මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.5.1. සාලෙය්‍යක සුත්තං

1.5.1. සාලා නම් ගමේ වැසියන්ට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන සාලා නාම කෝසලානං බ්‍රාහ්මණගාමෝ තදවසරි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කොසොල් ජනපදයේ චාරිකාවේ වැඩියා. එහෙම චාරිකාවේ වඩිද්දී, කොසොල් ජනපදවාසීන්ගේ ‘සාලා’ නම් බ්‍රාහ්මණ ගමටත් වැඩියා.

2. අස්සෝසුං ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා: “සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං සාලං අනුප්පත්තෝ. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං, සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී”ති. ම

එතකොට ඒ සාලා ගමේ බමුණන්ටත්, අනෙකුත් ගෘහමූලිකයන්ටත්, මේ කාරණාව ආරංචි වුනා. පින්වත්නි, ශාක්‍ය නම් රාජ වංශයෙන් නික්මී පැවිදි වුණු, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරාගෙන කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී, ‘සාලා’ ගමටත් වැඩම කරලා ඉන්නවාලු. ඒ පින්වත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි කල්‍යාණ කීර්ති රාවයක් පැතිරිලා තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති පරම පිවිතුරු සිතකින් යුතු සේක (අරහං). බාහිර උපකාරයකින් තොරව, තම බුද්ධි මහිමයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් සේක (සම්මා සම්බුද්ධෝ). ඉතා පිරිසිදු අවබෝධ ඥානයෙනුත්, ඊට අනුකූල වූ දිවි පැවැත්මෙනුත් යුතු සේක (විජ්ජාචරණ සම්පන්නෝ). සුන්දර නිවන් මග සොයාගෙන ඒ සුන්දර නිවනට පැමිණි සේක (සුගතෝ). සකල ලෝක ධාතුව ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කළ සේක (ලෝකවිදූ). දෙව් මිනිසුන් දමනය කිරීමෙහි අතිශයින් ම දක්ෂ වන සේක (අනුත්තරෝ පුරිසදම්ම සාරථී). දෙව් මිනිස් ප්‍රජාවට නිවැරදි නායකත්වය සපයන ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං). අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය අන්‍යයන්ටත් අවබෝධ කරවන සේක (බුද්ධෝ). මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වන සේක (භගවා). උන්වහන්සේ කියා දෙන්නේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකය තම නුවණින් ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙනයි. උන්වහන්සේ මුලත් සුන්දර, මැදත් සුන්දර, අවසානයත් සුන්දර, අර්ථ සහිත, පැහැදිලි වචනවලින් යුක්තව දහම් දෙසනවා. මුළුමනින් ම පිරිසිදු, පිරිපුන් නිවන් මග කියා දෙනවා. එබඳු රහතන් වහන්සේ නමක් දැකගන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක් ද?

3. අථ ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පනාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං ඒතදවෝචුං:

ඉතින් ඒ සාලා ගමේ බමුණු ගෘහපතියන් භාග්‍යවතුන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් සමහරු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. තව සමහරු භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා කරල පැත්තකින් වාඩිවුනා. තව සමහරු භාග්‍යවතුන් වහන්සේට ආචාර කරල පැත්තකින් වාඩිවුනා. තවත් සමහරු තම තමන් ව, නම් ගම්වලින් හඳුන්වා දීලා පැත්තකින් වාඩිවුනා. සමහරු නිශ්ශබ්දව ම පැත්තකින් වාඩිවුනා. මේ විදිහට පැත්තකින් වාඩිවුණු ඒ සාලා ගමේ බමුණු ගෘහපතියන් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය විමසුවා.

4. කෝ නු ඛෝ භෝ ගෝතම හේතු කෝ පච්චයෝ යේනමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති? කෝ පන භෝ ගෝතම හේතු කෝ පච්චයෝ යේනමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති?.

