සැවැත් නුවර දී ය …..
මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ….(පෙ)….
මහණෙනි, උපාසකයාගේ දියුණුව පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;
භික්ෂූන් දකින්නට යෑම අත් නොහරියි. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රමාද නොවෙයි. උසස් සීලයෙහි හික්මෙයි. ස්ථවිර භික්ෂූන් කෙරෙහි ත්, මධ්‍යම භික්ෂූන් කෙරෙහි ත්, නවක භික්ෂූන් කෙරෙහි ත් ප්‍රසාද බහුල වෙයි. වැරදි සොයන අදහසින් තොරව, දොස් දක්නා සිතින් තොරව බණ අසයි. මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් දිය යුතු අය නොසොයයි, මේ සසුනෙහි ම වතාවත් කරයි. මෙහි දී මුල සිට ම එක අයුරින් කටයුතු කරයි.
මහණෙනි, උපාසකයාගේ දියුණුව පිණිස මේ කරුණු සත හේතු වෙයි.
(ගාථා)
1. යම් උපාසකයෙක් වැඩූ සිත් ඇති භික්ෂූන්ගේ දැක්ම ද, ආර්ය ධර්මයෙහි ශ්‍රවණය ද පිරිහෙළයි නම්, අධිශීලයෙහි නොහික්මෙයි නම්, ….(පෙ)….
සේවනය කරන උපාසක තෙමේ සද්ධර්මයෙන් පිරිහී යයි. ….(පෙ)….
8. නොපිරිහීම පිණිස පවතින මැනැවින් දෙසන ලද මේ කරුණු සත සේවනය කරන උපාසක තෙමේ සද්ධර්මයෙන් නොපිරිහෙයි.
සාදු! සාදු!! සාදු!!!
උපාසක පරාභව සූත්‍රය නිමා විය.
තුන්වෙනි වජ්ජිසත්තක වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සාරන්දද සූත්‍රය, වස්සකාර සූත්‍රය, භික්ඛු අපරිහානීය සූත්‍ර පස, සේඛ අපරිහානීය සූත්‍රය, උපාසක පරිහානි සූත්‍රය, විපත්ති සූත්‍රය සහ පරාභව සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M