, සෝතසම්ඵස්සායතනං, ඝානසම්ඵස්සායතනං, ජිව්හාසම්ඵස්සායතනං, කායසම්ඵස්සායතනං, මනෝසම්ඵස්සායතනං. ‘ඡඵස්සායතනෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද? ඇස කියන්නේ ස්පර්ශ ආයතනයක්. කන කියන්නේ ස්පර්ශ ආයතනයක්. නාසය කියන්නේ ස්පර්ශ ආයතනයක්. දිව කියන්නේ ස්පර්ශ ආයතනයක්. කය කියන්නේ ස්පර්ශ ආයතනයක්. මනස කියන්නේ ස්පර්ශ ආයතනයක්. ‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.

“අට්ඨාරසමනෝපවිචාරෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛුනා රූපං දිස්වා සෝමනස්සට්ඨානීයං රූපං උපවිචරති, දෝමනස්සට්ඨානීයං රූපං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං රූපං උපවිචරති. සෝතේන සද්දං සුත්වා ….පෙ…. ඝානේන ගන්ධං ඝායිත්වා …පෙ…. ජිව්හාය රසං සායිත්වා …පෙ…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා …පෙ…. මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, දෝමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං ධම්මං උපවිචරති. ඉති ඡ සෝමනස්සුපවිචාරා ඡ දෝමනස්සුපවිචාරා ඡ උපෙක්ඛුපවිචාරා. ‘අට්ඨාරසමනෝපවිචාරෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා දහඅට වැදෑරුම් මනස හැසිරීම් මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද? එනම් ඇසින් රූපයක් දැක්කට පස්සේ සොම්නස ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහි සිත හැසිරෙනවා. දොම්නස් ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහිත් සිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහිත් සිත හැසිරෙනවා. කනින් ශබ්දයක් ඇසුවට පස්සේ ….(පෙ)…. නාසයෙන් ගඳසුවඳක් ආඝ්‍රාණය කළාට පස්සේ ….(පෙ)…. දිවෙන් රස වින්ඳාට පස්සේ ….(පෙ)…. කයෙන් පහස ලැබුවාට පස්සේ ….(පෙ)…. මනසින් අරමුණක් සිතලා සොම්නස ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි සිත හැසිරෙනවා. දොම්නස් ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි සිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි හිත හැසිරෙනවා. ඔය විදිහට සොම්නසේ සිත හැසිරීම් හයකුත්, දොම්නසේ සිත හැසිරීම් හයකුත්, උපේක්ෂාවේ සිත හැසිරීම් හයකුත් වෙනවා. ‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා දහඅට වැදෑරුම් මනස හැසිරීම් මාත්‍රයක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.

“චතුරාධිට්ඨානෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: පඤ්ඤාධිට්ඨානෝ සච්චාධිට්ඨානෝ චාගාධිට්ඨානෝ උපසමාධිට්ඨානෝ. ‘චතුරාධිට්ඨානෝ අයං භික්ඛු, පුරිසෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා අධිෂ්ඨාන හතරක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද? ප්‍රඥා අධිෂ්ඨානය, සත්‍යය අධිෂ්ඨානය, ත්‍යාග අධිෂ්ඨානය, සංසිඳීම් අධිෂ්ඨානය. ‘පින්වත් භික්ෂුව, මේ පුරුෂයා අධිෂ්ඨාන හතරක්ය’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.

“පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය සච්චමනුරක්ඛෙය්‍ය චාගමනුබ්‍රෑහෙය්‍ය සන්තිමේව සෝ සික්ඛෙය්‍යා’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: කථඤ්ච භික්ඛු, පඤ්ඤං නප්පමජ්ජති: ඡ ඉමා භික්ඛු, ධාතුයෝ: පථවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු.

‘පින්වත් භික්ෂුව, ප්‍රඥාව තුළ ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යය ආරක්ෂා කරනවා. ත්‍යාගය පුරුදු කරනවා. ඒ භික්ෂුව ශාන්තිය පිණිසම හික්මෙනවා.’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමන කරුණක් සඳහාද?

පින්වත් භික්ෂුව, ප්‍රඥාව ප්‍රමාද නොකරන්නේ කොහොමද? පින්වත් භික්ෂුව, මේ ධාතු හයක් තියෙනවා. එනම්; පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතු.

කතමා ච භික්ඛු, පථවීධාතු: පථවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු: යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං. සෙය්‍යථිදං: කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා පථවීධාතු යා ච බාහිරා පථවීධාතු, පථවීධාතුරේවේසා. ‘තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පථවීධාතුයා නිබ්බින්දති, පථවීධාතුයා චිත්තං විරාජේති.

පින්වත් භික්ෂුව, පඨවි ධාතුව යනු කුමක්ද? පඨවි ධාතුව ආධ්‍යාත්මිකවත් තියෙනවා. බාහිරවත් තියෙනවා. පින්වත් භික්ෂුව, ආධ්‍යාත්මික පඨවි ධාතුව යනු කුමක්ද? තමා කෙරෙහි පවතින්නා වූ, තමාගේ යැයි සළකන යම්කිසි ගොරෝසු වූ, තද බවට පැමිණි, සතර මහා භූතයන්ගෙන් හටගත් යමක් ඇද්ද, ඒ කියන්නෙ; කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු,

වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහළු, කුඩා බඩවැල, මහා බඩවැල, නොපැසුණු ආහාර, අසූචි ආදී වූ තවත් තමා කෙරෙහි පවතින්නා වූ, තමාගේ යැයි සළකන යම්කිසි ගොරෝසු වූ, තද බවට පැමිණි, සතර මහා භූතයන්ගෙන් හටගත් දේවල් තමා තුළ ඇද්ද, පින්වත් භික්ෂුව, මෙයට තමයි තමා තුළ තිබෙන්නා වූ පඨවි ධාතුව කියා කියන්නේ. ඉතින් තමා තුළ තිබෙන්නා වූ යම් පඨවි ධාතුවක් ඇද්ද, බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද, ඒ ඔක්කොම පඨවි ධාතු ම යි. ඒ පඨවි ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි. පින්වත් භික්ෂුව, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැකින විට, පඨවි ධාතුව ගැන කළකිරීම ඇතිවෙනවා. පඨවි ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

