අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.10 . නිද්දසවත්ථු සුත්තං

7.1.2.10 . ගරුසරු ලැබීමට වූ කරුණු ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ගරුසරු ලැබීමට කරුණු සතකි. ඒ කවර සතක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂා සමාදන් වීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ශික්ෂා සමාදන් වීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

ධර්මාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ධර්මාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

තෘෂ්ණාව දුරු කිරීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද තෘෂ්ණාව දුරු කිරීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

භාවනාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද භාවනාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

අරඹන ලද වීරියෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද අරඹන ලද වීරියෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

මාර්ගඵලාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද මාර්ගඵලාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

මහණෙනි, මේ වනාහී ගරුසරු ලැබීමට කරුණු සත යි.

සාදු! සාදු!! සාදු!!!

නිද්දසවත්ථු සූත්‍රය නිමා විය.

දෙවෙනි අනුසය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අනුසය සූත්‍ර දෙක, කුල සූත්‍රය, පුග්ගල සූත්‍රය, උදකූපම සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, සුඛ සූත්‍රය සහ නිද්දසවත්ථු සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M