ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.1. අකුසලමූල සුත්තං

3.1.1. අකුසල් මුල් ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ අකුසල් මුල් තුනක් තියෙනවා. මොනවද ඒ තුන? ලෝභය අකුසල මුලක්. ද්වේෂය අකුසල මුලක්. මෝහය අකුසල මුලක්. පින්වත් මහණෙනි, මෙන්න මේවා තමයි අකුසල මුල් තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“පාපී අදහස් තියෙන කෙනා තමන් තුළ හට ගන්නා ලෝභ, ද්වේෂ, මෝහ නිසාම පීඩාවට පත්වෙනවා. හරියට පොත්තම අරටුව කරගෙන හැදෙන ගහක (උණ ගසේ) ඵල හට ගන්නවා වගේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M