අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.2.1. පඨම සාරාණීයසුත්තං

6.1.2.1. සිහි කළ යුතු දේ ගැන වදාළ පළමු දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමේ භික්ඛවේ ධම්මා සාරාණීයා. කතමේ ඡ:

මහණෙනි, මේ සිහි කළ යුතු කරුණු සයකි. ඒ කවර සයක් ද යත්;

(1) ඉධ භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං කායකම්මං පච්චුප්පට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත කායික ක්‍රියාවන් හොඳින් පිහිටියේ වෙයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

(2) පුන ච පරං භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං වචීකම්මං පච්චුප්පට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ.

2. තව ද මහණෙනි, භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත වචන භාවිතය හොඳින් පිහිටියේ වෙයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

(3) පුන ච පරං භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ.

3. තව ද මහණෙනි, භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත සිතුවිලි හොඳින් පිහිටියේ වෙයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

(4) පුන ච පරං භික්ඛවේ භික්ඛු යේ තේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපේහි ලාභේහි අප්පටිවිභත්තභෝගී හෝති, සීලවන්තේහි සබ්‍රහ්මචාරීහි සාධාරණභෝගී. අයම්පි ධම්මෝ සාරාණීයෝ.

4. තව ද මහණෙනි, භික්ෂුවක් ධාර්මික ව දැහැමින් ලද යම් ඒ ලාභයන් ඇද්ද, අඩුගණනේ තම පාත්‍රයට ලැබුණු යමක් ඇද්ද, එබඳු වූ ලද දෙයක් සම සේ බෙදා වළඳන සුළු වූයේ වෙයි. සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සැමට සාධාරණ ව බෙදා වළඳන සුළු වූයේ වෙයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

(5) පුන ච පරං භික්ඛවේ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානී, තථාරූපේහි සීලේහි සීලසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච, අයම්පි ධම්මෝ සාරාණීයෝ.

5. තව ද මහණෙනි, භික්ෂුවක් යම් ඒ සිල්පද ඇද්ද, කඩ නොවූ ත්, සිදුරු නොවූ ත්, කැලැල් නොවූ ත්, පැල්ලම් නොවූ ත්, තෘෂ්ණාදාස බවට පත් නොවූ ත්, නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන්නා වූ ත්, දෘෂ්ටි ග්‍රහණයට හසු නොවූ ත්, සමාධිය පිණිස පවතින්නා වූ ත් සිල්පද ඇද්ද, එබඳු වූ සීලයෙන් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

(6) පුන ච පරං භික්ඛවේ භික්ඛු යායං දිට්ඨි අරියා නීය්‍යාණිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ.

6. තව ද මහණෙනි, භික්ෂුවක් යම් දෘෂ්ටියක් ආර්ය වෙයි ද, නිවන පිණිස පවතියි ද, එයින් යුක්ත වූවහුට මැනැවින් දුක් ගෙවා යයි නම්, එබඳු වූ දෘෂ්ටියකින් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද සිහි කළ යුතු කරුණකි.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මා සාරාණීයාති.

මහණෙනි, මේ වනාහී සය වැදෑරුම් සාරාණීය ධර්මයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම සාරාණීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M