“මහණෙනි, අධර්මය ත්, අයහපත ත් දත යුත්තේ ය. ධර්මය ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, අයහපත ත් දැන, ධර්මය ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය.
මහණෙනි, අධර්මය ත්, අයහපත ත් කුමක්ද? ප්රාණඝාතය ය, සොරකම ය, වැරදි කාම සේවනය ය, බොරු කීම ය, කේලාම් කීම ය, දරුණු වචන කීම ය, නිසරු දේ කීම ය, අන් සතු දේට ආසා කිරීම ය, ද්වේෂය ය, වැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය අධර්මය ද, අයහපත ද යැයි කියනු ලැබේ.
මහණෙනි, ධර්මය ත්, යහපත ත් කුමක්ද? ප්රාණඝාතයෙන් වැළකීම ය, සොරකමෙන් වැළකීම ය, වැරදි කාම සේවනයෙන් වැළකීම ය, බොරු කීමෙන් වැළකීම ය, කේලාම් කීමෙන් වැළකීම ය, දරුණු වචන කීමෙන් වැළකීම ය, නිසරු දේ කීමෙන් වැළකීම ය, අන් සතු දේට ආසා නැතිකම ය, අද්වේෂය ය, නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය ධර්මය ද, යහපත ද යැයි කියනු ලැබේ.
මහණෙනි, අධර්මය ත්, අයහපත ත් දත යුත්තේ ය. ධර්මය ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, අයහපත ත් දැන, ධර්මය ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ යැයි යමක් පවසන ලද්දේ ද එය කියන ලද්දේ මේ සඳහා ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම අධම්ම සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M