කතමා ච භික්ඛු, ආපෝධාතු: ආපෝධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා ආපෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නං. සෙය්‍යථිදං: පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තං. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා ආපෝධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා ආපෝධාතු යා ච බාහිරා ආපෝධාතු ආපෝධාතුරේවේසා. ‘තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපෝධාතුයා නිබ්බින්දති, ආපෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් භික්ෂුව, ආපෝ ධාතුව යනු කුමක්ද? අපෝ ධාතුව තමා තුළත් තියෙනවා. බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන්නා වූ ආපෝ ධාතුව කුමක්ද? තමා කෙරෙහි පවත්නා වූ, තමාගේ යැයි සළකන යම් වැගිරෙන දෙයක් ඇද්ද, වැගිරීමට පත්වෙන දෙයක් ඇද්ද, මහා භූතයන් ගෙන් හටගත් දෙයක් ඇද්ද ඒ කියන්නෙ; පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිඳුළු, මූත්‍රා. ඒ වගේම තවත් යම්කිසි තමා තුළ පවතින්නා වූ, තමාගේ යැයි සළකන වැගිරෙන දෙයක් ඇද්ද, වැගිරීමට පත් වෙන දෙයක් ඇද්ද, මහා භූතයන් ගෙන් හටගත් දෙයක් ඇද්ද පින්වත් භික්ෂුව, මෙයට කියන්නෙ තමා තුළ පවතින ආපෝ ධාතුව කියලයි. තමා තුළ පවතින්නා වූ යම් ආපෝ ධාතුවක් ඇද්ද, බාහිර යම් ආපෝ ධාතුවක් ඇද්ද, මේ සෑම දෙයක්ම ආපෝ ධාතුවම යි. ඉතින් ඒ ආපෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි. පින්වත් භික්ෂුව, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දකින විට ආපෝ ධාතුව ගැන කළකිරීම ඇතිවෙනවා. ආපෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

“කතමා ච භික්ඛු, තේජෝධාතු: තේජෝධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා තේජෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නං. සෙය්‍යථිදං: යේන ච සන්තප්පති, යේන ච ජීරීයති, යේන ච පරිඩය්හති, යේන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා තේජෝධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා තේජෝධාතු යා ච බාහිරා තේජෝධාතු, තේජෝධාතුරේවේසා. ‘තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තේජෝධාතුයා නිබ්බින්දති, තේජෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් භික්ෂුව, තේජෝ ධාතුව යනු කුමක්ද? තේජෝ ධාතුව තමා තුළත් තියෙනවා. බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන්නා වූ තේජෝ ධාතුව කුමක්ද? තමා කෙරෙහි පවතින්නා වූ, තමාගේ යැයි සළකන යම් උණුසුම් ස්වභාවයක්, උණුසුම් බවට පැමිණීමක්, මහාභූතයන්ගෙන් සකස් වීමක් ඇද්ද, ඒ කියන්නෙ; යම් තේජෝ ධාතුවකින් මේ කය රත් වෙයිද, යම් තේජෝ ධාතුවකින් මේ කය දිරා යයිද, යම් තේජෝ ධාතුවකින් මේ කය දැවී යයිද, යම් තේජෝ ධාතුවකින් බුදින ලද, පානය කරන ලද, අනුභව කරන ලද, රස විඳින ලද ආහාර පාන ආදිය දිරවයිද, ඒ වගේම තමා තුළ පවතින්නා වූ, තමාගේ යැයි සළකන තවත් යම් උණුසුම් ස්වභාවයක් ඇද්ද, උණුසුම් බවට පත්වීමක් ඇද්ද, මහාභූතයන්ගේ සකස් වීමක් ඇද්ද, පින්වත් භික්ෂුව, මෙයට තමයි තමා තුළ පවතින තේජෝ ධාතුව කියා කියන්නේ. ඉතින් තමා තුළ පවතින්නා වූ යම් තේජෝ ධාතුවක් ඇද්ද, බාහිර යම් තේජෝ ධාතුවක් ඇද්ද, මේ සෑම දෙයක්ම තේජෝ ධාතුවම යි. ඉතින් ඒ තේජෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි. පින්වත් භික්ෂුව, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දකින විට තේජෝ ධාතුව ගැන කළකිරීම ඇතිවෙනවා. තේජෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

“කතමා ච භික්ඛු, වායෝධාතු: වායෝධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා වායෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං. සෙය්‍යථිදං: උද්ධංගමා වාතා අධෝගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨාසයා වාතා අංගමංගානුසාරිනෝ වාතා අස්සාසෝ පස්සාසෝ ඉති යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා වායෝධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා වායෝධාතු යා ච බාහිරා වායෝධාතු වායෝධාතුරේවේසා. ‘තං නේතං මම , නේසෝහමස්මි , න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝධාතුයා නිබ්බින්දති, වායෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් භික්ෂුව, වායෝ ධාතුව යනු කුමක්ද? වායෝ ධාතුව තමා තුළත් තියෙනවා. බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන්නා වූ වායෝ ධාතුව කුමක්ද? තමා තුළ තිබෙන්නා වූ, තමාගේ යැයි සළකන යම් වායු ස්වභාවයක් ඇද්ද, වායු ස්වභාවයට පත්වීමක් ඇද්ද, මහා භූතයන්ගෙන් හටගත් බවක් ඇද්ද ඒ කියන්නෙ; උඩුඅතට නැගෙන වාතය, යටිඅතට යන වාතය, කුසෙහි තිබෙන්නා වූ වාතය, ඒ ඒ කොටස් තුළ තිබෙන්නා වූ වාතය, ශරීර අවයව පුරා සැරිසරන්නා වූ වාතය, ආශ්වාස ප්‍රශ්වාස යනාදියයි. ඉතින් තමා තුළ තිබෙන්නා වූ, තමාගේ යැයි සළකන වෙනත් යම් කිසි වායු ස්වභාවයක්, වායු බවට පත්වීමක්, මහා භූතයන්ගෙන් හටගත් බවක් ඇද්ද, පින්වත් භික්ෂුව, මෙයට කියන්නේ වායෝ ධාතුව කියලයි. තමා තුළ තිබෙන්නා වූ යම් වායෝ ධාතුවක් ඇද්ද, බාහිර තිබෙන්නා වූ යම් වායෝ ධාතුවක් ඇද්ද, ඒ සෑම දෙයක්ම වායෝ ධාතුවම යි. ඉතින් ඒ වයෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි. පින්වත් භික්ෂුව, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දකින විට වායෝ ධාතුව ගැන කළකිරීම ඇතිවෙනවා. වායෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

