☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ අනාර්ය ව්යවහාරයෝ අටකි. ඒ කවර අටක් ද යත්;
1. නුදුටු දේ දකින ලද්දේ යැයි කියන බව ය.
2. නොඇසූ දේ අසන ලද්දේ යැයි කියන බව ය.
3. ආඝ්රාණය නොකළ දේ ආඝ්රාණය කරන ලද්දේ යැයි කියන බව ය, රස නොවිඳි දේ රස විඳින ලද්දේ යැයි කියන බව ය, පහස ලබන ලද දේ පහස නොලබන ලද්දේ යැයි කියන බව ය. (අමුතේ මුතවාදිතා)
4. සිතින් නොදැනගත් දේ සිතින් දැනගන්නා ලද්දේ ය යැයි කියන බව ය.
5. දුටු දේ නොදකින ලද්දේ යැයි කියන බව ය.
6. ඇසූ දේ නොඅසන ලද්දේ යැයි කියන බව ය.
7. ආඝ්රාණය කළ දේ ආඝ්රාණය නොකරන ලද්දේ යැයි කියන බව ය, රස විඳි දේ රස නොවිඳින ලද්දේ යැයි කියන බව ය, පහස ලබන ලද දේ පහස නොලබන ලද්දේ යැයි කියන බව ය. (මුතේ අමුතවාදිතා)
8. සිතින් දැනගත් දේ සිතින් නොදැනගන්නා ලද්දේ ය යැයි කියන බව ය.
මහණෙනි, මේ වනාහී අටක් වූ අනාර්ය ව්යවහාරයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
අනරියවෝහාර සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M