සැවැත් නුවර දී ය …..
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති, ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ මේ පුණ්‍ය ගංගාවෝ කුසල් ගංගාවෝ අටකි. ඒ කවර අට කරුණක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ බුදුරජුන් සරණ ගියේ වෙයි. මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ පළමු වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
2. තව ද මහණෙනි, ආර්යශ්‍රාවක තෙමේ ධර්මය සරණ ගියේ වෙයි. මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ දෙවෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
3. තව ද මහණෙනි, ආර්යශ්‍රාවක තෙමේ ආර්ය සංඝයා සරණ ගියේ වෙයි. මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ තෙවෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
4. මහණෙනි, මේ පසක් වූ මහා දානයන් අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, සතුන් මැරීමෙන් වැළකී සිටින ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මහණෙනි, මේ දානය අග්‍ර යැයි දත යුතු වූ, බොහෝ කල් පැවති දෙයක් බව දත යුතු වූ, බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් වූ, පෞරාණික දෙයක් වූ, සංකීර්ණ නොවන දෙයක් වූ පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් වූ, මෙකල්හි ද බැහැර නොකරන දෙයක් වූ, අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක් වූ, නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක් වූ පළමු මහා දානය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ සිව්වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
5. මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ සොරකම අත්හැර, සොරකමින් වැළකුණේ වෙයි. මහණෙනි, සොරකමෙන් වැළකී සිටින ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මහණෙනි, මේ දානය අග්‍ර යැයි දත යුතු වූ, බොහෝ කල් පැවති දෙයක් බව දත යුතු වූ, බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් වූ, පෞරාණික දෙයක් වූ, සංකීර්ණ නොවන දෙයක් වූ පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් වූ, මෙකල්හි ද බැහැර නොකරන දෙයක් වූ, අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක් වූ, නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක් වූ දෙවෙනි මහා දානය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ පස්වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
6. මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ වැරදි කාම සේවනය අත්හැර, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, වැරදි කාම සේවනයෙන් වැළකී සිටින ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මහණෙනි, මේ දානය අග්‍ර යැයි දත යුතු වූ, බොහෝ කල් පැවති දෙයක් බව දත යුතු වූ, බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් වූ, පෞරාණික දෙයක් වූ, සංකීර්ණ නොවන දෙයක් වූ පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් වූ, මෙකල්හි ද බැහැර නොකරන දෙයක් වූ, අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක් වූ, නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක් වූ තෙවෙනි මහා දානය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ සයවෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
7. මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, බොරු කීමෙන් වැළකී සිටින ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මහණෙනි, මේ දානය අග්‍ර යැයි දත යුතු වූ, බොහෝ කල් පැවති දෙයක් බව දත යුතු වූ, බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් වූ, පෞරාණික දෙයක් වූ, සංකීර්ණ නොවන දෙයක් වූ පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් වූ, මෙකල්හි ද බැහැර නොකරන දෙයක් වූ, අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක් වූ, නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක් වූ සිව්වෙනි මහා දානය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ සත්වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
8. මහණෙනි, මෙහිලා ආර්යශ්‍රාවක තෙමේ මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය අත්හැර, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින ආර්ය ශ්රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මහණෙනි, මේ දානය අග්‍ර යැයි දත යුතු වූ, බොහෝ කල් පැවති දෙයක් බව දත යුතු වූ, බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් වූ, පෞරාණික දෙයක් වූ, සංකීර්ණ නොවන දෙයක් වූ පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් වූ, මෙකල්හි ද බැහැර නොකරන දෙයක් වූ, අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක් වූ, නුවණැති ශ්රමණබ්රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක් වූ පස්වෙනි මහා දානය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ පස්වෙනි පුණ්‍ය ගංගාව, කුසල ගංගාව මෙය යි.
මහණෙනි, සැප ලබා දෙන්නා වූ, සැප විපාක ඇති ස්වර්ගයෙහි උපත පිණිස පවතින්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ අටක් වූ පුණ්‍ය ගංගාවන්, කුසල ගංගාවන් මේවා ය.
සාදු! සාදු!! සාදු!!!
පුඤ්ඤාභිසන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M