“කතමා ච භික්ඛු, ආකාසධාතු: ආකාසධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්‍යථිදං: කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යේන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣෝහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යේන ච අසිතපීතඛායිතසායිතං අධෝභාගා නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං අඝං අඝගතං විවරං විවරගතං අසම්ඵුට්ඨං මංසලෝහිතේහි උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු, යා චේව ඛෝ පන අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු ආකාසධාතුරේවේසා. ‘තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා නිබ්බින්දති, ආකාසධාතුයා චිත්තං විරාජේති.

පින්වත් භික්ෂුව, ආකාස ධාතුව යනු කුමක්ද? ආකාස ධාතුව තමා තුළත් තියෙනවා. බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන්නා වූ ආකාස ධාතුව කුමක්ද? තමා තුළ තිබෙන්නා වූ, තමාගේ යැයි සළකන අවකාශයක් (යමක් සඳහා ඇති ඉඩකඩ) ඇද්ද, අවකාශයකට පත්වන බවක් ඇද්ද, මහා භූතයන්ගෙන් සකස් වූ බවක් ඇද්ද, ඒ කියන්නෙ; කන් සිදුර, නාස් සිදුර, මුඛ ද්වාරය, කන බොන දේවල්, පානය කරන අනුභව කරන දේවල් යම් මාර්ගයකින් ශරීරයට ඇතුල් වීමක් ඇද්ද, ඒ වගේම කන බොන දේවල් පානය කරන, අනුභව කරන දේවල් යම් අවකාශයක රඳා සිටීමක් ඇද්ද, ඒ වගේම කන බොන දේවල් පානය කරන, අනුභව කරන දේවල් යම්

මාර්ගයකින් පහළට නික්මීමක් ඇද්ද, ඒ වගේම තමා තුළ තිබෙන්නා වූ, තමාගේ යැයි සළකන්නා වූ තවත් යම්කිසි අවකාශයක් ඇද්ද, අවකාශයකට පත්වීමක් ඇද්ද, මහා භූතයන්ගෙන් සකස් වූ බවක් ඇද්ද, පින්වත් භික්ෂුව, මෙයට කියන්නේ ආකාස ධාතුව කියලයි.

තමා තුළ තිබෙන්නා වූ යම් ආකාස ධාතුවක් ඇද්ද, බාහිර තිබෙන්නා වූ යම් ආකාස ධාතුවක් ඇද්ද, ඒ සෑම දෙයක්ම ආකාස ධාතුවම යි. ඉතින් ඒ ආකාස ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි. පින්වත් භික්ෂුව, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දකින විට ආකාස ධාතුව ගැන කළකිරීම ඇතිවෙනවා. ආකාස ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

“අථාපරං විඤ්ඤාණංයේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං. තේන ච විඤ්ඤාණේන කිං විජානාති: සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛමසුඛන්තිපි විජානාති. සුඛවේදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා, සෝ සුඛං වේදනං වේදයමානෝ ‘සුඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව සුඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං සුඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

එතකොට ඉතුරු වෙන්නේ පාරිශුද්ධ ව බබලන විඤ්ඤාණය විතරයි. ඒ විඤ්ඤාණයෙන් කුමක්ද දැනගන්නේ? සැපයත් දැනගන්නවා. දුකත් දැනගන්නවා. දුක් සැප රහිත බවත් දැනගන්නවා. පින්වත් භික්ෂුව, සැප විඳීමට අදාළ ස්පර්ශය නිසයි සැප විඳීම උපදින්නේ. එතකොට සැප විඳීමක් විඳිමින් ඔහු සැප විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ සැප විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් සැප විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් සැප විඳීමක් ඇද්ද, ඒ සැප විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“දුක්ඛවේදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා. සෝ දුක්ඛං වේදනං වේදයමානෝ ‘දුක්ඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව දුක්ඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං දුක්ඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

පින්වත් භික්ෂුව, දුක් විඳීමට අදාළ ස්පර්ශය නිසයි දුක් විඳීම උපදින්නේ. එතකොට දුක් විඳීමක් විඳිමින් ඔහු දුක් විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ දුක් විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් දුක් විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් දුක් විඳීමක් ඇද්ද, ඒ දුක් විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“අදුක්ඛමසුඛවේදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වේදනා. සෝ අදුක්ඛමසුඛං වේදනං වේදයමානෝ ‘අදුක්ඛමසුඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව අදුක්ඛමසුඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං අදුක්ඛමසුඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

පින්වත් භික්ෂුව, දුක් සැප රහිත විඳීමට අදාළ ස්පර්ශය නිසයි දුක් සැප රහිත විඳීම උපදින්නේ. එතකොට දුක් සැප රහිත විඳීමක් විඳිමින් ඔහු දුක් සැප රහිත විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ දුක් සැප රහිත විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් දුක් සැප රහිත විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් දුක් සැප රහිත විඳීමක් ඇද්ද, ඒ දුක් සැප රහිත විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“සෙය්‍යථාපි භික්ඛු, ද්වින්නං කට්ඨානං සම්ඵස්ස සමෝධානා උස්මා ජායති, තේජෝ අභිනිබ්බත්තති, තේසංයේව ද්වින්නං කට්ඨානං නානාභාවා විනික්බේපා යා තජ්ජා උස්මා, සා නිරුජ්ඣති, සා වූපසම්මති. ඒවමේව ඛෝ භික්ඛු, සුඛවේදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. සෝ සුඛං වේදනං වේදයමානෝ ‘සුඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව සුඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං සුඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

