ඛුද්දක නිකාය

විමානවත්ථු

5.1. මණ්ඩකදේවපුත්ත විමාන වත්ථු

5.1. මණ්ඩකදේවපුත්ත විමානය

858. ඔබ ඉර්ධිමත්. යසස් තිබෙනවා. බබලනවා. මනහර රූසපුවෙන් හැම දිසාවක්ම එළිය කරනවා. මගේ පා වන්දනා කරන ඔබ කවුද?

859. මං මීට ඉස්සර ජීවිතයේ උපන්නෙ වතුරේ හැසිරෙන මැඩියෙක් වෙලා. මුඹවහන්සේ දේශනා කරන උතුම් ධර්මය අසද්දි ඒ ගොපල්ලා අතින් (නො දැනුවත්ව) මං මැරුනා.

860. මගේ හිත පැහැදුනේ මොහොතයි. ඒ තුළින් මට ලැබුණු ඉර්ධියත් යසසත් බලනු මැනව. මගේ ආනුභාවය බලනු මැනව. මගේ සිරුර පැහැයත්, පැතිරෙන ආලෝකයත් බලනු මැනව.

861. ගෞතමයන් වහන්ස, මුඹවහන්සේ වදාරණ ධර්මය බොහෝ කාලයක් තිස්සේ අහපු අය ඉන්නවා. ඔවුන් යම් තැනකට ගිහින් සෝක නැතුව ඉන්නවා නම් අන්න ඒ මගඵල ලබල ස්ථිර වෙනවා.

සාදු ! සාදු !! සාදු !!!

පළමු වෙනි මණ්ඩුකදේවපුත්ත විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M