756. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.
757. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
758. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
759. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
760. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇහැල මල් කළඹක් පූජා කළා.
761. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
762. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙ දි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. (ඉන්දීවරදායිකා)
763. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.
764. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
765. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
766. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
767. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්ය වූ නගරය තිබුනෙ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නිල්මහනෙල් මල් කළඹක් පූජා කළා.
768. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
769. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. (නීලුප්පලදායිකා)
770. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.
771. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
772. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
773. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
774. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නෙළුම් මල් කළඹක් පූජා කළා. ඒ නෙළුම්වල සුදු මුල් තියෙනවා. කොළ පැහැති පත්ර තියෙනවා. විලේ තමයි ඒවා හැදුනේ.
775. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
776. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. (ඕදතමූලදායිකා)
777. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.
778. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
779. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
780. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
781. මං සුමනා. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පණ්ණකත කියන රම්ය වූ නගරය තිබුනේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇත්දළ පාටින් යුතු දෑසමන් මල් කැකුළු පූජා කළා.
782. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
783. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. (සුමනමකුළදායිකා)
සාදු ! සාදු !! සාදු !!!
හත්වෙනි චතුරිත්ථි විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M