පින්වත් භික්ෂුව එය මේ වගේ දෙයක්. දර කැබලි දෙකක් එකට ඇතිල්ලීමෙන් රස්නයක් හටගන්නවා. ගින්දර උපදිනවා. ඒ දර කැබලි දෙක ඈත් කිරීමෙන්, දෙපැත්තට කිරීමෙන්, එයින් හටගත් යම් උණුසුමක් ඇද්ද, එය නිරුද්ධ වෙනවා. එය සංසිඳෙනවා.

පින්වත් භික්ෂුව අන්න ඒ විදිහමයි, සැප විඳීමට අදාළ ස්පර්ශය නිසයි සැප විඳීම උපදින්නේ. එතකොට සැප විඳීමක් විඳිමින් ඔහු සැප විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ සැප විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් සැප විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් සැප විඳීමක් ඇද්ද, ඒ සැප විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“දුක්ඛවේදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා. සෝ දුක්ඛං වේදනං වේදයමානෝ ‘දුක්ඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව දුක්ඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං දුක්ඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

පින්වත් භික්ෂුව, දුක් විඳීමට අදාළ ස්පර්ශය නිසයි දුක් විඳීම උපදින්නේ. එතකොට දුක් විඳීමක් විඳිමින් ඔහු දුක් විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ දුක් විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් දුක් විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් දුක් විඳීමක් ඇද්ද, ඒ දුක් විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“අදුක්ඛමසුඛවේදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වේදනා. සෝ අදුක්ඛමසුඛං වේදනං වේදයමානෝ ‘අදුක්ඛමසුඛං වේදනං වේදයාමී’ති පජානාති. ‘තස්සේව අදුක්ඛමසුඛවේදනියස්ස ඵස්සස්ස නිරෝධා යං තජ්ජං වේදයිතං අදුක්ඛමසුඛවේදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වේදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.

පින්වත් භික්ෂුව, දුක් සැප රහිත විඳීමට අදාළ ස්පර්ශය නිසයි දුක් සැප රහිත විඳීම උපදින්නේ. එතකොට දුක් සැප රහිත විඳීමක් විඳිමින් ඔහු දුක් සැප රහිත විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ දුක් සැප රහිත විඳීමට අදාළ වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් දුක් සැප රහිත විඳීමට අදාළ වූ ස්පර්ශයෙන් උපන්නා වූ යම් දුක් සැප රහිත විඳීමක් ඇද්ද, ඒ දුක් සැප රහිත විඳීම නිරුද්ධ වෙනවා. එතකොට එය සංසිඳුණු බව දැනගන්නවා.

“අථාපරං උපෙක්ඛායේව අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සෙය්‍යථාපි භික්ඛු, දක්ඛෝ සුවණ්ණකාරෝ වා සුවණ්ණකාරන්තේවාසී වා උක්කං බන්ධෙය්‍ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්‍ය, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසේන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛේ පක්ඛිපෙය්‍ය, තමේනං කාලේන කාලං අභිධමෙය්‍ය, කාලේන කාලං උදකේන පරිප්ඵෝසෙය්‍ය, කාලේන කාලං අජ්ඣුපෙක්ඛෙය්‍ය, තං හෝති ජාතරූපං ධන්තං සුධන්තං නිද්ධන්තං නීහටං නීහටකසාවං මුදු ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, යස්සා යස්සා ච පිළන්ධනවිකතියා ආකංඛති, යදි පවද්ධිකාය යදි කුණ්ඩලාය යදි ගීවෙය්‍යකාය යදි සුවණ්ණමාලාය තඤ්චස්ස අත්ථං අනුභෝති.

එතකොට ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෘදු වූත්, කර්මණ්‍ය වූත්, ප්‍රභාෂ්වර වූත්, බබලන්නා වූත්, පිරිසිදු උපේක්ෂාවම විතරයි. පින්වත් භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන්කරුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ රන්කරුවාගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු කෝවක් බඳිනවා. කෝව බැඳ කෝවෙහි මුඛයේ මැටි තවරනවා. කෝවෙහි මුඛයේ මැටි තවරලා අඬුවෙන් රන් ගෙන ඒ කෝව මුඛයෙහි දමනවා. දාලා හිට ඒ රනට කලින් කලට පිඹිනවා. කලින් කලට දියත් ඉසිනවා. කලින් කලට මධ්‍යස්ථ වෙන්නත් අරිනවා. එතකොට ඒ රන මළකඩ අත්හැරලා, හොඳින් මළකඩ අත්හැරලා, සම්පූර්ණයෙන්ම මළකඩ අත්හැරලා, හැම කහටක්ම බැහැර කරලා, මෘදුව, කර්මණ්‍යව, ප්‍රභාෂ්වර බවට පත්වෙනවා. එතකොට තමයි කැමති කැමති ආකාරයේ ආභරණයක් හදන්න පුළුවන් වෙන්නේ. මාලයක් පිණිස වුනත්, කරාබු පිණිස වුනත්, රන්මාලයක් වුනත් හදන්නට පුළුවන් වන්නේ එතකොට යි.

ඒවමේව ඛෝ භික්ඛු, අථාපරං උපෙක්ඛායේව අවසිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සෝ ඒවං පජානාති: ‘ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. ඒවං මේ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. ඒවං මේ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං. ඒවං මේ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්‍යං. තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං, ඒවං මේ අයං උපෙක්ඛා තංනිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍යා’ති.

