“මහණෙනි, ඔබට මෙතෙර ගැන ත්, එතෙර ගැන ත් පවසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි”
“එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මෙතෙර යනු කුමක්ද? එතෙර යනු කුමක්ද?”
මහණෙනි, මෙතෙර යනු වැරදි දෘෂ්ටිය ය. එතෙර යනු නිවැරදි දෘෂ්ටිය ය. ….(පෙ)….. මෙතෙර යනු වැරදි විමුක්තිය ය. එතෙර යනු නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය වනාහී මෙතෙර ය. මෙය එතෙර ය.
(ගාථා)
1. මිනිසුන් අතුරින් යම් කෙනෙක් එතෙර වූ නිවනට යන්නෝ වෙත් ද, ඔවුහු ස්වල්පයහ. එනමුදු මේ අවශේෂ මහා ජනයා සසර නම් වූ මෙතෙර ම ඔබ මොබ දිව යති.
2. යම් කෙනෙක් මැනැවින් වදාරණ ලද ධර්මය කෙරෙහි ධර්මානුකූලව හැසිරෙත් ද, ඒ ජනයෝ එතෙර නම් වූ නිවනට යති. මාරයාගේ බලප්‍රදේශය තරණය කොට එතෙර වීම ලෙහෙසි නැත.
3. නුවණැත්තා පාපී අකුසල් දහම් අත්හැර කුසල් දහම් දියුණු කළ යුත්තේ ය. ගිහි ගෙයින් නික්මී ගොස් නිකෙලෙස් බඹසරට පැමිණ යම් කාය චිත්ත විවේකයක් ඇද්ද ඒ කෙරෙහි වෙහෙසී සිත් ඇලවිය යුත්තේ ය.
4. පංච කාමයන් අත්හැර පලිබෝධ රහිත ව සිටිමින් නුවණැත්තා නිවන කෙරෙහි ඇල්ම කැමති විය යුත්තේ ය. කෙලෙසුන්ගෙන් තම සිත පිරිසිදු කළ යුත්තේ ය.
5. යමෙකුගේ සිත සම්බෝධි අංගයන් තුළ මැනැවින් දියුණුවට පත්වෙයි ද, උපාදානයන් දුරු කොට, උපාදාන රහිත වූ යම් නිවනක් ඇද්ද, එහි ඇලී සිටින නුවණින් බබලන යම් රහත්හු වෙත් ද, ඔවුහු ලෝකයෙහි පිරිනිවීමට පත්වූවාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
ඕරිමතීර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M