භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, පසුතැවීම ඇති නොකරවන කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක මොනවාද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් ඉන්නවා, යහපත් දේවල්මයි කරගෙන තියෙන්නේ. කුසල්මයි කරගෙන තියෙන්නේ. පිහිට පිණිස පවතින පින්මයි කරගෙන තියෙන්නේ. ඒ වගේම ඔහු අතින් පව් කෙරිලා නෑ. කෲර දේවල් කෙරිලා නෑ. කිලුටු දේවල් කෙරිලා නෑ. ඔහුට ‘මගේ අතින් සිදුවුනේ යහපත් දේවල්මයි’ කියලා සිතෙන නිසා තැවෙන්න දෙයක් නෑ. ‘මගේ අතින් පව් කෙරිලා නෑ’ කියලා සිතෙන නිසා ඒ ගැන තැවෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, මේ තමයි පසුතැවීම ඇති නොකරන කාරණා දෙක.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කයෙනුත් දුෂ්චරිතය අත්හැර දානවා. වචී දුෂ්චරිතයත් අත්හැර දානවා. මනෝ දුෂ්චරිතයත් අත්හැර දානවා. තවත් දොස් සහිත දේවල් තියෙනවා නම්, ඒවත් අත්හරිනවා.
අකුසල කර්ම කර නොගත්තු නිසා, බොහෝ කොට කුසල්ම කරගත්තු නිසා, කය බිඳිලා මිය පරලොව යන ඒ ඤාණවන්තයා දෙව්ලොව උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M