“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකෙ සමහර සත්වයින් කය බිඳිල මළාට පස්සෙ, අපාය දුගතිය කියන විනිපාත වූ නිරයේ උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද? ඒකට උපකාර වුනේ මොකක්ද? ඒ වගේ ම භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකෙ තවත් සත්වයින් කය බිඳිල මළාට පස්සෙ, සැප ඇති සුගතියෙ උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද? ඒකට උපකාර වුනේ මොකක්ද? ”

5. අධම්මචරියා විසමචරියා හේතු ඛෝ ගහපතයෝ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. ධම්මචරියා සමචරියා හේතු ඛෝ ගහපතයෝ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති.

“පින්වත් ගෘහපතිවරුනි, මේ ලෝකෙ යම් සත්වයෙක් කය බිඳිල මළාට පස්සෙ, අපාය දුගතිය කියන විනිපාත වූ නිරයේ උපදිනවා නම් ඒකට හේතුව අධර්මයේ හැසිරීමයි. වැරදි හැසිරීමයි. එමෙන් ම පින්වත් ගෘහපතිවරුනි, මෙලොව යම් සත්වයෙක් කය බිඳිල මළාට පස්සෙ, සැප ඇති සුගතියේ උපදිනවා නම් ඒකට හේතුව ධර්මයේ හැසිරීමයි. යහපතේ හැසිරීමයි.”

6. න ඛෝ මයං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානාම. සාධු නෝ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යථා මයං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානෙය්‍යාමාති. තේන හි ගහපතයෝ සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමීති. ඒවං භෝති ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච:

“අනේ! භවත් ගෞතමයන් වහන්ස, අපට විස්තර වශයෙන් නැතිව සාරාංශ වශයෙන් ඔය වදාළ කාරණේ අර්ථ තේරෙන්නෙ නෑ. භවත් ගෞතමයන් වහන්සේ අපට ඔය ධර්මය කියා දෙන සේක්වා! එතකොට භවත් ගෞතමයන් වහන්සේ විසින් විස්තර වශයෙන් නොවදාළ, සාරාංශ වශයෙන් වදාළ ඔය ධර්මය අපටත් විස්තර වශයෙන් තේරුම් ගන්න ලැබීම කොයිතරම් දෙයක්ද?”

“එහෙනම් පින්වත් ගෘහපතිවරුනි, හොඳට අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. කියා දෙන්නම්.”

“එසේය, පින්වතුන් වහන්ස” කියල සාලා ගමේ බමුණු ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.

7. තිවිධං ඛෝ ගහපතයෝ කායේන අධම්මචරියා විසමචරියා හෝති. චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හෝති. තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හෝති.

“පින්වත් ගෘහපතිවරුනි, අධර්මයේ හැසිරීමත්, වැරදි හැසිරීමත් කය මුල් කරගෙන තුන් විදිහකින් සිදුවෙනවා. අධර්මයේ හැසිරීමත්, වැරදි හැසිරීමත් වචනය මුල් කරගෙන හතර ආකාරයකින් සිදුවෙනවා. අධර්මයේ හැසිරීම ත්, වැරදි හැසිරීමත් මනස මුල් කරගෙන තුන් ආකාරයකින් සිදුවෙනවා.

8. කථඤ්ච ගහපතයෝ තිවිධං කායේන අධම්මචරියා විසමචරියා හෝති?. ඉධ ගහපතයෝ ඒකච්චෝ පාණාතිපාතී හෝති ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. අදින්නාදායී ඛෝ පන හෝති, යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදාතා හෝති. කාමේසුමිච්ඡාචාරී ඛෝ පන හෝති, යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසෝ මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒවං ඛෝ ගහපතයෝ තිවිධං කායේන අධම්මචරියා විසමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, අධර්මයේ හැසිරීමත්, වැරදි හැසිරීමත් කය මුල් කරගෙන තුන් විදිහකින් සිදුවෙන්නෙ කොහොමද?

(1). පින්වත් ගෘහපතිවරුනි, මෙලොව කෙනෙක් පාණාතිපාතී වෙනවා. ඒකෙ තේරුම මේකයි. ඔහු නපුරු කෙනෙක්. ලේ තැවරුණු අත් ඇත්තෙක්. සතුන් කපා කොටා මැරීමෙහි යෙදී ඉන්නවා. සත්වයින් කෙරෙහි දයාව රහිතව ඉන්නවා.

