මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට අප්‍රිය වූයේ ද වෙයි. අමනාප වූයේ ද වෙයි. අගරු වූයේ ද වෙයි. අසම්භාවනීය ද වෙයි. ඒ කවර කරුණු සතකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිව්පස ලාභය ද කැමති වෙයි. සත්කාරය ද කැමති වෙයි. අවමන් නොලැබීම ද කැමති වෙයි. පවට ලැජ්ජා නැත්තේ ද වෙයි. පවට භය නැත්තේ ද වෙයි. පවිටු ආශා ඇත්තේ ද වෙයි. මිථ්‍යා දෘෂ්ටික ද වෙයි.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට අප්‍රිය වූයේ ද වෙයි. අමනාප වූයේ ද වෙයි. අගරු වූයේ ද වෙයි. අසම්භාවනීය ද වෙයි.
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට ප්‍රිය වූයේ ද වෙයි. මනාප වූයේ ද වෙයි. ගරු වූයේ ද වෙයි. සම්භාවනීය ද වෙයි. ඒ කවර කරුණු සතකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිව්පස ලාභය ද නොකැමති වෙයි. සත්කාරය ද නොකැමති වෙයි. අවමන් නොලැබීම ද නොකැමති වෙයි. පවට ලැජ්ජා ඇත්තේ ද වෙයි. පවට භය ඇත්තේ ද වෙයි. අල්පේච්ඡ වූයේ ද වෙයි. සම්‍යක් දෘෂ්ටික ද වෙයි.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට ප්‍රිය වූයේ ද වෙයි. මනාප වූයේ ද වෙයි. ගරු වූයේ ද වෙයි. සම්භාවනීය ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම පියභික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M