සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාන්ත නොවූ, ප්‍රණීත නොවූ, සංසිඳීමෙන් නොලැබූ, එකඟ බවින් නොලැබූ සමාධියකින්,
අනේකප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් අත්විඳින්නේ ය. තනි කෙනෙක් ව සිට බොහෝ අය වන්නේ ය. බොහෝ අය ව සිට තනි කෙනෙක් වන්නේ ය ….(පෙ)…. බඹලොව තෙක් කයෙන් වසඟයෙහි පවත්වන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් දිව්‍ය වූ ද, මානුෂික වූ ද, දුර වූ ද, ළඟ වූ ද, දෙආකාර වූ ශබ්දය අසන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත ඔහුගේ සිතින් පිරිසිඳ දැනගන්නේ ය. සරාගී හෝ සිත සරාගී සිතක් යැයි දැනගන්නේ ය. ….(පෙ)…. නොමිදුණු සිත නොමිදුණු සිතක් යැයි දැනගන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
අනේක ප්‍රකාරයෙන් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන්නේ ය. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාරයෙන් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැසින් සත්වයන් දකින්නේ ය ….(පෙ)…. කර්මානුරූප ව ඉපදෙන මැරෙන සත්වයන් දැනගන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව චිත්ත විමුක්තිය ….(පෙ)…. සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවේ.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාන්ත වූ, ප්‍රණීත වූ, සංසිඳීමෙන් ලැබූ, එකඟ බවින් ලැබූ සමාධියකින්,
අනේකප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් අත්විඳින්නේ ය. තනි කෙනෙක් ව සිට බොහෝ අය වන්නේ ය. බොහෝ අය ව සිට තනි කෙනෙක් වන්නේ ය ….(පෙ)…. බඹලොව තෙක් කයෙන් වසඟයෙහි පවත්වන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් දිව්‍ය වූ ද, මානුෂික වූ ද, දුර වූ ද, ළඟ වූ ද, දෙආකාර වූ ශබ්දය අසන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත ඔහුගේ සිතින් පිරිසිඳ දැනගන්නේ ය. සරාගී හෝ සිත සරාගී සිතක් යැයි දැනගන්නේ ය. ….(පෙ)…. නොමිදුණු සිත නොමිදුණු සිතක් යැයි දැනගන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
අනේක ප්‍රකාරයෙන් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන්නේ ය. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාරයෙන් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැසින් සත්වයන් දකින්නේ ය ….(පෙ)…. කර්මානුරූප ව ඉපදෙන මැරෙන සත්වයන් දැනගන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව චිත්ත විමුක්තිය ….(පෙ)…. සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M