සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර අට දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී සිටියි. උත්සාහ කරයි. වෑයම් කරයි. ලාභ ලැබීම පිණිස නැගී සිටින, උත්සාහ කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. ඔහු ඒ අලාභයෙන් ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත් පැහැර හඬයි. සිහි මුලාවට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී සිටින්නේ ය, උත්සාහ කරන්නේ ය, වෑයම් කරන්නේ ය. එනමුදු ලැබීම ද නැත්තේ, ශෝකී වූයේ වැළපෙන්නේ සද්ධර්මයෙන් චුත වූයේ ය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී සිටියි. උත්සාහ කරයි. වෑයම් කරයි. ලාභ ලැබීම පිණිස නැගී සිටින, උත්සාහ කරන, වෑයම් කරන ඔහුට ලාභය උපදියි. ඔහු ඒ ලාභයෙන් මත් වෙයි. ප්‍රමාද වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී සිටින්නේ ය, උත්සාහ කරන්නේ ය, වෑයම් කරන්නේ ය, ලැබීම ද ඇත්තේ, එයින් මත් වූයේ ත්, ප්‍රමාද වූයේ ත් සද්ධර්මයෙන් චුත වූයේ ත් වේ යැයි කියනු ලැබේ.
3. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී නොසිටියි. උත්සාහ නොකරයි. වෑයම් නොකරයි. ලාභ ලැබීම පිණිස නැගී නොසිටින, උත්සාහ නොකරන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි. ඔහු ඒ අලාභයෙන් ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත් පැහැර හඬයි. සිහි මුලාවට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී නොසිටින්නේ ය, උත්සාහ නොකරන්නේ ය, වෑයම් නොකරන්නේ ය, ලැබීම ද නැත්තේ, ශෝකී වූයේ වැළපෙන්නේ සද්ධර්මයෙන් ද චුත වූයේ ය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී නොසිටියි. උත්සාහ නොකරයි. වෑයම් නොකරයි. ලාභ ලැබීම පිණිස නැගී නොසිටින, උත්සාහ නොකරන, වෑයම් නොකරන ඔහුට ලාභය උපදියි. ඔහු ඒ ලාභයෙන් මත් වෙයි. ප්‍රමාද වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී නොසිටින්නේ ය, උත්සාහ නොකරන්නේ ය, වෑයම් නොකරන්නේ ය, ලැබීම ද ඇත්තේ, එයින් මත් වූයේ ත්, ප්‍රමාද වූයේ ත් සද්ධර්මයෙන් චුත වූයේ ත් වේ යැයි කියනු ලැබේ.
5. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී සිටියි. උත්සාහ කරයි. වෑයම් කරයි. ලාභ ලැබීම පිණිස නැගී සිටින, උත්සාහ කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. ඔහු ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත් පැහැර නොහඬයි. සිහි මුලාවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී සිටින්නේ ය, උත්සාහ කරන්නේ ය, වෑයම් කරන්නේ ය. එනමුදු ලැබීම ද නැත්තේ, ශෝකී නොවූයේ නොවැළපෙන්නේ සද්ධර්මයෙන් ද චුත නොවූයේ ය යැයි කියනු ලැබේ.
6. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී සිටියි. උත්සාහ කරයි. වෑයම් කරයි. ලාභ ලැබීම පිණිස නැගී සිටින, උත්සාහ කරන, වෑයම් කරන ඔහුට ලාභය උපදියි. ඔහු ඒ ලාභයෙන් මත් නොවෙයි. ප්‍රමාද නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී සිටින්නේ ය, උත්සාහ කරන්නේ ය, වෑයම් කරන්නේ ය, ලැබීම ද ඇත්තේ, එයින් මත් නොවූයේ ත්, ප්‍රමාද නොවූයේ ත් සද්ධර්මයෙන් චුත නොවූයේ ත් වේ යැයි කියනු ලැබේ.
7. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී නොසිටියි. උත්සාහ නොකරයි. වෑයම් නොකරයි. ලාභ ලැබීම පිණිස නැගී නොසිටින, උත්සාහ නොකරන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි. ඔහු ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත් පැහැර නොහඬයි. සිහි මුලාවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී නොසිටින්නේ ය, උත්සාහ නොකරන්නේ ය, වෑයම් නොකරන්නේ ය, ලැබීම ද නැත්තේ, ශෝකී නොවූයේ නොවැළපෙන්නේ සද්ධර්මයෙන් ද චුත නොවූයේ ය යැයි කියනු ලැබේ.
8. මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයට ගිය, තමා සන්තක කිසිවක් නැති ව වසන භික්ෂුවට ලාභ ලැබීමේ ආශාවක් උපදියි. ඔහු ලාභ ලැබීම පිණිස නැගී නොසිටියි. උත්සාහ නොකරයි. වෑයම් නොකරයි. ලාභ ලැබීම පිණිස නැගී නොසිටින, උත්සාහ නොකරන, වෑයම් නොකරන ඔහුට ලාභය උපදියි. ඔහු ඒ ලාභයෙන් මත් නොවෙයි. ප්‍රමාද නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුව ලාභයට ආශාවෙන් වාසය කරන්නේ යැයි ද, ලාභය පිණිස නැගී නොසිටින්නේ ය, උත්සාහ නොකරන්නේ ය, වෑයම් නොකරන්නේ ය, ලැබීම ද ඇත්තේ, එයින් මත් නොවූයේ ත්, ප්‍රමාද නොවූයේ ත් සද්ධර්මයෙන් චුත නොවූයේ ත් වේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
ලාභිච්ඡා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M