පින්වත් භික්ෂුව, මේකත් ඒ විදිහමයි. එතකොට අර මෘදු වූත්, කර්මණ්‍ය වූත්, ප්‍රභාෂ්වර වූත්, බබලන්නා වූත්, පිරිසිදු උපේක්ෂාවම විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඔහු මේ විදිහටයි දැනගන්නේ.

‘ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං ආකාසානඤ්චායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් මේ උපේක්ෂාව ආකාසානඤ්චායතනය ඇසුරු කොට, එය උපාදාන කොට බොහෝ කාලයක් පවතීවි.’

‘ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං විඤ්ඤාණඤ්චායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් මේ උපේක්ෂාව විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට, එය උපාදාන කොට බොහෝ කාලයක් පවතීවි.’

‘ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං ආකිඤ්චඤ්ඤායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් මේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට, එය උපාදාන කොට බොහෝ කාලයක් පවතීවි.’

‘ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං නේවසඤ්ඤානාසඤ්ඤායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් මේ උපේක්ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කොට, එය උපාදාන කොට බොහෝ කාලයක් පවතීවි.’

සෝ ඒවං පජානාති: ‘ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං, සංඛතමේතං. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං, සංඛතමේතං. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං, සංඛතමේතං. ඉමඤ්චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්‍යං, සංඛතමේතන්ති. සෝ නේව තං අභිසංඛරෝති, නාභිසඤ්චේතයති භවාය වා විභවාය වා. සෝ අනභිසංඛරොන්තෝ අනභිසඤ්චේතයන්තෝ භවාය වා විභවාය වා න කිඤ්චි ලෝකේ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තංයේව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.

එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං ආකාසානඤ්චායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් ඒක සංඛතයක්. ඒ වගේම ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං විඤ්ඤාණඤ්චායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් ඒක සංඛතයක්. ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබළන්නා වූ, මේ උපේක්ෂාව මං ආකිඤ්චඤ්ඤායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් ඒක සංඛතයක්. ඉදින් මෙවැනි පාරිශුද්ධ වූ, මෙවැනි ආකාරයෙන් බබලන්නා වූ, මේ උපේක්ෂාව මං නේවසඤ්ඤා÷නාසඤ්ඤායතනයට යෙදෙව්වොත්, ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් ඒක සංඛතයක්. එතකොට ඔහු එය සකස් නොකර ඉන්නවා. සකස් නොකර ඉන්න කොට භවය පිණිස හෝ විභවය පිණිස හෝ කිසිදු චේතනාවක් යොමු කරන්නේ නෑ. ඔහු සකස් නොකරද්දී, භවය පිණිස හෝ විභවය පිණිස හෝ කිසිදු චේතනාවක් යොමු නොකරද්දී, ලෝකයේ කිසිවක් උපාදාන කරගන්නේ නෑ. උපාදාන වශයෙන් නොගන්නා නිසා කිසි තැතිගැනීමක් ඇතිකරගන්නේ නෑ. කිසිවකට තැති නොගෙන, තමා තුළම පිරිනිවන්පානවා. ‘ඉපදීම ක්ෂය වුනා, බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. යළි නිවන් පිණිස කළ යුතු දෙයක් නැතැ’යි දැනගන්නවා.

සෝ සුඛඤ්චේ වේදනං වේදේත. සා අනිච්චාති පජානාති, අනජ්ඣෝසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති. දුක්ඛඤ්චේ වේදනං වේදේති. සා අනිච්චාති පජානාති, අනජ්ඣෝසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති, අදුක්ඛමසුඛඤ්චේ වේදනං වේදේති, සා අනිච්චාති පජානාති, අනජ්ඣෝසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති.

ඉදින් ඔහු සැප විඳීමක් විඳිනවා නම්, එය අනිත්‍යයයි කියලා දැනගන්නවා. එහි සිත බැසගන්නේ නෑ කියල දැනගන්නවා. එය පිළිගන්නේ නෑ කියලා දැනගන්නවා. ඒ වගේම දුක් විඳීමක් විඳිනවා නම්, එය අනිත්‍යයයි කියලා දැනගන්නවා. එහි සිත බැසගන්නේ නෑ කියල දැනගන්නවා. එය පිළිගන්නේ නෑ කියලා දැනගන්නවා. දුක් සැප රහිත විඳීමක් විඳිනවා නම්, එය අනිත්‍යයයි කියලා දැනගන්නවා. එහි සිත බැසගන්නේ නෑ කියල දැනගන්නවා. එය පිළිගන්නේ නෑ කියලා දැනගන්නවා.

සෝ සුඛඤ්චේ වේදනං වේදේති, විසංයුත්තෝ තං න වේදේති. දුක්ඛඤ්චේ වේදනං වේදේති, විසංයුත්තෝ තං න වේදේති. අදුක්ඛමසුඛඤ්චේ වේදනං වේදේති, විසංයුත්තෝ තං න වේදේති, සෝ කායපරියන්තිකං වේදනං වේදයමානෝ කායපරියන්තිකං වේදනං වේදයාමීති පජානාති, ජීවිතපරියන්තිකං වේදනං වේදයමානෝ ජීවිතපරියන්තිකං වේදනං වේදයාමීති පජානාති. කායස්ස භේදා පරං මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධේව සබ්බවේදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.

ඉදින් ඔහු සැප විඳීමක් විඳිනවා නම්, ඒ විඳීම හා එක් වෙලා විඳින්නේ නෑ. ඉදින් ඔහු දුක් විඳීමක් විඳිනවා නම්, ඒ විඳීම හා එක් වෙලා විඳින්නේ නෑ. ඉදින් ඔහු දුක් සැප රහිත විඳීමක් විඳිනවා නම්, ඒ විඳීම හා එක් වෙලා විඳින්නේ නෑ.

ඔහු කය සීමා කොට විඳීමක් විඳිනවා නම්, කය සීමා කොට විඳීමක් විඳින බව දැනගන්නවා. ජීවිතය සීමා කොට විඳීමක් විඳිනවා නම්, ජීවිතය සීමා කොට විඳීමක් විඳින බව දැනගන්නවා. කය බිඳී මරණයට පත්වීමෙන්, ජීවිතය අවසන් වීමෙන් මෙලොවදීම විඳින සියලු දෙය නොපිළිගන්නා නිසා සිසිල් වී සංසිඳෙන බව දැනගන්නවා.

