ඛුද්දක නිකාය

විමානවත්ථු

3.5. ගුත්තිල විමාන වත්ථු

3.5. ගුත්තිල විමානය

328. පින්වත් සක් දෙවිඳුනි, මං වීණාවෙහි සත්සර පිරිමදිමින් මධුර නාදය කණ්කළු නාදය ඇති ඒ වීණා වාදනය ඔහුට ඉගැන්වුවා. නමුත් දැන් ඔහු රඟමඬලෙහි මට වාදෙට කතා කරනවා. අනේ මට පිහිට වෙන්න.

329. ඔව්, මං ඔබට පිහිට වෙනවා. මං ගුරුවරුන් පුදන කෙනෙක්. ශිෂ්‍යයාට ජය ගන්න ලැබෙන්නෙ නෑ. ගුරුවරයා තමයි ශිෂ්‍යයාව පරදවලා ජය ගන්නෙ.

330. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.

331. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

332. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

333. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

334. උතුම් වස්ත්‍ර දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නෙ. ඔය විදිහට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා.

335. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවාගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්.

336. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

337. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

(මේ විමානය ගැන යම් විස්තරයක් පැවසුවාද ඉදිරියේ දී හැම විමානයක් ගැනම විස්තර කළ යුත්තේ ඒ විදිහටයි.)

338-341. සරීර සෝභාවයෙන් ඉතාම සුන්දරයි …. (පෙ) …. ඔබේ සිරුරෙහි පැහැය හැම දිසාවන් ම බබුළුවනවා.

342. උතුම් මල් දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නෙ. ඔය විදිහට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා.

343. ඒ මගේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්.

344.-349. ඒ නිසයි මට මෙවැනි ශරීර වර්ණයක් ලැබුනේ. …. (පෙ) …. මේ ශරීර වර්ණය හැම දිසාවක්ම බබලුවනවා.

350-373. උතුම් සුවඳ දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නෙ. …. (පෙ) …. උතුම් ඵලවැල දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා …. (පෙ) …. උතුම් රස දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා …. (පෙ) ….

374-381. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පස් ආකාර සුවඳ වර්ග පූජා කළා. ඒ මගේ දිව්‍ය විමානය බලනු මැනැව …. (පෙ) …. මගේ සිරුරේ වර්ණයෙන් හැමදිසාවම බබලනවා.

382-389. මාවතේ වඩින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැකගන්න ලැබුනා. මං උන්වහන්සේලාගෙන් ධර්මය අසාගත්තා. එක දවසක් උපෝසථ සිල් ආරක්ෂා කළා. ඒ මගේ විමානය බලනු මැනව …. (පෙ) …. මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිශාවම බබුලුවනවා.

390-397. මං හිටියේ වතුරෙ. ස්වාමීන් වහන්සේ නමකට පහන් සිතින් පැන් ටිකක් පූජා කරගත්තා. ඒ මගේ විමානය බලනු මැනව …. (පෙ) …. මගේ සිරුරෙන් විහිදන එළිය හැම දිසාවම බබුලුවනවා.

398-405. මගේ නැන්දාත් මාමණ්ඩියත් චණ්ඩයි. ක්‍රෝධ කරනවා. ඵරුසයි. නමුත් මං දොස් කිව්වෙ නෑ. අප්‍රමාදීව සිල් ආරක්ෂා කළා. උන්දැලාට හොඳින් උපස්ථාන කළා.

406-413. මං අනුන්ට බැලමෙහෙවරකම් කළා. කීයක් හරි හොයා ගන්ට කම්මැලි නැතිව මහන්සි වුනා. මං දාසියක්. මා ක්‍රෝධ කළේ නෑ. මාන්නයක් ඇති කර ගත්තෙ නෑ. මට ලැබුන දෙයින් බෙදා හදාගෙන සතුටු වුනා.

414-421. ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට කිරිබතක් පූජා කළා. ඔය විදිහටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. …. (පෙ) ….

422-409. මං උක්සකුරු ටිකක් පූජා කරගත්තා …. (පෙ) ….

මං උක් දණ්ඩක් පූජා කරගත්තා …. (පෙ) ….

මං තියඹරා ටිකක් පූජා කරගත්තා …. (පෙ) ….

මං සීනි කැකිරි පූජා කරගත්තා …. (පෙ) ….

මං මහකැකිරි පූජා කරගත්තා …. (පෙ) ….

මං වැල්ඵල පූජා කරගත්තා …. (පෙ) ….

මං බොරළු දමුනු ටිකක් පූජා කරගත්තා …. (පෙ) ….

මං ගිනිකබලක් පූජා කරගත්තා …. (පෙ) ….

මං පලාකොළ මිටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං මල් මිටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං මුලපලා මිටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං කොහොඹ කොළ මිටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං ඇඹුල් කැඳ ටිකක් පූජා කරගත්තා …. (පෙ) ….

මං තලමුරු වටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං ඉණපටියක් පූජා කරගත්තා …. (පෙ) ….

මං අංසකඩයක් පූජා කරගත්තා …. (පෙ) ….

මං ආයෝගපට්ටයක් පූජා කරගත්තා …. (පෙ) ….

මං විජිනිපතක් පූජා කරගත්තා …. (පෙ) ….

මං තල් වටක් පූජා කරගත්තා …. (පෙ) ….

මං මොණරපිල් වටාපතක් පූජා කරගත්තා …. (පෙ) ….

මං කුඩයක් පූජා කරගත්තා …. (පෙ) ….

මං සෙරෙප්පු ජෝඩුවක් පූජා කරගත්තා …. (පෙ) ….

මං කැවුමක් පූජා කරගත්තා …. (පෙ) ….

මං අග්ගලාවක් පූජා කරගත්තා …. (පෙ) ….

610. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.

611. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින් ද?

612. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

613. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

614. ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට උක්සකුරුවලින් කළ කැවිලි පූජා කළා. ඔය විදිහටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.

615. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවාගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්.

616. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

617. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

618. ඒකාන්තයෙන්ම අසිරිමත්! මගේ පැමිණීම යහපත්මය. අද සොඳුරු උදෑසනකි. අද මට සොඳුරු පිබිදීමකි. තමන් කැමති රූ මවාගෙන සිටින අප්සරාවන්ව මං දැකගත්තා.

619. මොවුන්ගෙන් මං බණ ඇසුවා. මං බොහෝ පින් කරනවා. දානය, සිල් රැකීම, සංයමය, දමනය පුරුදු කරනවා. යම් තැනකට ගිහින් ශෝක නො කර ඉන්නවා නම් මං අන්න එතැනට යනවා.

සාදු! සාදු!! සාදු!!!

පස්වෙනි ගුත්තිල විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M