සැවැත් නුවර දී ය ………………
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.
“ආයුෂ්මත්නි, වැනැසුණු සිල් ඇති දුසිල් තැනැත්තා හට ‘පසුතැවිල්ල නැති බව’ යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි.
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. ගිලිහී ගිය අතුඉති ඇති, ගිලිහී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි ගැලවුණු පොතු ත් වැඩී පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට නොයයි. එසෙයින් ම ආයුෂ්මත්නි, ගිලිහී ගිය සිල් ඇති දුසිල් තැනැත්තා හට පසුතැවිල්ල නැති බව යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි.
ආයුෂ්මත්නි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට ‘පසුතැවිල්ල නැති බව’ යනු හේතු සම්පත් ඇති දෙයකි. පසුතැවිලි නැති බව ඇති කල්හී ප්රමුදිත බව ඇති වීම යනු හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ යනු හේතු සම්පත් ඇති දෙයකි.
ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. මැනැවින් වැඩී ගිය අතුඉති ඇති, මැනැවින් වැඩී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට යයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට යයි. එසෙයින් ම ආයුෂ්මත්නි, සීලයෙන් යුතු සිල්වත් තැනැත්තා හට පසුතැවිල්ල නැති බව යනු හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනය යනු හේතු සම්පත් ඇති දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය උපනිස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M