සෙය්‍යථාපි භික්ඛු, තේලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තේලප්පදීපෝ ඣායති, තස්සේව තේලස්ස ච වට්ටියා ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපාහාරා අනාහාරෝ නිබ්බායති. ඒවමේව ඛෝ භික්ඛු, කායපරියන්තිකං වේදනං වේදියමානෝ කායපරියන්තිකං වේදනං වේදයාමීති පජානාති. ජීවිතපරියන්තිකං වේදනං වේදයමානෝ ජීවිතපරියන්තිකං වේදනං වේදයාමීති පජානාති. කායස්ස භේදා පරං මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධේව සබ්බවේදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති. තස්මා ඒවං සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන පඤ්ඤාධිට්ඨානේන සමන්නාගතෝ හෝති. ඒසා හි භික්ඛු, පරමා අරියා පඤ්ඤා යදිදං සබ්බදුක්ඛක්ඛයේ ඤාණං.

පින්වත් භික්ෂුව ඒක මේ වගේ දෙයක්. තෙලුත් නිසා වැටිත් නිසා තමයි තෙල් පහන දැල්වෙන්නේ. ඒ තෙලුත්, වැටිත් අවසන් වීමෙන්, තව තෙල් වැටි නොදැමීමෙන් ආහාර රහිතව පහන නිවී යනවා. පින්වත් භික්ෂුව, ඒ වගේ තමයි. ඔහු කය සීමා කොට විඳීමක් විඳිනවා නම්, කය සීමා කොට විඳීමක් විඳින බව දැනගන්නවා. ජීවිතය සීමා කොට විඳීමක් විඳිනවා නම්, ජීවිතය සීමා කොට විඳීමක් විඳින බව දැනගන්නවා. කය බිඳී මරණයට පත්වීමෙන්, ජීවිතය අවසන් වීමෙන් මෙලොවදීම විඳින සියලු දෙය නොපිළිගන්නා නිසා සිසිල් වී සංසිඳෙන බව දැනගන්නවා.

එම නිසා මෙවැනි ගතිගුණවලින් යුක්ත භික්ෂුව තමයි මේ පරම වූ ප්‍රඥා අධිෂ්ඨානයෙන් යුක්ත වන්නේ. පින්වත් භික්ෂුව, මේක තමයි පරම ආර්ය ප්‍රඥාව. ඒ කියන්නේ සියලු දුක් ක්ෂය කිරීම පිළිබඳ ඤාණයයි.

තස්ස සා විමුත්ති සච්චේ ඨිතා අකුප්පා හෝති. තං හි භික්ඛු, මුසා යං මෝසධම්මං, තං සච්චං යං අමෝසධම්මං නිබ්බානං. තස්මා ඒවං සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන සච්චාධිට්ඨානේන සමන්නාගතෝ හෝති. ඒතංහි භික්ඛු, පරමං අරියසච්චං යදිදං – අමෝසධම්මං නිබ්බානං.

ඔහු ගේ යම් විමුක්තියක් ඇද්ද, එය සත්‍යය තුළ පිහිටලා අකම්පිතවයි තියෙන්නේ. පින්වත් භික්ෂුව, නැසෙන ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒක තමයි බොරුව. නොනැසෙන ස්වභාවයෙන් යුතු යම් නිවනක් ඇද්ද, ඒක තමයි සත්‍යය. එම නිසා මෙවැනි ගතිගුණවලින් යුතු භික්ෂුව තමයි මේ පරම වූ සත්‍ය අධිෂ්ඨානයෙන් යුක්ත වන්නේ. පින්වත් භික්ෂුව යම් මේ නොනැසෙන ස්වභාවයෙන් යුතු ඒ අමා නිවන ඇද්ද, මෙයම යි පරම වූ ආර්ය සත්‍යය.

තස්සේව ඛෝ පන පුබ්බේ අවිද්දසුනෝ උපධී හොන්ති සමත්තා සමාදින්නා. ත්‍යාස්ස පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඒවං සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන චාගාධිට්ඨානේන සමන්නාගතෝ හෝති. ඒසෝ හි භික්ඛු, පරමෝ අරියෝ චාගෝ යදිදං සබ්බූපධිපටිනිස්සග්ගෝ.

එතකොට ඔහු ඉස්සර අවිද්‍යාවෙන් යුක්තව සිටිද්දී, ඔහු පිළිගෙන සිටි, සමාදන්ව සිටි යම් කෙලෙස් ඇද්ද, ඒවා ඔහුට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුළින්ම සිඳිලයි තියෙන්නේ. කරටිය සුන් තල් ගසක් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ. එහෙයින් මෙවැනි ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව පරම වූ ත්‍යාග අධිෂ්ඨානයෙන් සමන්විතවයි ඉන්නේ. පින්වත් භික්ෂුව, සියලු කෙලෙස් දුරින්ම දුරු කිරීමක් ඇද්ද, මෙය තමයි පරම වූ ආර්ය වූ අත්හැරීම.

තස්සේව ඛෝ පන පුබ්බේ අවිද්දසුනෝ අභිජ්ඣා හෝති ඡන්දෝ සාරාගෝ. ස්වාස්ස පහීනෝ හෝති උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ.

එතකොට ඔහු ඉස්සර අවිද්‍යාවෙන් යුක්තව සිටිද්දී, ඔහු තුළ යම් සරාගී වූ කැමැත්තක් තිබුනාද, ඒවා ඔහුට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම සිඳිලයි තියෙන්නේ. කරටිය සුන් තල් ගසක් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ.

තස්සේව ඛෝ පන පුබ්බේ අවිද්දසුනෝ ආඝාතෝ හෝති බ්‍යාපාදෝ සම්පදෝසෝ, ස්වාස්ස පහීනෝ හෝති උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ.

