ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.12. චන්දා ථේරීගාථා

5.12. චන්දා තෙරණියගේ ගාථා

122. දුග්ගතාහං පුරේ ආසිං විධවා ච අපුත්තිකා,
විනා මිත්තේහි ඤාතීහි භත්තචෝළස්ස නාධිගං.

122. ඉස්සර මං ජීවිතය ගත කළේ ස්වාමියත් නැතිව, දූ දරුවනුත් නැතිව. මං ගොඩාක් දුක් වින්දා. නෑමිතුරන් ද නැති මට කන්ට අඳින්ට කිසි දෙයක් තිබුණේ නෑ.

123. පත්තං දණ්ඩඤ්ච ගණ්හිත්වා භික්ඛමානා කුලාකුලං,
සීතුණ්හේන ච ඩය්හන්තී සත්තවස්සානි චාරිහං.

123. මං මැටි භාජනයකුත් අරගෙන, හැරමිටියකුත් අරගෙන ගෙයින් ගෙට හිඟා කකා ගියා. සීතලෙන්, අව්වෙන් පීඩා විඳ විඳා හත් අවුරුද්දක් ම ගෙවිලා ගියා.

124. භික්ඛුනිං පුන දිස්වාන අන්නපානස්ස ලාභිනිං,
උපසංකම්මාවෝචං පබ්බජ්ජං අනගාරියං.

124. දවසක් හොඳට කෑම බීම ලැබෙන පටාචාරා භික්ෂුණිය දැකගන්ට ලැබුණා. ඇය කරා ගිහින් මේ පැවිදි බව ඉල්ලා හිටියා.

125. සා ච මං අනුකම්පාය පබ්බාජේසි පටාචාරා,
තතෝ මං ඕවදිත්වාන පරමත්ථේ නියෝජයී.

125. ඒ පටාචාරා භික්ෂුණිය මට ගොඩක් අනුකම්පා කළා. මාව මහණ කළා. මට අවවාද කළා. මාව උතුම් අර්ථයෙහි යෙදවූවා.

126. තස්සාහං වචනං සුත්වා අකාසිං අනුසාසනිං,
අමෝඝෝය්‍යාය ඕවාදෝ තේවිජ්ජම්හි අනාසවාති.

126. ඇගේ වචනය අසාගත්ත මං ඒ අනුශාසනාව කළා. ඒ භික්ෂුණිය ගේ අවවාදය හිස් දෙයක් නොවේ. දැන් මාත් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්.

ඉත්ථං සුදං චන්දා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී චන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

පඤ්චකනිපාතෝ නිට්ඨිතෝ.

පස්වෙනි නිපාතය නිමා විය.

(ගාථා පහ බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M