(2). ඔහු සොරකම් කරනවා. අනුන් සතු, අනුන්ගේ සම්පත්, ගමක හෝ කැලේක හෝ තියෙනවා නම් ඒ නුදුන් දේ සොර සිතින් අරගන්නවා.

(3). ඔහු කාමේසු මිච්ඡාචාරී වෙනවා. ඒකෙ තේරුම මේකයි. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත්‍රය විසින් රකින, ධර්මයෙන් රකින, එමෙන් ම ස්වාමියෙක් සිටින, එමෙන් ම විවාහ ගිවිසගත්, එමෙන් ම අඩු තරමින් මල් මාලාවක් දමා හෝ, විවාහයක් පිණිස යම් ස්ත්‍රියක්ව වෙන් කොට තිබේ නම්, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ඔවුන් ගේ චරිතය කෙලෙසන අයුරින් වැඩ කරනවා.

පින්වත් ගෘහපතිවරුනි, කය මුල් කරගෙන තුන් විදිහකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි විදිහට හැසිරෙන්නේ ඔය විදිහටයි.

9. කථඤ්ච ගහපතයෝ චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හෝති? ඉධ ගහපතයෝ ඒකච්චෝ මුසාවාදී හෝති සභාගතෝ වා පරිසගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පුගමජ්ඣගතෝ රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ: ‘ඒහම්භෝ පුරිස යං ජානාසි තං වදේහී’ති. සෝ අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස්සං වා ආහ පස්සාමීති, පස්සං වා ආහ න පස්සාමීති. ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා සම්පජානමුසා භාසිතා හෝති. පිසුණාවාචෝ ඛෝ පන හෝති: ඉතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා ඉමේසං අක්ඛාතා අමූසං භේදාය. ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හෝති. ඵරුසාවාචෝ ඛෝ පන හෝති. යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කෝධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හෝති. සම්ඵප්පලාපී ඛෝ පන හෝති: අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා අකාලේන අනපදේසං අපරියන්තවතිං අනත්ථසංහිතං. ඒවං ඛෝ ගහපතයෝ චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ කොහොමද?

(1). පින්වත් ගෘහපතිවරුනි, බොරු කියන කෙනෙක් ඉන්නවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඥාතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන, විනිසුරුවන් සාක්‍ෂි විමසන කොට ‘ඒයි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නොදැන ම තමන් දන්නවා යැයි කියයි නම්, දැන දැනත් තමන් නොදන්නවා යැයි කියයි නම්, නොදැකත් තමන් දකිනවා යැයි කියයි නම්, දැක දැකත් තමන් නොදකිනවා යැයි කියයි නම් ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම්කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් එයයි.

(2). ඔහු කේළාම් කියයි. මෙතනින් අහගෙන ගිහින්, මෙතන බිඳවන්න එතන කියනවා. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියනවා. ඔය විදිහට සමගි අය බිඳවනවා. බිඳුන අය වෙන් කරනවා. කල්ලි හදන්න කැමති වෙනවා. කල්ලි හැදීමේ ඇලෙනවා. කල්ලි හැදෙන අයුරින් අර්බුදකාරීව කතා කරනවා නම් එයයි.

(3). ඔහු පරුෂ වචන කියනවා. ප්‍රශ්න ඇතිවෙන වචන, කර්කශ, අනුන්ට අසතුටු, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇතිවෙන, සමාධිය නැති කරන වචන කීමක් ඇද්ද එයයි.

(4). ඔහු හිස් වචන කියන කෙනෙක්. අයුතු වෙලාවේ කියන, නොවූ දෙයක් කියන, අනර්ථ වූ දෙයක් කියන, අධර්මයක් කියන, අවිනයක් කියන, හිතේ තැන්පත් කර නොගත යුතු දේවල් කියන කෙනෙක්. ඒ වගේම කරුණු රහිතව සීමාවක් නැතිව අනර්ථය ඇතිවෙන හිස් කතා කතා කරනවා.

පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ ඔය විදිහටයි.

10. කථඤ්ච ගහපතයෝ තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හෝති? ඉධ ගහපතයෝ ඒකච්චෝ අභිජ්ඣාලු‍ හෝති: යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣිතා හෝති. ‘අහෝ වත යං පරස්ස තං මම අස්සා’ති. බ්‍යාපන්නචිත්තෝ ඛෝ පන හෝති පදුට්ඨමනසංකප්පෝ: ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහේසුං ඉතිවා’ති. මිච්ඡාදිට්ඨි ඛෝ පන හෝති විපරීතදස්සනෝ: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ ගහපතයෝ තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, මනස මුල් කරගෙන තුන් ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි විදිහට හැසිරෙන්නේ කොහොමද?

(1). පින්වත් ගෘහපතිවරුනි, කෙනෙක් ලෝභ සහිත වෙනවා. අනුන් සතු, අනුන්ගේ යම් සම්පතක් ඇද්ද, ඒ දෙස ලෝභ සිතින් බලනවා. ‘අනේ! අර අනුන් සතු දේවල් මට ලැබෙනවා නම් කොයිතරම් දෙයක් ද’ කියලා.

(2). ඔහු තරහ සිත් ඇති කෙනෙක්. දුෂ්ට සිතුවිලිවලින් යුක්ත වෙනවා. ‘මෙවුන් මරල දාන්න ඕන. මෙවුන් වඳ කරල දාන්න ඕන. මෙවුන් වැනසිලා යන්න ඕන. මෙවුන්ට නම් ජීවත් වෙන්න සිද්ධ වෙන්න එපා’ කියල හිතනවා.

(3). මිථ්‍යා අදහස් වලින් යුක්ත වෙයි. වැරදි දැක්මෙන් යුක්ත වෙයි. දානයේ විපාක නැත. පුද පූජාවන්වල විපාක නැත. ඇප උපස්ථානවල විපාක නැත. හොඳ නරක කර්මවල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව් කියා විශේෂ කෙනෙක් නැත. පියා කියා විශේෂ කෙනෙක් නැත. ඕපපාතිකව උපදින සතුන් නැත. ලෝකයේ යහපත් මාර්ගයේ ගමන් කරල මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් සාක්‍ෂාත් කොට කරුණු පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත කියල හිතනවා.

පින්වත් ගෘහපතිවරුනි, මනස මුල් කරගෙන ඔන්න ඔය විදිහටයි තුන් ආකාරයකට අධර්මයේ හැසිරීමත්, වැරදි විදිහට හැසිරීමත් සිදුවන්නේ.

11. ඒවං අධම්මචරියා විසමචරියා හේතු ඛෝ ගහපතයෝ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.

පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට අධර්මයේ හැසිරීම නම් වූ, වැරදි විදිහට හැසිරීම නම් වූ හේතුව නිසයි මේ ලෝකයේ ඇතැම් සත්වයන් කය බිඳිල මළාට පස්සෙ, අපාය, දුගතිය, විනිපාත කියන නිරයේ උපදින්නෙ.

12. තිවිධං ඛෝ ගහපතයෝ කායේන ධම්මචරියා සමචරියා හෝති. චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හෝති. තිවිධං මනසා ධම්මචරියා සමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම සිදුවෙනවා. වචනය මුල් කරගෙන හතර ආකාරයකින් ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම සිදුවෙනවා. මනස මුල් කරගෙන තුන් ආකාරයකින් යහපතේ හැසිරීම, ධර්මයේ හැසිරීම සිදුවෙනවා.

13. කථඤ්ච ගහපතයෝ තිවිධං කායේන ධම්මචරියා සමචරියා හෝති? ඉධ ගහපතයෝ ඒකච්චෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති: නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති: යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං නාදින්නං ථෙය්‍යසංඛාතං ආදාතා හෝති. කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති: යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසෝ මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒවං ඛෝ ගහපතයෝ තිවිධං කායේන ධම්මචරියා සමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම සිදුවෙන්නෙ කොහොමද?