එතකොට ඔහු ඉස්සර අවිද්‍යාවෙන් යුක්තව සිටිද්දී, ඔහු තුළ යම් දොස් සහිත ව්‍යාපාද, වෛර ආදියක් තිබුනාද, ඒවා ඔහුට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම සිඳිලයි තියෙන්නේ. කරටිය සුන් තල් ගසක් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ.

තස්සේව ඛෝ පන පුබ්බේ අවිද්දසුනෝ අවිජ්ජා හෝති සම්මෝහෝ. ස්වාස්ස පහීනෝ හෝති උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. තස්මා ඒවං සමන්නාගතෝ භික්ඛු ඉමිනා පරමේන උපසමාධිට්ඨානේන සමන්නාගතෝ හෝති ඒසෝ හි භික්ඛු, පරමෝ අරියෝ උපසමෝ යදිදං රාගදෝසමෝහානං උපසමෝ.

එතකොට ඔහු ඉස්සර අවිද්‍යාවෙන් යුක්තව සිටිද්දී, ඔහු තුළ යම් මුළා වන ස්වභාවයෙන් යුතු අවිද්‍යාවක් ඇද්ද, ඒවා ඔහුට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුළින්ම සිඳිලයි තියෙන්නේ. කරටිය සුන් තල් ගසක් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ. එහෙයින් මෙවැනි ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුව පරම සංසිඳීම් අධිෂ්ඨානයෙන් සමන්විතවයි ඉන්නේ. පින්වත් භික්ෂුව, සියලු රාග ද්වේෂ මෝහයන්ගේ යම් සංසිඳීමක් ඇද්ද, මෙය තමයි පරම වූ ආර්ය වූ සංසිඳීම.

‘පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, සච්චමනුරක්ඛෙය්‍ය, චාගමනුබ්‍රෑහෙය්‍ය, සන්තිමේව සෝ සික්ඛෙය්‍යා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් භික්ෂුව, ප්‍රඥාව තුළ ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යය ආරක්ෂා කරනවා. ත්‍යාගය පුරුදු කරනවා. ඒ භික්ෂුව ශාන්තිය පිණිසම හික්මෙනවා.’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.

යත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති, මඤ්ඤුස්සවේ ඛෝ පන අප්පවත්තමානේ මුනි සන්තෝති වුච්චතීති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං: අස්මීති භික්ඛු මඤ්ඤිතමේතං. අයමහමස්මීති මඤ්ඤිතමේතං, භවිස්සන්ති මඤ්ඤිතමේතං, න භවිස්සන්ති මඤ්ඤිතමේතං, රූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං, අරූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං, සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං, අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං, නේවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමේතං. මඤ්ඤිතං භික්ඛු, රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං. සබ්බමඤ්ඤිතානං ත්වේව භික්ඛු, සමතික්කමා මුනි සන්තෝති වුච්චති. මුනි ඛෝ පන භික්ඛු, සන්තෝ න ජායති, න ජීයති, න මීයති, න කුප්පති, න විහේසති. තම්පිස්ස භික්ඛු නත්ථි, යේන ජායේථ, අජායමානෝ කිං ජීයිස්සති, අජීයමානෝ කිං මීයිස්සති, අමීයමානෝ කිං කුප්පිස්සති, අකුප්පමානෝ කිස්ස පිහෙස්සති. ‘යත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති, මඤ්ඤුස්සවේ ඛෝ පන නප්පවත්තමානේ මුනි සන්තෝති වුච්චතී’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉමං ඛෝ මේ ත්වං භික්ඛු, සංඛිත්තේන ඡධාතුවිභංගං ධාරේහී”ති.

‘යම් අධිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්ණාසහගත හැඟීම් ඇතිවෙන්නේ නෑ. තෘෂ්ණාසහගත හැඟීම් නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කුමක් පිණිසද?

පින්වත් භික්ෂුව, ‘වෙමි’යි යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘මෙය මම වෙමි’යි යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘අනාගතයේ වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘අනාගතයේ නොවන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘රූපී වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘රූප රහිත වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘සඤ්ඤී වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘සඤ්ඤා රහිත වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. ‘නේවසඤ්ඤානාසඤ්ඤී වන්නේය’ යන මෙය අවිද්‍යා සහගත හැඟීමක්. පින්වත් භික්ෂුව, ඒ හැඟීම රෝගයක්. ඒ හැඟීම ගඬුවක්. ඒ හැඟීම හුලක්. පින්වත් භික්ෂුව, ඒ සියලුම හැඟීම් ඉක්මවා ගිය මුනිවරයා තමයි ශාන්ත වූ තැනැත්තා කියන්නේ. ඒ ශාන්ත වූ අරහත් භික්ෂුව උපදින්නේ නෑ. දිරන්නේ නෑ. මියයන්නේ නෑ. කෙලෙස් නිසා ඇවිස්සෙන්නේ නෑ. වෙහෙසෙන්නේ නෑ.

පින්වත් භික්ෂුව, යම් හේතුවකින් උපදිනවා නම්, ඒ හේතුව ඔහුට නැත්නම්, නූපදින කල්හි දිරන්න මොකක්ද තියෙන්නේ? නොදිරන කල්හි මැරෙන්න මොකක්ද තියෙන්නේ? නොමැරෙන කල්හි අසවල් දේකට ඇවිස්සෙන්නද? නොඇවිස්සෙන කල්හි අසවල් දේකට වෙහෙසෙන්නද?

‘යම් අධිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්ණාසහගත හැඟීම් ඇතිවෙන්නේ නෑ. තෘෂ්ණාසහගත හැඟීම් නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ’ කියලා යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ ඔය කරුණ උදෙසායි.” පින්වත් භික්ෂුව, ඔබ මා විසින් හකුළුවා ප්‍රකාශ කළ මේ සය වැදෑරුම් ධාතු ස්වභාවයන් පිළිබඳ විග්‍රහය මේ විදිහට මතක තබාගන්න.

