67. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.
68. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.
69. මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.
70. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.
71. අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
මේ වනාහී එක්තරා රහත් තෙරණියක් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M