(1). කෙනෙක් පාණාතිපාතය අත්හැරලා, ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. ඔහු දඬු මුගුරු අත්හැරදාල ඉන්නෙ. අවි ආයුධ අත්හැරදාල ඉන්නෙ. සතුන් මරන්න ලැජ්ජයි. සියලු සතුන් කෙරෙහි දයාවෙන් හිතානුකම්පාවෙන් ඉන්නවා.

(2). ඔහු හොරකම් කරන්නෙ නෑ. හොරකමින් වළකිනවා. අනුන් සතු, අනුන්ගේ සම්පත්, ගමේ හෝ කැලේ හෝ තියෙනවා නම්, ඒ කිසි දෙයක්, සොර සිතින් ගන්නෙ නෑ. නුදුන් දේ ගන්නෙ නෑ.

(3). ඔහු කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වෙනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකිලා ඉන්නවා. මව් විසින් රකින, පියා විසින් රකින, මව් පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්ත්‍රීන් ඉන්නවා. ඒ වගේම ස්වාමියෙක් සිටින ස්ත්‍රීන් ඉන්නවා. විවාහ ගිවිස ගත් ස්ත්‍රීන් ඉන්නවා. අඩු ගානෙ මල් මාලයක් දමා හෝ, විවාහයට සම්මත කරපු ස්ත්‍රීන් ඉන්නවා. එබඳු ස්ත්‍රීන් ගේ චරිතය කෙලෙසන්නෙ නෑ.

පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට කය මුල් කරගෙන ඔහු කරුණු තුනකින් ධර්මයේ හැසිරෙනවා. යහපතේ හැසිරෙනවා.

14. කථඤ්ච ගහපතයෝ චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හෝති? ඉධ ගහපතයෝ ඒකච්චෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති: සභාගතෝ වා පරිසගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ: ‘ඒහම්භෝ පුරිස යං ජානාසි තං වදේහී’ති. සෝ අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස්සං වා ආහ න පස්සාමීති, පස්සං වා ආහ පස්සාමීති. ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා න සම්පජානමුසා භාසිතා හෝති. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති: ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් ධර්මයේ හැසිරෙන්නෙ, යහපතේ හැසිරෙන්නෙ කොහොමද?

(1). පින්වත් ගෘහපතිවරුනි, කෙනෙක් බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සභාවක් මැද හෝ, පිරිස මැද හෝ, ඥාතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියේ හෝ, විනිසුරුවන් සාක්ෂි විමසන කොට ‘ඒයි පුරුෂය, මේ ගැන ඔබ දන්නවා නම් දැන් කියන්න ඕන’ කියලා. ඔහු දන්නෙ නැති දේ දන්නෙ නෑ කියනවා. දන්න දේ දන්නවා කියනවා. නොදකින දේ දකින්නෙ නෑ කියනවා. දකින දේ දකිනවා කියනවා. ඔය විදිහට තමන් නිසාවත්, අනුන් නිසාවත්, යම්කිසි අල්ලසක් නිසාවත් දැන දැන බොරුවක් කියන්නෙ නෑ.

(2). ඔහු කේළාම් කියන්නෙ නෑ. මෙතනින් අහගෙන ගිහින්, මෙතන බිඳවන්න එතන කියන්නෙ නෑ. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියන්නෙ නෑ. ඔය විදිහට බිඳුණු අය සමගි කරනවා. සමගියට අනුබල දෙනවා. සමගියෙන් සතුටු වෙනවා. සමගියට කැමති වෙනවා. සමගිය ම ඇති වන දේ කියනවා.

ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති: යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හෝති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං. ඒවං ඛෝ ගහපතයෝ චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හෝති.

(3). ඔහු පරුෂ වචන අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. කනට මිහිරි වූ සෙනෙහස වඩන හෘදයාංගම වූ වැදගත් වචන, බොහෝ ජනයා කැමති, බොහෝ ජනයා ප්‍රිය මනාප වචන කතා කරනවා.