අථ ඛෝ ආයස්මා පුක්කුසාති “සත්ථා කිර මේ අනුප්පත්තෝ, සුගතෝ කිර මේ අනුප්පත්තෝ සම්මාසම්බුද්ධෝ කිර මේ අනුප්පත්තෝ”ති උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච “අච්චයෝ මං භන්තේ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යෝහං භගවන්තං ආවුසෝවාදේන සමුදාචරිතබ්බං අමඤ්ඤිස්සං. තස්ස මේ භන්තේ, භගවා අච්චයං අච්චයතෝ පටිග්ගණ්හාතු ආයතිං සංවරායා”ති.

එතකොට ආයුෂ්මත් පුක්කුසාති “අනේ, මේ වැඩම කරලා ඉන්නේ මාගේ ශාස්තෘන් වහන්සේ නෙව. අනේ, මේ වැඩම කරලා ඉන්නේ මාගේ සුගතයන් වහන්සේ නෙව. අනේ, මේ වැඩම කරලා ඉන්නේ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෙව” කියලා අසුනෙන් නැගිට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය අභියස හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, වරද මා ඉක්මවා ගියා. බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අකුසල් කරන්නෙක් වගේ, අනේ මං භාග්‍යවතුන් වහන්සේට ‘ආයුෂ්මතුනි’ කියල නොපැවසිය යුතු යම් වචනයක් ඇද්ද, එය කියවුනා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ඒ වරද, මත්තෙහි සංවර වීම පිණිස වරදක් හැටියට පිළිගන්නා සේක්වා!”

“තග්ඝ ත්වං භික්ඛු, අච්චයෝ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං මං ත්වං ආවුසෝවාදේන සමුදාචරිතබ්බං අමඤ්ඤිත්ථ. යතෝ ච ඛෝ ත්වං භික්ඛු, අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං පටිකරෝසි, තං තේ මයං පතිග්ගණ්හාම. වුද්ධිහේසා භික්ඛු, අරියස්ස විනයේ යෝ අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං පටිකරෝති, ආයතිං සංවරං ආපජ්ජතීති.

“පින්වත් භික්ෂුව, ඒකාන්තයෙන්ම වරද ඔබ ඉක්මවා ගියා. බාලයෙක් සේ, මෝඩයෙක් සේ, අකුසලයෙකු සේ තමයි ‘ආයුෂ්මත්’ වචනයෙන් නොඇමතිය යුතු මට ඇමතුවේ. යම් දවසක භික්ෂුව, ඔබ වරද වරද හැටියට දැන ධර්මානුකූල වූ ප්‍රතිකර්ම කරයිද, ඔබේ ඒ වරද අපි පිළිගන්නවා. පින්වත් භික්ෂුව, යමෙක් වරද වරද හැටියට දැක ධර්මානුකූලව පිළියම් කරනවාද, මත්තෙහි සංවර වෙනවාද, ඒක ආර්ය විනය තුළ දියුණුවක්ම යි.”

“ලභෙය්‍යාහං භන්තේ, භගවතෝ සන්තිකේ උපසම්පදන්ති. පරිපුණ්ණං පන තේ භික්ඛු, පත්තචීවරන්ති:

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මට උපසම්පදාව ලැබේවා!”

“පින්වත් භික්ෂුව, ඔබේ පාත්‍ර සිවුරු සම්පූර්ණයිද?”

“න ඛෝ මේ භන්තේ, පරිපුණ්ණං පත්තචීවර”න්ති.

“ස්වාමීනී, මගේ පාත්‍ර සිවුරු සම්පූර්ණ නෑ.”

“න ඛෝ භික්ඛු, තථාගතා අපරිපුණ්ණපත්තචීවරං උපසම්පාදෙන්තී”ති.

“පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේලා අසම්පූර්ණ වූ පාත්‍ර සිවුරු ඇති කෙනාව උපසම්පදා කරන්නේ නෑ.

අථ ඛෝ ආයස්මා පුක්කුසාති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පත්තචීවරපරියේසනං පක්කාමි. අථ ඛෝ ආයස්මන්තං පුක්කුසාතිං පත්තචීවරපරියේසනං චරන්තං භන්තගාවී ජීවිතා වෝරෝපේසි. අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: “යෝ සෝ භන්තේ, පුක්කුසාති නාම කුලපුත්තෝ භගවතා සංඛිත්තේන ඕවාදේන ඕවදිතෝ සෝ කාලංකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ”ති.

එතකොට ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට, පාත්‍ර සිවුරු සෙවීම පිණිස පිටත් වුනා.

එවිට පාත්‍ර සිවුරු සෙවීමෙහි හැසිරෙමින් සිටි ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් වහන්සේ කලබල වූ දෙනක් විසින් අනිනු ලදුව, මරණයට පත්වුනා.

එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, පුක්කුසාති නම් යම් කුලපුත්‍රයෙකුට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේප වූ අවවාදයෙන් අවවාද දෙන ලද්දේද, ඔහු කළුරිය කළා. ඔහු ඉපදුනේ කොහේද? ඔහු ගේ මරණින් මතු ජීවිතය කුමක්ද?”

“පණ්ඩිතෝ භික්ඛවේ, පුක්කුසාති කුලපුත්තෝ, පච්චපාදි ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහේඨේසි. පුක්කුසාති භික්ඛවේ, කුලපුත්තෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා”ති.

“පින්වත් මහණෙනි, පුක්කුසාති කුලපුත්‍රයා ඉතාමත් ඤාණවන්තයි. ධර්මය අවබෝධ කළා. දහම් කරුණු අරභයා මාව පෙළුවේ නෑ. පින්වත් මහණෙනි, පුක්කුසාති කුලපුත්‍රයා ඕරම්භාගීය සංයෝජන පහම නැතිකිරීමෙන් ඕපපාතිකව සුද්ධාවාසයේ උපන්නා. ඒ ලෝකයෙන් ආයෙ මෙහෙ හැරී එන්නෙ නෑ. එහිම පිරිනිවන් පානවා.”

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ධාතුවිභංගසුත්තං දසමං.

ධාතු ස්වභාවයන් විග්‍රහ කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M