ඛුද්දක නිකාය

විමානවත්ථු

6.1. අගාරිය විමාන වත්ථු

6.1. අගාරිය විමානය

1049. උයන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය තියෙන්නෙ උතුම් තව්තිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතා වනය වගේ බබලනවා. ඔබේ ඒ විමානය අහසෙහි බබලමින් තියෙනවා.

1050. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1051. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1052. ස්වාමීනි, මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදි ගිහි ජීවිතය ගත කළේ පැන් පොකුණක් තියෙනවා වගේ. ආර්ය සංඝයා විෂයෙහි සිත පහදවා ගෙන බොහොම පිළිවෙලට අපි මහා දන් පැන් පූජා කළා.

1053. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1054. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

පළමු වෙනි අගාරිය විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M