(4). ඔහු හිස් වචනය දුරු කරනවා. හිස් වචනයෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. සිදු වූ දේ ම කියනවා. අර්ථවත් දේවල් ම කියනවා. ධර්මය ම කියනවා. විනය ම කියනවා. මතකයේ තබා ගත යුතු වටිනා දේ කියනවා. ඔය විදිහට පමණ දැනගෙන අර්ථවත් වූ යහපත් වචන කතා කරනවා.

පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් ධර්මයේ හැසිරෙන්නේ, යහපතේ හැසිරෙන්නේ ඔය විදිහටයි.

15. කථඤ්ච ගහපතයෝ තිවිධං මනසා ධම්මචරියා සමචරියා හෝති? ඉධ ගහපතයෝ ඒකච්චෝ අනභිජ්ඣාලු‍ හෝති: යං තං පරස්ස පරවිත්තූපකරණං, තං නාභිජ්ක්‍ධිතා හෝති: ‘අහෝ වත යං පරස්ස තං මම අස්සා’ති. අබ්‍යාපන්නචිත්තෝ ඛෝ පන හෝති අප්පදුට්ඨමනසංකප්පෝ: ‘ඉමේ සත්තා අවේරා අබ්‍යාබජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ’ති. සම්මාදිට්ඨිකෝ ඛෝ පන හෝති අවිපරීතදස්සනෝ: ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ ගහපතයෝ තිවිධං මනසා ධම්මචරියා සමචරියා හෝති.

පින්වත් ගෘහපතිවරුනි, මනස මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරෙන්නෙ, යහපතේ හැසිරෙන්නෙ කොහොමද?

(1). පින්වත් ගෘහපතිවරුනි, මෙහි කෙනෙක් ලෝභ රහිතව ඉන්නවා. අනුන් සතු සම්පත්වලට ලෝභ කරන්නේ නෑ. ‘අනේ! අර අනුන් සතු දේවල් මට ලැබෙනවා නම් කොච්චර දෙයක් ද’ කියල හිතන්නෙ නෑ.

(2). ඔහු තරහ නැති සිතින් ඉන්නෙ. දුෂ්ට නැති සිතුවිලිවලින් ඉන්නවා. ‘මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!’ කියලා.

(3). සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා. සැබෑම දැක්මෙන් යුතුව ඉන්නවා. දන් දීමෙහි විපාක තියෙනවා. පූජා සත්කාරයේ විපාක තියෙනවා. ඇප උපස්ථානයේ විපාක තියෙනවා. හොඳ නරක කර්මවල විපාක තියෙනවා. මෙලොවක් තියෙනවා. පරලොවක් තියෙනවා. අම්මා කියල විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියල විශේෂ කෙනෙක් ඉන්නවා. ඕපපාතිකව උපදින සතුන් ඉන්නවා. මේ ලෝකයේ යහපත් මාර්ගයේ ගමන් කරල මෙලොව පරලොව දෙක තමන් ගේ ප්‍රඥාවෙන් සාක්‍ෂාත් කරලා, කරුණු පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා.

පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට මනස මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම සිදුවෙනවා.

16. ඒවං ධම්මචරියා සමචරියා හේතු ඛෝ ගහපතයෝ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති.

පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට ධර්මයේ හැසිරීම නිසා, යහපතේ හැසිරීම නිසා මෙලොව ඇතැම් කෙනෙක් කය බිඳිල මළාට පස්සෙ, සැප ඇති සුගති ලෝකෙ උපදිනවා.

17. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා ඛත්තියමහාසාළානං වා සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ කායස්ස භේදා පරම්මරණා ඛත්තියමහාසාළානං වා සහව්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා බ්‍රාහ්මණමහාසාළානං වා ….(පෙ)…. ගහපතිමහාසාළානං වා සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ කායස්ස භේදා පරම්මරණා ගහපතිමහාසාළානං වා සහව්‍යතං උපපජ්ජෙය්‍ය තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී.

