මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, කුසල්සිල්වලින් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, කුසල්සිල්වලින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් පසුතැවිල්ල නැතිකමයි.”
“ස්වාමීනී, පසුතැවිල්ල නැතිකමින් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, පසුතැවිල්ල නැතිකමින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් ප්‍රමුදිතබවයි.”
“ස්වාමීනී, ප්‍රමුදිත බවින් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, ප්‍රමුදිතබවින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් ප්‍රීතිය යි.”
“ස්වාමීනී, ප්‍රීතියෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, ප්‍රීතියෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් කය සංසිඳී ගොස් සැහැල්ලුවට පත්වීම යි.”
“ස්වාමීනී, කය සංසිඳී ගොස් සැහැල්ලු වීමෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, කය සංසිඳී ගොස් සැහැල්ලුවීමෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් සැපය යි.”
“ස්වාමීනී, සැපයෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, සැපයෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් සිත එකඟ ව සමාධියට පත්වීම යි.”
“ස්වාමීනී, සිත එකඟ ව සමාධිමත් වීමෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, සිත එකඟ ව සමාධිමත් වීමෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණ ලැබීම යි.”
“ස්වාමීනී, ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණින් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් අවබෝධයෙන් මැ එපා වීම යි.”
“ස්වාමීනී, අවබෝධයෙන් මැ එපා වීමෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, අවබෝධයෙන් මැ එපා වීමෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් නොඇල්මට පත් වීම යි.”
“ස්වාමීනී, නොඇල්මට පත් වීමෙන් ලැබෙන යහපත කුමක්ද? ආනිශංසය කුමක්ද?”
“ආනන්දයෙනි, නොඇල්මට පත් වීමෙන් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් ඒ නොඇලුණු දෙයින් තමා සදහට ම නිදහස් වැ ගිය බව දන්නා නුවණ ලැබීම යි.
ආනන්දයෙනි, මේ අයුරින් පසුතැවිල්ල නැති බව නම් වූ යහපත, පසුතැවිල්ල නැති බව නම් වූ ආනිශංසය ලැබෙන්නේ කුසල්සිල් වලිනි. ප්‍රමුදිත බව නම් වූ යහපත, ප්‍රමුදිත බව නම් වූ ආනිශංසය ලැබෙන්නේ පසුතැවිල්ල නැතිකමිනි. ප්‍රීතිය නම් වූ යහපත, ප්‍රීතිය නම් වූ ආනිශංසය ලැබෙන්නේ ප්‍රමුදිත භාවයෙනි. කය සංසිඳී ගොස් සැහැල්ලු වීම නම් වූ යහපත, කය සංසිඳී ගොස් සැහැල්ලු වීම නම් වූ ආනිශංසය ලැබෙන්නේ ප්‍රීතියෙනි. සැපය නම් වූ යහපත, සැපය නම් වූ ආනිශංසය ලැබෙන්නේ කය සංසිඳී ගොස් සැහැල්ලු වීමෙනි. සිත එකඟ වැ සමාධිමත් වීම නම් වූ යහපත, සිත එකඟ වැ සමාධිමත් වීම නම් වූ ආනිශංසය ලැබෙන්නේ සැපයෙනි. ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණ නම් වූ යහපත, ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණ නම් වූ ආනිශංසය ලැබෙන්නේ සමාධියෙනි. අවබෝධයෙන් මැ එපා වීම නම් වූ යහපත, අවබෝධයෙන් මැ එපා වීම නම් වූ ආනිශංසය ලැබෙන්නේ ඇත්ත ඇති සැටියෙන් මැ දන්නා නුවණින් ය. නොඇල්මට පත් වීම නම් වූ යහපත, නොඇල්මට පත් වීම නම් වූ ආනිසංසය ලැබෙන්නේ අවබෝධයෙන් ම එපා වීමෙනි. නොඇල්මට පත් වූ දෙයින් තමා සදහට ම නිදහස් වැ ගිය බව දන්නා නුවණ නම් වූ යහපත, නොඇල්මට පත් වූ දෙයින් තමා සදහට ම නිදහස් වැ ගිය බව දන්නා නුවණ නම් වූ ආනිශංසය ලැබෙන්නේ නොඇල්මට පත් වී ගිය නිසා ය.
මෙසේ ආනන්දයෙනි, කුසල්සිල් වලින් පිළිවෙලින් අරහත්වය නම් වූ මුදුනට මැ යන්නේ ඔය අයුරිනි.”
සාදු! සාදු!! සාදු!!!
කිමත්ථිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M