පින්වත් ගෘහපතිවරුනි, ඒ ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා, මෙහෙම කැමති වුනොත්, ‘අනේ! මං මැරුණට පස්සෙ ඉහළ කුලේ රජ පවුලක උපදින්න ඕන’ කියල, ඔහු මැරුණට පස්සෙ ඉහළ කුලේ රජ පවුලක උපදින එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ධර්මයේ හැසිරුනේ යහපතේ හැසිරුනේ එබඳු දෙයක් ලැබෙන විදිහට නිසයි. පින්වත් ගෘහපතිවරුනි, ඒ වගේ ම ඔහු මෙහෙම කැමති වුනොත්, ‘අනේ ! මං මැරුණට පස්සෙ ඉහළ කුලේ බ්‍රාහ්මණ පවුලක උපදින්න ඕන’ කියල ….(පෙ)…. ‘ඉහළ කුලේ ගෘහපති පවුලක උපදින්ට ඕන’ කියල, ඔහු මැරුණට පස්සෙ ඉහළ කුලේ ගෘහපති පවුලක උපදින එක සිදු විය හැකි දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ධර්මයේ හැසිරුනේ, යහපතේ හැසිරුනේ එබඳු උපතක් ලැබිය හැකි විදිහටයි.

18. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා තාවතිංසානං දේවානං ….(පෙ)…. යාමානං දේවානං ….(පෙ)…. තුසිතානං දේවානං ….(පෙ)…. නිම්මානරතීනං දේවානං ….(පෙ)…. පරනිම්මිතවසවත්තීනං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ කායස්ස භේදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී.

පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නත් පුළුවනි. ‘අනේ! මං මැරුණට පස්සෙ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකෙ උපදිනවා නම් හොඳයි’ කියල. ඔහු මැරුණට පස්සෙ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකෙ උපදින එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදිහට ධර්මයේ හැසිරුණු නිසයි. යහපතේ හැසිරුණු නිසයි. ඒ වගේම පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙහෙමත් කැමති වන්නට පුළුවනි. ‘අනේ! මං මැරුණට පස්සෙ තව්තිසා දිව්‍ය ලෝකෙ ….(පෙ)…. යාම දිව්‍ය ලෝකෙ ….(පෙ)…. තුසිත දිව්‍ය ලෝකෙ ….(පෙ)…. නිම්මාණරතී දිව්‍ය ලෝකෙ ….(පෙ)…. පරනිම්මිතවසවත්ති දිව්‍ය ලෝකෙ උපදින්න තියෙනවා නම් කොයිතරම් දෙයක් ද’ කියලා. ඉතින් ඔහු මැරුණට පස්සෙ පරනිම්මිතවසවත්ති දිව්‍ය ලෝකෙ උපත ලබනවා කියන එක සිදුවිය හැකි දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදිහටයි ධර්මයේ හැසිරුනේ. යහපතේ හැසිරුනේ.

19. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ කායස්ස භේදා පරම්මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා ආභානං දේවානං ….(පෙ)…. පරිත්තාභානං දේවානං ….(පෙ)…. අප්පමාණාභානං දේවානං ….(පෙ)…. ආභස්සරානං දේවානං ….(පෙ)…. සුභානං දේවානං ….(පෙ)…. පරිත්තසුභානං දේවානං ….(පෙ)…. අප්පමාණසුභානං දේවානං ….(පෙ)…. සුභකිණ්ණකානං දේවානං ….(පෙ)…. වේහප්ඵලානං දේවානං ….(පෙ)…. අවිහානං දේවානං ….(පෙ)…. අතප්පානං දේවානං ….(පෙ)…. සුදස්සානං දේවානං ….(පෙ)…. සුදස්සීනං දේවානං ….(පෙ)…. අකනිට්ඨකානං දේවානං ….(පෙ)…. ආකාසානඤ්චායතනූපගානං දේවානං ….(පෙ)…. විඤ්ඤාණඤ්චායතනූපගානං දේවානං ….(පෙ)…. ආකිඤ්චඤ්ඤායතනූපගානං දේවානං ….(පෙ)…. නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති, ඨානං ඛෝ පනේතං විජ්ජති. යං සෝ කායස්ස භේදා පරම්මරණා නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරී.

පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වන්නත් පුළුවනි. ‘අනේ! මං මැරුණට පස්සෙ බඹලොව උපදිනවා නම් කොයිතරම් දෙයක් ද’ කියල. ඉතින් ඔහු මැරුණට පස්සෙ බඹලොව ඉපදීම සිදුවිය හැකි දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදිහටයි ධර්මයේ හැසිරුනේ. යහපතේ හැසිරුනේ. ඒ වගේම පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වන්නත් පුළුවනි. ‘අනේ! මං මැරුණට පස්සෙ ආභ නම් බඹලොව ….(පෙ)…. පරිත්තාභ නම් බඹලොව ….(පෙ)…. අප්පමාණාභ නම් බඹලොව ….(පෙ)…. ආභස්සර නම් බඹලොව ….(පෙ)…. සුභ නම් බඹලොව ….(පෙ)…. පරිත්තසුභ නම් බඹලොව ….(පෙ)…. අප්පමාණසුභ නම් බඹලොව ….(පෙ)…. සුභකිණ්ණ නම් බඹලොව ….(පෙ)…. වේහප්ඵල නම් බඹලොව ….(පෙ)…. අවිහ නම් බඹලොව ….(පෙ)…. අතප්ප නම් බඹලොව ….(පෙ)…. සුදස්ස නම් බඹලොව ….(පෙ)…. සුදස්සී නම් බඹලොව ….(පෙ)…. අකනිට්ඨක නම් බඹලොව ….(පෙ)…. ආකාසානඤ්චායතන නම් බඹලොව ….(පෙ)…. විඤ්ඤාණඤ්චායතන නම් බඹලොව ….(පෙ)…. ආකිඤ්චඤ්ඤායතන නම් බඹලොව ….(පෙ)…. නේවසඤ්ඤානාසඤ්ඤායතන නම් බඹලොව දෙවියන් අතර උපදින්න ලැබෙනවා නම් කොයිතරම් හොඳ ද’ කියලා. ඔහු මැරුණට පස්සෙ නේවසඤ්ඤානාසඤ්ඤායතන බඹලොව උපදිනවා එක සිදුවිය හැකි දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදිහටයි ධර්මයේ හැසිරුනේ. යහපතේ හැසිරුනේ.

20. ආකංඛෙය්‍ය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී ‘අහෝ වතාහං ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යන්ති. ඨානං ඛෝ පනේතං විජ්ජති යං සෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය. තං කිස්ස හේතු? තථා හි සෝ ධම්මචාරී සමචාරීති.

පින්වත් ගෘහපතිවරුනි, ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙහෙම කැමති වෙන්නටත් පුළුවනි. ‘අනේ! මම ආශ්‍රවයන් ක්ෂය කරල, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේ දී ම තමන්ගේ ම නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරන්න ඕන’ කියල. ඔහු ආශ්‍රවයන් ක්ෂය කරල, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තමන් ගේ ම නුවණින් සාක්‍ෂාත් කරගෙන වාසය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? ඔහු ඒ විදිහටයි ධර්මයේ හැසිරුනේ. යහපතේ හැසිරුනේ.”

21. ඒවං වුත්තේ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං ඒතදවෝචුං:

භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළා. එතකොට ‘සාලා‘ ගමේ බමුණු ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තී’ති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතේ සරණං ගතේ”ති.

“භවත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ. වහල තිබුණු දෙයක් ඇරල පෙන්නුවා වගේ. මංමුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගේ. අඳුරේ යන උදවියට රූප දකින්නට තෙල් පහන් දල්වනවා වගෙයි. ඔය විදිහට නොයෙක් ආකාරයෙන් භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය වදාළා. ඉතින් අපි පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ, අප ගැන අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයින් ලෙස සලකන සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

සාලෙය්‍යක සුත්තං පඨමං.

සාලා නම් ගමේ වැසියන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M